අන්තර් පළාත් එක්දින තරගාවලියට ප්‍රබලයින් රැසක්

2431

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලියේ පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය මැයි මස 2 වැනිදා සිට මැයි මස 20 වැනිදා දක්වා පැවැත්වෙන අතර එහි අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙනු ඇත.

මනෝජ් සහ නිශාන් දෙවැනි දිනය වර්ණවත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සුපර් 4 ක්‍රිකට් තරගාවලියේ අවසන් සතියේ දෙවැනි දිනය (22)….

එහි සිව්දින ක්‍රිකට් තරගාවලිය මේ දිනවල සාර්ථකව පැවැත්වෙන අතර ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම තරගාවලියට පසුව සීමිත පන්දුවාර තරගාවලිය පැවැත්වීමට තීරණය කර ඇත්තේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසු දක්ෂයින් තෝරා ගැනීමේ අරමුණෙනි.

පසුගිය වසරේ දී ද ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර මෙවන් ආකාරයකම දේශීය ක්‍රිකට් තරගාවලියක් පැවැත්වූ අතර එහි ශූරතාවය දිනා ගත්තේ නායක දිනේෂ් චන්දිමාල් ප්‍රමුඛ කොළඹ කණ්ඩායමයි. මෙවර තරගාවලිය නියෝජනය කරනු ලබන මහනුවර, ගාල්ල හා දඹුල්ල යන කණ්ඩායම් හි නායකත්වය පිළිවෙළින් ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග හා කුසල් ජනිත් පෙරේරා හට ලබා දී ඇත.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මූලික එක්දින සංචිතයේ සිටින ක්‍රීඩකයින් 23-24 ඇතුළත සිටින ක්‍රීඩකයින් ද මෙම ක්‍රිකට් තරගාවලියේ ඒ ඒ කණ්ඩායම් නියෝජනය කරනු ලබන සංචිතවලට ඇතුළත් කර ඇති අතරම එහි සිටින ක්‍රීඩකයින් කිහිප දෙනෙකු හට මේ තරගාවලියට සහභාගී වීමට නොහැකි වන්නේ ඔවුන් ආබාධවලට ලක්ව සිටින නිසාවෙනි.

සුපිරි පළාත් තරගාවලියෙන් ක්‍රීඩකයින්ට ජාතික වරම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සංවිධාන ශක්තියෙන් දියත් කරනු ලබන “2018 සුපිරි සිව්දින…

පසුගිය තරගාවලි කිහිපයක් පුරාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වීමට වරම් නොලද ලසිත් මාලිංග මේ තරගාවලියේ දඹුල්ල කණ්ඩායමේ සංචිතයට ඇතුළත් කර ඇත. මාලිංග මේ වන විට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ තරග වදිනු ලබන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේගපන්දු උපදේශක ලෙස කටයුතු කරනු ලැබේ.

මෙම තරගාවලියේ සජීවී තරග විකාශන, නවතම තොරතුරු, වීඩියෝ, ඡායාරූප හා තරග වාර්තා ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම් රැඳී සිටින්න.

සංචිත

කොළඹ –  දිනේෂ් චන්දිමාල් (නායක), තිසර පෙරේරා (උප නායක), දනංජය ද සිල්වා, ෂෙහාන් ජයසූරිය, ලහිරු තිරිමාන්න, දිල්හාන් කුරේ, චාමර සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ඩිල්ශාන් මුණවීර, ලසිත් අබේරත්න, වනිඳු හසරංග, සමිත් දුෂ්‍යන්ත, සචින්ත පීරිස්, ලසිත් ඇඹුල්දෙනිය, නිසල් ෆ්‍රැන්සිස්කො, තික්ෂිල ද සිල්වා, ලක්ෂාන් සඳකැන්, විකුම් සංජය, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, කවිෂ් අංජුල, කමිඳු මෙන්ඩිස්, නිපුන් මාලිංග, චරිත් සේනානායක (කළමනාකරු), අවිශ්ක ගුණවර්ධන (පුහුණුකරු).

ගාල්ල – උපුල් තරංග (නායක), දසුන් ශානක (උප නායක), භානුක රාජපක්ෂ, සුරංග ලක්මාල්, ඉරෝෂ් සමරසූරිය, ලහිරු මිලන්ත, චතුර රන්දුනු, ජනිත් ලියනගේ, ඇන්ඩි සොලමන්ස්, දේශාන් ඩයස්, සිකුගේ ප්‍රසන්න, සම්මු අශාන්, සධීර සමරවික්‍රම, අකිල ධනංජය, මාධව වර්ණපුර, මොහොමඩ් ඩිල්ශාඩ්, මාලින්ද පුෂ්පකුමාර, නිසල තාරක, නිශාන් පිරිස්, දනංජය ලක්ෂාන්, අශේන් බණ්ඩාර, ෂෙහාන් ප්‍රනාන්දු, වරුණ වරාගොඩ (කළමනාකරු), හෂාන් තිලකරත්න (පුහුණුකරු).

නිදහස් කුසලානයේ හැසිරීම් පිළිබඳව නැවතත් කරළියට

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය දිනෙන් දින අපකීර්තිමත් තත්වයට පත්වන ජාත්‍යන්තර ක්‍රීඩාංගණ.

මහනුවර – ඇන්ජලෝ මැතිව්ස් (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), ප්‍රියමාල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ප්‍රභාත් ජයසූරිය, අසේල ගුණරත්න, තරංග පරණවිතාන, අවිශ්ක ප්‍රනාන්දු, මිනෝද් භානුක, ප්‍රමෝද් මදුශාන්, චාමර කපුගෙදර, අදිශ නානායක්කාර, ජීවන් මෙන්ඩිස්, ලහිරු කුමාර, රමේෂ් මෙන්ඩිස්, මහේල උඩවත්ත, සචිත් පතිරණ, කසුන් රාජිත, නිපුන කාරියවසම්, පැතුම් නිස්සංක, ඉසුරු උදාන, ජෙහාන් ඩැනියල්, හසිත බෝයගොඩ, මලින්ද වර්ණපුර (කළමනාකරු), පියල් විජේතුංග (පුහුණුකරු).

දඹුල්ල – කුසල් ජනිත් පෙරේරා (නායක), මිලින්ද සිරිවර්ධන (උප නායක), ලසිත් මාලිංග, දිමුත් කරුණාරත්න, නිපුන් කරුණානායක, ටී. එම්. සම්පත්, කුසල් මෙන්ඩිස්, සචිත්‍ර සේරසිංහ, ලහිරු ගමගේ, සංගීත් කුරේ, ඩී. ඒ. රත්නායක, අශාන් ප්‍රියන්ජන්, මහේෂ් ප්‍රියදර්ශන, ලහිරු මදුසංක, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ, සචිත්‍ර සේනානායක, කෝසල කුලසේකර, සහන් රත්නායක, ශෙහාන් මදුසංක, අමිල අපොන්සු, රුවිඳු ගුණසේකර, නිශාන් මධුෂ්ක, රශ්මික ඩිල්ශාන්,  විනොතන් ජෝන් (කළමනාකරු), සුමිත්‍ර වර්ණකුලසුරිය (පුහුණුකරු).

තරග කාලසටහන

මැයි 2 වැනිදා

  • දඹුල්ල හා කොළඹ – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය (සජීවී විකාශන තරගය)
  • මහනුවර හා ගාල්ල – පී. සරා ක්‍රීඩාංගණය

මැයි 5 වැනිදා

  • මහනුවර හා කොළඹ – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය (සජීවී විකාශන තරගය)
  • ගාල්ල හා දඹුල්ල – කොළඹ ක්‍රිකට් සමාජ පිටිය

මැයි 8 වැනිදා

  • ගාල්ල  හා කොළඹ – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය (සජීවී විකාශන තරගය)
  • දඹුල්ල හා මහනුවර – පී. සරා ක්‍රීඩාංගණය

තියුණු සටනකින් සාන්ත පීතර ක්‍රීඩකයින් අවසන් සටනට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ….

මැයි 11 වැනිදා

  • මහනුවර හා ගාල්ල – පී. සරා ක්‍රීඩාංගණය (සජීවී විකාශන තරගය)
  • දඹුල්ල හා කොළඹ – කොළඹ ක්‍රිකට් සමාජ පිටිය

මැයි 14 වැනිදා

  • ගාල්ල හා දඹුල්ල  – පී. සරා ක්‍රීඩාංගණය (සජීවී විකාශන තරගය)
  • මහනුවර හා කොළඹ – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය

මැයි 17 වැනිදා

  • දඹුල්ල හා මහනුවර – පී. සරා ක්‍රීඩාංගණය (සජීවී විකාශන තරගය)
  • ගාල්ල  හා කොළඹ – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය

මැයි 20 වැනිදා

  • අවසන් මහා තරගය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය (දිවා/රාත්‍රී) (සජීවී විකාශන තරගය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<