ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේ කාලසටහන නිකුත් කෙරේ

1648

2019 වසරේ පෙබරවාරි-මාර්තු මාසවල දී ශ්‍රී ලංකා කණ්ඩයම ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 5ක් හා විස්සයි විස්ස තරග 3ක් සඳහා දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට නියමිතයි. ඒ සඳහා වන තරග කාලසටහන අද (23) දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එළිදක්වනු ලැබීය.

නිදහස් කුසලානයේ හැසිරීම් පිළිබඳව නැවතත් කරළියට

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය දිනෙන් දින අපකීර්තිමත් තත්වයට පත්වන ජාත්‍යන්තර ක්‍රීඩාංගණ.

පෙබරවාරි මස මැද භාගයේ ටෙස්ට් තරග දෙකෙන් තරගාවලිය ආරම්භ වන අතර පළමු ටෙස්ට් තරගය ඩර්බන්හි දීත්, දෙවන ටෙස්ට් තරගය පොර්ට් එලිසබත්හි දීත් පැවැත්වීමට නියමිතය.

අවසාන වරට ශ්‍රී ලංකා කණ්ඩයමක් දකුණු අප්‍රිකාවේ සංචාරය කළේ 2016-17 වසරවල දී වූ අතර දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස හා එක්දින තරගාවලිය 5-0ක් ලෙසත් ජය ගනිද්දී, ශ්‍රී ලංකා කණ්ඩයම විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට සමත් විය.

“අපි බොහොම උද්යෝගයෙන්, කැමැත්තෙන් දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත තරගාවලිවල සම්පූර්ණ කාලසටහන එළිදක්වනවා”, දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක තබාන්ග් මොරෝයි (Thabang Moroe) පැවසිය.

දකුණු අප්‍රිකානු කණ්ඩයම ටෙස්ට් හා එක්දින ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ රැඳී සිටින අතර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල සයවැනි ස්ථානයේ රැඳී සිටි.

අසංක ගුරුසිංහට වැඩි බලයක් සමඟින් අලුත්ම තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ ඉහළ දස්කම් කළමනාකරු ලෙස කටයුතු කළ එංගලන්ත ජාතික සයිමන් විල්ස් …

දකුණු අප්‍රිකානු කණ්ඩයම මේ වසරේ ජූලි-අගෝස්තු මාසවල දී ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 5ක් හා එක් විස්සයි විස්ස තරගයක් සඳහා මෙරට සංචාරයේ යෙදීමට නියමිතයි.

සම්පූර්ණ කාලසටහන

  • පළමු ටෙස්ට් තරගය  – පෙබරවාරි  13-17 – කින්ග්ස්මිඩ්, ඩර්බන්
  • දෙවන ටෙස්ට් තරගය  – පෙබරවාරි  21-25 – ජෝර්ජ් පාක්, පොර්ට් එලිසබත්

 

  • පළමු එක්දින තරගය – මාර්තු  3 – වොන්ඩරර්ස්, ජොහැනස්බර්ග් (දිවා)
  • දෙවැනි එක්දින තරගය – මාර්තු 6 – සුපර්ස්පෝර්ට් පාක්, සෙන්චුරියන් (දිවා/රාත්‍රී)
  • තෙවැනි එක්දින තරගය – මාර්තු 10 – කින්ග්ස්මිඩ්, ඩර්බන් (දිවා)
  • සිව්වැනි එක්දින තරගය – මාර්තු 13 – ජෝර්ජ් පාක්, පොර්ට් එලිසබත් (දිවා/රාත්‍රී)
  • පස්වැනි එක්දින තරගය – මාර්තු 16 – නිව්ලන්ඩ්ස්, කේප් ටවුන් (දිවා/රාත්‍රී)

 

  • පළමු විස්සයි විස්ස තරගය  – මාර්තු 19 – නිව්ලන්ඩ්ස්, කේප් ටවුන් (දිවා/රාත්‍රී)
  • දෙවන විස්සයි විස්ස තරගය  – මාර්තු 22 – සුපර්ස්පෝර්ට් පාක්, සෙන්චුරියන් (දිවා/රාත්‍රී)
  • තෙවන විස්සයි විස්ස තරගය  – මාර්තු 24 – වොන්ඩරර්ස්, ජොහැනස්බර්ග් (දිවා)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<