ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලිය අද (24) නිමා වූයේ ගාලු ක්‍රීඩකයන්ට ජයග්‍රහණයට පාර සකසමිනි.
ගාලු ක්‍රීඩකයෝ තරගාවලිය පුරා ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු සතියේ සිටම ඉදිරියෙන් සිටීම කැපී පෙණුන අතර ඔවුන් තරගාවලිය නිමා කළේ සෑම තරගයක දී ම පළමු ඉනිමේ ප්‍රසාද ලකුණු ලබා ගනිමිනි. ඒ අනුව ඔවුන් ලබා ගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 38.04කි.
තෙවැනි දිනය උපුල් තරංග නමින් ලියැවේ
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලියේ අවසන් සතියේ..
ප්‍රසාද ලකුණු පුවරුවේ අවසන් ස්ථානයේ සිටි කොළඹ ක්‍රීඩකයන්ට එරෙහිව කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරගාවලියේ එකම ජයග්‍රහණය වාර්තා කිරීමට දඹුල්ල ක්‍රීඩකයෝ අද සමත් වූවද, තරගාවලියේ ජයග්‍රහණය ලබා ගැනීමට තරම් එම ජයග්‍රහණය ප්‍රමාණවත් වූයේ නැත. ප්‍රසාද ලකුණු 35.525ක් ලබා ගත් ඔවුන්ට හිමි වූයේ අනුශූරතාවය යි.
දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වූයේ නුවර කණ්ඩායම නියෝජනය කරන පැතුම් නිශ්ශංක ය. තවමත් 19 වැනි වියේ පසුවන මේ දකුණත් පිතිකරුවා අද රැස් කළ ලකුණු ප්‍රමාණය නොදැවී 188කි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 226ක් වැය කළ අතර ඊට හතරේ පහර 20ක් සහ හයේ පහර 3ක් ඇතුලත් කළේය.
සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
ගාල්ල කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර පැවැත්වුන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 425ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් නුවර ක්‍රීඩකයෝ රැස් කළේ ලකුණු 185ක් පමණි.
ලකුණු 240ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 306ක් රැස් කළහ. ඒ අනුව නුවර ක්‍රීඩකයන්ගේ ඉලක්කය වූයේ ලකුණු 547කි. තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරද්දී නුවර ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණ 363ක් ලබා සිටිය හ.
රාශිඩ්, තමීම් හා ශකිබ් ලෝක ක්‍රිකට් කණ්ඩායමට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළින්ම සිටින ඇෆ්ගනිස්තානයේ..
තරගයේ සිව්වැනි දිනය ආරම්භ වී ලකුණු 8ක් ලකුණු පුවරුවට එක් වෙද්දී ඉනිම අත්හිටුවීමට ගාල්ල ක්‍රීඩකයෝ කටයුතු කළහ. පෙර දිනයේ ලකුණු 88ක් ලබා සිටි රොෂේන් සිල්වාට අද රැස් කර ගත හැකි වූයේ එක් ලකුණක් පමණි.
කඩුලු බිඳ හෙළීමේ දී චාමික කරුණාරත්න ලකුණු 63කට කඩුලු 5ක් බිඳ හෙළමින් දක්ෂතා දැක්විය.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි නුවර කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 188ක් ලබා ගනිමින් කැපී පෙණෙන ඉනිමක් දියත් කළේය. ඔහු වමත් පිතිකරු චරිත් අසලංක සමඟ එක් වෙමින් දෙවැනි කඩුල්ලට ලකුණු 146ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් විය. චරිත් පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තේය.
අනතුරුව පැතුම්, නිරෝෂන් දික්වැල්ල සමඟ ද එක් වෙමින් සිව්වැනි කඩුල්ලට නොදැවුණු ලකුණු 132ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් විය. දික්වැල්ල පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 56ක් ලබා ගත්තේය.
දැවී ගිය කඩුලු 3 නිසල තාරක, නිශාන් පීරිස් සහ ලහිරු මිලන්ත අතර බෙදී ගියහ.
ගාල්ල කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 425 (120.3) මාධව වර්ණපුර 66, සධීර සමරවික්‍රම 40, රොෂේන් සිල්වා නොදැවී 168, දසුන් ශානක 90, ලහිරු සමරකෝන් 2/87, ප්‍රභාත් ජයසූරිය 4/116, චරිත් අසලංක 3/31
නුවර කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 185 (41.2) මහේල උඩවත්ත 27, චරිත් අසලංක 18, නිරෝෂණ දික්වැල්ල 39, චාමික කරුණාරත්න 20, ඉසුරු උදාන 35, නිසල තාරක 2/47, නිශාන් පීරිස් 6/67, චතුරංග ද සිල්වා 2/29
ගාල්ල කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 306 (73.5) උපුල් තරංග 103, රොෂේන් සිල්වා 89, නිසල තාරක 18, ලහිරු සමරකෝන් 2/56, චාමික කරුණාරත්න 5/63
නුවර කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 363 (81.0) පැතුම් නිශ්ශංක නොදැවී 188, චරිත් අසලංක 62, ඇන්ජලෝ මැතිව්ස් 23, නිරෝෂණ දික්වැල්ල නොදැවී 56
ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ කාලසටහන නිකුත් කෙරේ
2019 වසරේ පෙබරවාරි-මාර්තු මාසවල දී ශ්‍රී ලංකා කණ්ඩයම ටෙස්ට් තරග දෙකක්..
දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය
කොළඹ සහ දඹුල්ල අතර පැවති මෙම තරගයේ කොළඹ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලබාගත් ලකුණු 210ට අමතරව දෙවැනි ඉනිමේ දී ලකුණු 351ක් ලබා ගත්හ.
දඹුලු ක්‍රීඩකයෝ පිළිතුරු ලෙසින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 359ක් රැස් කර ගත් අතර තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් දෙවැනි ඉනිමේ දී ලකුණු 203ක් ලබා ගත යුතුව තිබුණි. එම ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී ලබා ගැනීමට ඔවුන් සමත් වූහ.
තරගයේ සිව්වැනි දිනය තීරණාත්මක වූවද ඔවුන්ට ජයග්‍රහණය පිළිබඳව තිබුණේ අචල විශ්වාසයකි. ඒ තරගයේ තෙවැනි දිනය නිමාවේ දී ද ඔවුන් ලකුණු 43ක් කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටී හේතුවෙනි. දිනය ආරම්භ වී ලකුණු පුවරුවට ලකුණු 21ක් එක්වෙද්දී පළමු කඩුල්ල ලෙසින් දිමුත් කරුණාරත්න (19) දැවී ගියේය.
අන්තර් පළාත් එක්දින තරගාවලියට ප්‍රබලයින් රැසක්
රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලියේ…
ඒ හා සමඟම තවත් කඩුලු 2ක් ලකුණු 8ක් තුළ බිඳ හෙළීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් වූහ. නමුත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ කුසල් මෙන්ඩිස් සහ සචිත්‍ර සේරසිංහ ලකුණු 84ක සබඳතාවක් එක් කළහ. කුසල් මෙන්ඩිස් පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තේය.
ඊට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළ සචිත්‍ර සේරසිංහ පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තේය.
කඩුලු ලබා ගැනීමේ දී තික්ෂිල ද සිල්වා ලකුණු53කට කඩුලු 3ක් ලබා ගත් අතර ඩිලේශ් ගුණරත්න සහ තිසර පෙරේරා කඩුල්ල බැගින් දවා ගත්හ.
කොළඹ කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (64.2) ෂෙහාන් ජයසූරිය 23, වනිඳු හසරංග 52, ලසිත් අබේරත්න 85, අසිත ප්‍රනාන්දු 2/46, ලහිර මධුශංක 5/43
දඹුල්ල කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 359 (84.2) කුසල් මෙන්ඩිස් 24, කුසල් ජනිත් පෙරේරා 85, මනෝජ් සරත්චන්ද්‍ර 103, සචිත්‍ර සේනානායක 31, ජෙෆ්රි වැන්ඩර්සේ 40, ඩිලේශ් ගුණරත්න 4/68, තික්ෂිල ද සිල්වා 2/57, ෂෙහාන් ජයසූරිය 2/30, ලක්ෂාන් සඳකැන් 2/77
කොළඹ කණ්ඩායම; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 351 (80.1) කෞෂාල් සිල්වා 38, ෂෙහාන් ජයසූරිය 77, ලහිරු තිරිමාන්න 52, දිනේෂ් චන්දිමාල් 44, වනිඳු හසරංග 52, සචිත්‍ර සේනානායක 2/78, ජෙෆ්රි වැන්ඩර්සේ 4/101
දඹුල්ල කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 205 (48.0) කුසල් මෙන්ඩිස් 62, දිමුත් කරුණාරත්න 19, සචිත්‍ර සේරසිංහ 55, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 27, තික්ෂිල ද සිල්වා 3/53




















