IPL අවසන් තරගය කල් යයි

2174
Lasith Malinga IPL
(India Today)

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන දිනය නොවැම්බර් 8 වැනිදා සිට 10 වැනිදා දක්වා කල් දැමීමට ඉන්දීය ප්‍රිමියර් ලීග් බලධාරීන් බලාපොරොත්තු වෙනවා. ඒ IPL තරගාවලියේ විකාශන අයිතිය හිමි Star India ආයතනයට මෙන්ම අනෙක් අනුග්‍රාහකයින්ට දීපවාලි සතියේ උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි වන අයුරින්. මේ පිළිබඳ අවසන් තීරණය ඉදිරි දින තුනේ දී දැනුම් දීමට නියමිතයි. 

විලීගේ ආගමනය ජයග්‍රහණයකින් හමාර වෙයි

මේ දින දෙකේ කල් දැමීම සිදු වුනත් නැතත් ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදීමට නියමිත ඉන්දීය කණ්ඩායමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට කෙළින්ම ඕස්ට්‍රේලියාව බලා යෑමට සිදු වෙනවා. 

නව සැලැස්ම යටතේ IPL තරගාවලිය සැප්තැම්බර් මස 19 වැනිදා සිට නොවැම්බර් මස 8 වැනිදා දක්වා පවත්වන්ට සැලසුම් කර තිබුණා. IPL තරගාවලි සංවිධායකයින් පසුගිය සතියේ දී අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් අවසන් තරගය තවත් දින දෙකකින් කල් දැමීමට තීරණය කිරීමත් සමඟ දින 51ක් පුරා පැවැත්වීමට තිබුණු තරගාවලිය දින 54ක් දක්වා දිගු වෙනවා.

රෝහිත් ගැන රයිනාගෙන් අනාවැකියක්

Times of India පුවත් සේවය වාර්තා කර තිබුණේ මෙවර තරගාවලිය ඉතා කාර්යබහුල කාලසටහනකට අනුව ක්‍රියාත්මක වන නිසා Star India ආයතනය දීපවාලි සති අන්තයෙන් ද උපරිම ප්‍රයෝජන ගැනීමට බලාපොරොත්තු වන බවයි. ඒ නිසාම IPL බලධාරීන් IPL තරගාවලිය ආරම්භ වන දිනය සැප්තැම්බර් 26 වැනිදා සිට සැප්තැම්බර් 19 වැනිදා දක්වා ඉදිරියට ගෙන ආ බවයි. ඒ තරගාවලිය පැවැත්වෙන දින ගණන දින 51ක් දක්වා වැඩි කරමින්.

Times Of India ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<