තියුණු සටනකින් සාන්ත පීතර ක්‍රීඩකයින් අවසන් සටනට

713

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (22) ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රිකට් පිටියේ දී අවසන් වූයේ සාන්ත පීතර විද්‍යාලයට ලකුණු 9ක තියුණු ජයක් හිමිකර දෙමිනි.

අවසන් හතරට ප්‍රබල හා සමබර කණ්ඩායම් හතරක්

පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ පළමු

අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණ පෙරදැරිව පිටියට අවතීර්ණ වූ සාන්ත පීතර විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාල නායකයන් ද්විත්වය අතරින් අද දිනයේ කාසියේ වාසිය දිනා ගත්තේ සංචාරක මහින්ද විදුහල් කණ්ඩායමයි.

ඔවුන්ගේ අවසරයෙන් පළමුව පිටියට පිවිසි සත්කාරක සාන්ත පීතර විද්‍යාල පළමු කඩුලු 3 ලකුණු 23ක් තුළ දවා ගැනීමට දකුණතින් වේගපන්දු යවන නිපුන් මාලිංග සමත් වූයේ ඉතාමත් දක්ෂ පන්දු යැවීමේ නිරත වෙමිනි. ඔහුගේ පන්දු යැවීම හමුවේ සාන්ත පීතර විද්‍යාලයේ නායකයා වූ සන්තුෂ් ගුණතිලක ලකුණු 4කට දැවී යන විට උපනායක මිෆ්ලාල් අමීන් හට ද සාර්ථක ලෙස ලකුණු අතරට පිවිසීමට අවස්ථාව නොලැබුණි.

අනතුරුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ සුලක්ෂණ ප්‍රනාන්දු හා රන්මිත් ජයසේන සාන්ත පීතර විද්‍යාලයේ ලකුණු පුවරුවේ ජීවනාලිය බවට පත්වෙමින් යම් සාර්ථක අඩිතාලමක් සකස් කළේ ලකුණු 40ක සබඳතාවයක් ගොඩනංවමිනි. පන්දු 44ක් තුළ ලකුණු 37ක් ලබාගත් සුලක්ෂණ හා පන්දු 56ක් තුළ ලකුණු 37ක් ලබාගත් රන්මිත් පිළිවෙළින් කෙවින් කොත්තිගොඩගේ හා සුභානු රාජපක්ෂගේ පන්දු හමුවේ ක්‍රීඩාගාරයට හැරී යන ලදි. අනතුරුව නැවතත් සාන්ත පීතර මැදපෙළ පිතිකරුවන් යම් අස්ථාවර මට්ටමකට ඇද වැටුණි.

ගාලු පුරවරයේ ආදරවන්තයෝ අවසන් හතරට

පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන 2017/18 පළමු පෙළ අවසන් පූර්ව තරග දෙකක් හා .

කෙසේ වෙතත් සිය විද්‍යාලය වැටී සිටි අපහසුතාවයට යම් සැනසිල්ලක් ගෙන ආ තුන් ඉරියව් ක්‍රීඩක කනිශ්ක මදුවන්ත පන්දු 56ක් තුල නොදැවී ලකුණු 38*ක් රැස්කළේ සාන්ත පීතර විද්‍යාල ලකුණු පුවරුව ලකුණු 170ක් දක්වා රැගෙන යමිනි.

පන්දු යැවීමේ දී මහින්ද විද්‍යාලයේ ආරම්භක පන්දු යවන්නා වූ නිපුන් මාලිංග පන්දුවාර 6ක් තුළ ලකුණු 27ක් ලබා දුන්නේ වැදගත් කඩුලු 3ක් දවා ගනිමිනි. ඊට මතරව නවෝද් පරණවිතාන හා කෙවින් කොත්තිගොඩ අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට යාමේ දොරටුව විවර කර ගැනීම සඳහා මහින්ද විද්‍යාලයට ලකුණු 171ක ඉලක්කයක් හිමි විය. එම ඉලක්කය හඹා යාමේ අරමුණ පිටියට පිවිසි මහින්ද විද්‍යාලයේ ආරම්භ පිතිකරුවන් යුගලය වූ නවෝද් පරණවිතාන හා දකුණතින් පිත්ත හසුරුවන හංසික වැලිහිඳ පළමු කඩුල්ල සඳහා ලකුණු 58ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූයේ මහින්ද විද්‍යාලයට තරගයේ වැඩි වාසිය හරවාලමිනි.

ලකුණු 23ක් ලබාගෙන සිටි නවෝද්ගේ දැවී යාමට පසුව, එතෙක් වේලාවක් දක්ෂ ලෙස පිත්ත හසුරුවමින් පන්දුවට පහර දුන් වැලිහිඳ පන්දු 98ක් තුළ ලකුණු 44ක් ලබාගෙන සිටිය දී දැවී ගියේ රන්මිත් ජයසේන එවූ පන්දුවකට ඔහු වෙතටම උඩ පන්දුවක් ලබා දෙමිනි.

මහින්ද විද්‍යාලයේ ආරම්භක පිතිකරුවන් කිහිප දෙනා සිය වගකීම හැකි උපරිමයෙන් ඉටු කරමින් ලකුණු අතරට පිවිසි අතර කෙවින් කොත්තිගොඩ ද 4 පහර 4ක් සමඟ ලකුණු 34ක් ලබා ගන්නා ලදි. ඔහුගේ දැවී යාමට පසුව ගෙවී ගිය මිනිත්තු කිහිපයේ වැඩි වාසිය ලබා ගන්නට සාන්ත පීතර විද්‍යාලය සමත් වූයේ ඔවුන්ගේ පන්දුකරණය හමුවේ මහින්ද විද්‍යාලයේ මැදපෙළ පිතිකරුවන් දුර්වල පිතිකරණයක නිරත වූ නිසාවෙනි.

මනෝජ් සහ නිශාන් දෙවැනි දිනය වර්ණවත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සුපර් 4 ක්‍රිකට් තරගාවලියේ අවසන් සතියේ දෙවැනි

පන්දු යැවීමේ දී සාන්ත පීතර විද්‍යාලයේ ජයග්‍රහණයේ නියමුවන් කිහිප දෙනා අතරට එක්වූයේ ලකුණු 23ක් තුල කඩුලු 4ක් දවා ගනිමිනි. ඒ සඳහා ඔහු පන්දුවාර 8යි පන්දු 5ක් ක්‍රියාත්මක කළ අතර රුවින් සෙනෙවිරත්න ලකුණු 34ක් තුළ කඩුලු 3ක් දවා ගනිමින් කනිශ්ක හට සිය සහය ලබා දෙන ලදි. අවසානයේ මහින්ද විද්‍යාල ඉනිම ලකුණු 161කට සීමා කරමින් ලකුණු 9ක තියුණු ජයක් ලබාගත් නායක සන්තුෂ් ගුණතිලක ඇතුළු සාන්ත පීතර විද්‍යාලය 2017/18 පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

සාන්ත පීතර විද්‍යාලය – 170 (48.3): කනිශ්ක මදුවන්ත 38*, සුලක්ෂණ ප්‍රනාන්දු 37, රන්මිත් ජයසේන 37, දිනිත් අංජුල 26, නිපුන් මාලිංග 3/27, නවෝද් පරණවිතාන 2/24, කෙවින් කොත්තිගොඩ 2/25.

මහින්ද විද්‍යාලය – 161 (46.5): හංසික වැලිහිඳ 44, කෙවින් කොත්තිගොඩ 34, නවෝද් පරණවිතාන 23, කවිඳු එදිරිවීර 13, නිපුන් මාලිංග 13, කනිශ්ක මදුවන්ත 4/23, රුවින් සෙනෙවිරත්න 3/34.

මෙම තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අප්‍රේල් 24 වැනිදා සාන්ත තෝමස් විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය අතර බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩා පිටියේ පැවැත්වෙනු ඇති අතර එම තීරණාත්මක දෙවන අවසන් පූර්ව තරගයත්  ThePapare.com වෙබ් අඩවිය හරහා මෙන්ම ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 1 හා MY TV ඔස්සේ සජීව ලෙස නැරඹිය හැක. තරගයේ තොරතුරු, ඡායාරූප එසැණින් ඔබ වෙතට ගෙන ඒමට‍ ThePapare.com සූදානම්, රැඳී සිටින්න

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<