සුපිරි පළාත් තරගාවලියෙන් ක්‍රීඩකයින්ට ජාතික වරම්

472

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සංවිධාන ශක්තියෙන් දියත් කරනු ලබන “2018 සුපිරි සිව්දින පළාත් ක්‍රිකට් තරගාවලියේ” මුහුරත් අවස්ථාව ඊයේ (27) කොළඹ හිල්ටන් හිදී උත්සවශ්‍රීයෙන් පැවැත්විය.

දඹුල්ල, ගාල්ල, කොළඹ හා මහනුවර යන කණ්ඩායම් හතරේ සහභාගීත්වයෙන් මෙම මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය සඳහා ජාතික තලයේ ක්‍රීඩකයින් ද ඇතුළුව ක්‍රීඩකයින් 64කට අධික සංඛ්‍යාවක්  සහභාගී වීමට නියමිත අතර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සහ මැයි හා ජුනි මාසවල දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමට මෙම තරගාවලිය ඉවහල් වනු ඇත.

චන්දිමාල් කොළඹට, මැතිව්ස් නුවරට නායකත්වය ලබා දෙයි; තරගාවලිය මාර්තු 30 ආරම්භ වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන 2018 සිව්දින පළාත් ක්‍රිකට් තරගාවලිය …

තරගාවලියේ දී සියලුම කණ්ඩායම් එකිනෙකාට එරෙහිව එක් වරක් තරග වදින අතර එයට රෝස පැහැති පන්දුවෙන් පැවැත්වෙන එක් දිවා රාත්‍රී තරගයක් ද ඇතුළත් වේ. තරගාවලිය අවසානයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් හිමිකරගෙන සිටින කණ්ඩායමට ශූරතාවය හිමිවනු ඇත.

අපේ මූලික අරමුණ සැම විටම හොඳම දේ කිරීමයි. හොඳම ක්‍රීඩකයින් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ගෙන ඒමට ඇති හොඳම මාර්ගය හා ඒ සඳහා ඔවුන්ට ඇති හොඳම හා වටිනාම අවස්ථාව වන්නේ මෙයයි. මෙවන් ආකාරයක තරගාවලියක් සංවිධානය කිරීම තුළින් අප බලාපොරොත්තු වන්නේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාව හා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව අතර ඇති පරතරය අවම කිරීමයි. මෙය එම පරතරය අවම කරන පාලමක් වැනිය.”

යැයි මාධ්‍ය හමුව ආමන්ත්‍රණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසුවේය.

පෙර නිකුත්වූ සංචිතයට අමතරව දඹුල්ල, ගාල්ල හා මහනුවර යන කණ්ඩායම්වලට තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ඇතුළත් කර ඇති අතර මෙම ක්‍රීඩකයින් අතරින් නැවතත් ක්‍රීඩකයින් 15 දෙනෙකු තෝරාගෙන නැවතත් ඒ ඒ කණ්ඩායම්වලට ඇතුළත් කරනු ඇත. එම ක්‍රීඩකයින් 15 දෙනා අතරට වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රීඩකයෙකු ද ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බව එම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ මහතා පැවසුවේය.

කොළඹ –  දිනේෂ් චන්දිමාල් (නායක), ධනංජය ද සිල්වා, කෞෂාල් සිල්වා, ෂෙහාන් ජයසූරිය, ලහිරු තිරිමාන්න, ප්‍රිමොෂ් පෙරේරා, චාමර සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ලසිත් අබේරත්න, ලහිරු උදාර, වනිඳු හසරංග, තිසර පෙරේරා, ලසිත් ඇඹුල්දෙනිය, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, කවිෂ් අංජුල, කමිඳු මෙන්ඩිස්, නිපුන් මාලිංග, චරිත් සේනානායක (කළමනාකරු), අවිශ්ක ගුණවර්ධන (පුහුණුකරු).

ගාල්ල – සුරංග ලක්මාල් (නායක), දසුන් ශානක, ලහිරු මිලන්ත, රුමේෂ් බුද්ධික, පබසර වඩුගේ, සම්මු අශාන්, ඕෂද ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, චතුරංග ද සිල්වා, ජනිත් ලියනගේ. ලක්ෂිත මදුෂාන්, සධීර සමරවික්‍රම, අකිල ධනංජය, මාධව වර්ණපුර, මොහොමඩ් ඩිල්ශාඩ්, උපුල් තරංග, මාලින්ද පුෂ්පකුමාර, නිසල තාරක, නිශාන් පිරිස්, දනංජය ලක්ෂාන්, අශේන් බණ්ඩාර, කසුන් මදුසංක, සුරාජ් රන්දිව්, වරුණ වරාගොඩ (කළමනාකරු), හෂාන් තිලකරත්න (පුහුණුකරු).

මහනුවර – ඇන්ජලෝ මැතිව්ස් (නායක), නිරෝෂන් දික්වැල්ල, පැතුම් නිස්සංක, ප්‍රියමාල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ප්‍රභාත් ජයසූරිය, අසේල ගුණරත්න, තරංග පරණවිතාන, මිනෝද් භානුක, චාමර කපුගෙදර, චාමික කරුණාරත්න, ජීවන් මෙන්ඩිස්, ලහිරු කුමාර, රමේෂ් මෙන්ඩිස්, මහේල උඩවත්ත, සචිත් පතිරණ, කසුන් රාජිත, ලහිරු සමරකෝන්, ජෙහාන් ඩැනියල්, හසිත බෝයගොඩ, චරිත් අසලංක, මලින්ද වර්ණපුර (කළමනාකරු), පියල් විජේතුංග (පුහුණුකරු).

දඹුල්ල – දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත් පෙරේරා, නිපුන් කරුණානායක, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, සචිත්‍ර සේරසිංහ, ලහිරු ගමගේ, සංගීත් කුරේ, තරිඳු රත්නායක, අශාන් ප්‍රියන්ජන්, රංගන හේරත්, ඉෂාන් ජයරත්න, චානක කොමසාරු, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ, සචිත්‍ර සේනානායක, ශෙහාන් මදුසංක, හිමේෂ් රාමනායක, නිශාන් මධුෂ්ක, රශ්මික ඩිල්ශාන්, මනෝජ් සරත්චන්ද්‍ර, අමිල අපොන්සු, විමුක්ති පෙරේරා, විනොතන් ජෝන් (කළමනාකරු), සුමිත්‍ර වර්ණකුලසුරිය (පුහුණුකරු).

මෙම තරගාවලියේ සජීවී තරග විකාශන, නවතම තොරතුරු, වීඩියෝ, ඡායාරූප හා තරග වාර්තා ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<