TPFC ආරම්භයේ දී සාන්ත ජෝසප් විදුහලට විශිෂ්ට ජයක්

268

ගාල්ල මහින්ද විද්‍යාලය ගෝල 5-1ක් ලෙස පරාජය කරමින් 2018 ThePapare පාපන්දු ශූරතා තරගාවලියේ (TPFC) මංගල තරගයේ ජය හිමි කර ගැනීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය. තරගය කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්විය.  

ශ්‍රී ලංකාව හා මලයාසියාව අතර සුහද පාපන්දු තරගයක් ළඟදීම

ශ්‍රී ලංකා පිරිමි පාපන්දු කණ්ඩායම එළඹෙන ඔක්තෝබර් 12 වැනිදා කොළඹ සුගතදාස …

කණ්ඩායම් දෙකම මදක් අස්ථාවර වූ අතර කණ්ඩායම් දෙකම දඬුවම් පහර බැගින් අතපසු කර ගැනීම විශේෂත්වයක් විය.

මහින්ද ආරක්ෂකයින් පසු කරමින් යොමු වූ පන්දුවක් දක්ෂ ලෙස ගෝල රකින්නා පසු කර දැල වෙත යොමු කරමින් ජාතික කණ්ඩායම ද නියෝජනය කරන අසේල මදුශාන් පළමු සාන්ත ජෝසප් ගෝලය වාර්තා කිරීමට සමත් විය.

12 වන මිනිත්තුවේ දී මහින්ද කණ්ඩායමට අනගි අවස්ථාවක් හිමි වූ නමුත් මහින්ද ඉදිරිපෙළ ක්‍රීඩකයෙකුගේ ප්‍රහාරය සාන්ත ජෝසප් ගෝල රකින්නා, මාර්ෂල් කොඩිකාර අලංකාර ලෙස වැළැක්වීමට සමත් විය.

17 වන මිනිත්තුවේ දී හරස් පන්දු යොමු කිරීමක් උපයෝගී කර ගනිමින් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සිය දෙවන ගෝලය වාර්තා කළ අතර කාලය අපතේ නොයැවූ ඔවුන් ඉතා ඉක්මනින් ලකුණු පුවරුව 3-0ක් බවට පත් කළේ ඩී. දුල්ශාන්ගේ පාදයෙන් තවත් ගෝලයක් වාර්තා කරමිනි.

සෑහෙන වේලාවක් ගෝලයක් සඳහා උත්සහ කළ මහින්ද ක්‍රීඩකයින්ට 36 වන මිනිත්තුවේ දී අවස්ථාවක් හිමි වූ අතර එස්. යශ්මිල සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ගෙන් පන්දුව ලබාගෙන ඉතා දක්ෂ ලෙස දැල තුළට යොමු කළේ පළමු මහින්ද ගෝලය ලෙසයි.

ඒ ගෝලයෙන් පසු මහින්ද ක්‍රීඩකයින් සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට ප්‍රබල ආක්‍රමණයක් එල්ල කළත් අසේල මදුශාන්ගේ නිදහස් පහරක් නැවැත්වීමට මහින්ද ගෝල රකින්නා ටී. පවන් අසමත් වීමත් සමඟ සාන්ත ජෝසප් විද්‍යාලය තරගයේ පළමු අර්ධය අවසන් කළේ ගෝල 4-1ක් ලෙසයි.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 04 – 01 මහින්ද විද්‍යාලය

අසේල මදුශාන්ට සිය ගෝල ත්‍රිත්වය සම්පුර්ණ කර ගැනීමට තවත් අවස්ථා ද්විත්වයක් හිමි වුනත් පළමු අවස්ථාව දැල් රකින ක්‍රීඩක පවන් අහිමි කළ අතර 68 වන මිනිත්තුවේ දී උදා වූ දෙවන අවස්ථාව ඔහුට නිසි ඉලක්කයට එල්ල කර ගැනීමට නොහැකි විය.

>> ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

සාන්ත ජෝසප් විද්‍යාලයට තරගයේ පළමු දඬුවම් පහර හිමි වූ අතර ජේසන් ප්‍රනාන්දුගේ උත්සාහය ගුවනේ පාවී ගිය පවන් දක්ෂ ලෙස වැළැක්වීමට සමත් විය.

65 වන මිනිත්තුවේ දී මහින්ද විද්‍යාලයට දඬුවම් පහරක් හිමි වූ අතර කේ. ගිම්හානගේ උත්සාහය ගෝල රාමුවේ වැදී ගෝල රකින්නා රැකගත්තේ පහසු අවස්ථාවක් අපතේ යවමිනි.

චෝදනාවක් මත, රොනාල්ඩෝ පෘතුගාල කණ්ඩායමෙන් ඉවතට

ලොව සුපිරිතම පාපන්දු ක්‍රීඩකයන් දෙදෙනාගෙන් කෙනෙකු සේ සැලකෙන පෘතුගාල ජාතික …

85 වන මිනිත්තුවේ දී දෙවන අර්ධයේ වාර්තා වූ එකම ගෝලය වාර්තා කිරීමට සාන්ත ජෝසප් කණ්ඩායමේ සේනාල් සංදේශ් සමත් වූයේ සිය කණ්ඩායමේ පස් වන ගෝලය වාර්තා කරමිනි.

අවසන් ලකුණු තත්වය: සාන්ත ජෝසප් විද්‍යාලය 05 – 01 මහින්ද විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – අසේල මදුශාන් (සාන්ත ජෝසප්)

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • සාන්ත ජෝසප් විද්‍යාලය – අසේල මදුශාන් 5’, 40’ , චමත් රශ්මිත 17’, ඩි. දුල්ශාන් 29’, සේනාල් සංදේශ් 85’
  • මහින්ද විද්‍යාලය – එස්. යශ්මිල 36’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<