Home Sinhala Giants සහ Gladiators සටන වැස්සට සේදේ

Giants සහ Gladiators සටන වැස්සට සේදේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

320

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගය Dambulla Giants සහ Galle Gladiators කණ්ඩායම් අතර අද (10) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

අයහපත් කාලගුණ තත්වය නිසාවෙන් තරගය ප්‍රතිඵලයක් රහිතව නිමා වූ නිසා කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වුනා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

Galle Gladiators: 1 Kusal Mendis, 2 Danushka Gunathilaka, 3 Mohammad Hafeez, 4 Ben Dunk (wk), 5 Bhanuka Rajapaksa, 6 Samit Patel, 7 Lahiru Madushanka, 8 Dhananjaya Lakshan, 9 Suminda Lakshan, 10 Noor Ahmad, 11 Nuwan Thushara

Dambulla Giants: 1 Phil Salt, 2 Niroshan Dickwella (wk), 3 Dilshan Munaweera, 4 Sohaib Maqsood, 5 Najibullah Zadran, 6 Dasun Shanaka (capt), 7 Chamika Karunaratne, 8 Ramesh Mendis, 9 Tharindu Ratnayake, 10 Nuwan Pradeep, 11 Imran Tahir

කාසියේ වාසිය දිනා ගත් Giants නායක දසුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර කණ්ඩායම් දෙකම කිසිදු වෙනස්කමක් සිදු නොකරමින් මේ තරගයට පැමිණියේ ජයග්‍රාහී රිද්මයක් ඇතිවයි.

Salt සහ දික්වැල්ල සුපුරුදු පරිදි Giants කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 20ක් සහ 30ක් ලබා ගත්තා.

කෙසේ වෙතත් සුපුරුදු පරිදි Giants කණ්ඩායමේ මැදපෙළ කඩුලු 4ක් ලකුණු 18ක් තුල බිඳ වැටීම නිසා මැද පන්දුවාර කිහිපය තුල ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ රිද්මය තරමක් අඩාල වුනා. 16 හැවිරිදි දඟපන්දු යවන Noor Ahmad ඉතාමත් යැවීම සිදු කළ අතර ඒ අවස්ථාව තුල ගොඩනැංවුණු පීඩනය නිසාවෙන් ඔවුන්ගේ එම කඩුලු බිඳ වැටීමේ වේගය තවත් වැඩි වුනා.

අවසානයේ දී රමේෂ් මෙන්ඩිස් සහ දසුන් ශානක පන්දු 38ක් තුල ලකුණු 45ක සබඳතාවයක් ගොඩනංවමින් 6 වැනි  සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූ අතර එය මේ තරගයේ දී ඔවුන්ගේ ඉනිම තුල වාර්තා වූ හොඳම සබඳතාවය බවට පත්වුනා.

එහි ප්‍රතිඵලයක් ලෙස අවසන් පන්දුවාර 5 තුල කඩුලු 2ක් බිඳ වැටී ලකුණු 55ක් ලබා ගැනීමට Giants සමත් වුනු නිසා පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 159ක ඉලක්කයක් වෙත යාමට ඔවුන්ට හැකියාව ලැබුණා.

රමේෂ් සහ ශානක ගොඩනැංවූ සබඳතාවයට අමතරව ඩිල්ශාන් මුණවීර සහ දික්වැල්ල දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31ක් තුල ලකුණු 40ක සබඳතාවයක් ගොඩනැංවූවා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු නායක දසුන් පන්දු 32ක දී ලකුණු 37ක් ලබා ගත්තේ 4 පහර 3ක් සහ 6 පහරක් එල්ල කරමින්.

පන්දු යැවීමේ දී තුෂාර සහ Noor කඩුලු දෙක බැගින් දවා ගන්නා විට, Patel, ධනංජය ලක්ෂාන් සහ Hafeez අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටි Gladiators වෙනුවෙන් මෙන්ඩිස් සහ ගුණතිලක පන්දු 10ක් තුල සාර්ථක ලකුණු 18ක සබඳතාවයක් ගොඩනංවමින් සිටිය දී තරගයට දැඩි වර්ෂාව පතිත වුනු අතර සවස 6.30 පමණ දක්වා වර්ෂාව පැවති නිසා තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම විඳගන්න රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<

Result


Dambulla Aura
159/7 (20)

Galle Gladiators
18/0 (1.2)

Batsmen R B 4s 6s SR
Niroshan Dickwella st Ben Dunk b Noor Ahmad 30 22 4 0 136.36
Phil Salt c Kusal Mendis b Nuwan Thushara 20 12 4 0 166.67
Dilshan Munaweera, c Dhananjaya Lakshan b Mohammad Hafeez 12 13 1 0 92.31
Sohaib Maqsood c Samit Patel b Noor Ahmad 5 8 0 0 62.50
Najibullah Zadran b Noor Ahmad 0 3 0 0 0.00
Dasun Shanaka c Suminda Lakshan b Dhananjaya Lakshan 37 32 3 1 115.62
Ramesh Mendis not out 33 23 2 1 143.48
Chamika Karunaratne c Suminda Lakshan b Nuwan Thushara 13 5 1 1 260.00
Tharindu Rathnayake not out 2 2 0 0 100.00


Extras 7 (b 0 , lb 3 , nb 0, w 4, pen 0)
Total 159/7 (20 Overs, RR: 7.95)
Fall of Wickets 1-21 (2.1) Phil Salt, 2-61 (7.2) Dilshan Munaweera,, 3-65 (8.1) Niroshan Dickwella, 4-65 (8.4) Najibullah Zadran, 5-79 (11.2) Sohaib Maqsood, 6-124 (17.4) Dasun Shanaka, 7-144 (18.6) Chamika Karunaratne,

Bowling O M R W Econ
Nuwan Thushara 3 0 24 2 8.00
Lahiru Madushanka 1 0 19 0 19.00
Samit Patel 4 0 19 1 4.75
Dhananjaya Lakshan 4 0 40 1 10.00
Mohammad Hafeez 3 0 18 1 6.00
Noor Ahmad 4 0 24 2 6.00
Suminda Lakshan 1 0 12 0 12.00


Batsmen R B 4s 6s SR
Danushka Gunathilaka not out 3 3 0 0 100.00
Kusal Mendis not out 15 5 0 0 300.00


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 18/0 (1.2 Overs, RR: 13.5)
Bowling O M R W Econ
Nuwan Pradeep 1 0 15 0 15.00
Tharindu Rathnayake 0.2 0 3 0 15.00