මනෝජ් සහ නිශාන් දෙවැනි දිනය වර්ණවත් කරයි

601

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සුපර් 4 ක්‍රිකට් තරගාවලියේ අවසන් සතියේ දෙවැනි දිනය (22) නිමාවේ දී පිතිකරුවන් අතරින් මනෝජ් සරත්චන්ද්‍ර ද, පන්දු යවන්නන් අතුරින් නිශාන් පීරිස් ද කැපී පෙනෙන දක්ෂතා දැක්වූහ.

දඹුල්ල කණ්ඩායමේ මනෝජ් සරත්චන්ද්‍ර ප්‍රතිවාදී කොළඹ ක්‍රීඩකයන්ට එරෙහිව ශතකයක් රැස් කරමින් තමන් වෙත අවධානය දිනා ගනිද්දී, ගාල්ල කණ්ඩායමේ නිශාන් පීරිස් ලකුණු 67කට කඩුලු 6ක් ලබා ගනිමින් නුවර ක්‍රීඩකයෝ අමාරුවේ දැමුවේය.

රොෂේන් සිල්වා අන්තර් පළාත් පළමු දිනය වර්ණවත් කරයි

අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය වෙනුවෙන් සටන් වදින කණ්ඩායම් 4 අතර පැවැත්වෙන තරගාවලියේ තීරණාත්මක අවසාන සතියේ පළමු දිනය…

කොළඹ සහ දඹුල්ල අතර පැවති තරගයේ දී තම පළමු ඉනිමට දඹුලු ක්‍රීඩකයෝ ලකුණු 359ක් රැස් කළේ ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 149ක් ඉදිරියෙන් සිටිමිනි. දෙවැනි ඉනිමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ දිනය අවසානයේ දී කිසිවෙක් නොදැවී ලකුණු 37ක් ලබා සිටියහ.

ගාල්ල සහ නුවර අතර පැවති තරගයේ දී ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 425ක් ලබා ගනිමින් ප්‍රතිවාදී නුවර ඉනිම ලකුණු 185කට සීමා කළහ. නැවත දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණක් ලබා සිටී.

රංගිරි දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය

කොළඹ සහ දඹුල්ල අතර පැවැත්වෙන මෙම තරගයේ කොළඹ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලබාගත් ලකුණු 210ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දඹුල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 359ක් රැස් කළහ.

එම ඉනිමේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූයේ දකුණතින් පිත්ත හැසිර වූ මනෝජ් සරත්චන්ද්‍ර ය. ඔහු පන්දු 181කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තේ ය. ඔහු සමඟින් පෙර දිනයේ නොදැවී පිටියේ රැඳී කුසල් ජනිත් ද හරි හරියට දඹුලු ලකුණු පුවරුව පෝෂණය කළ අතර 5 වැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 91ක සබඳතාවක් ගොඩ නැගූහ. කුසල් පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 85ක් වාර්තා කළේය.

පසුපෙළින් ද පිතිකරු දක්ෂතා මතුවීම හේතුවෙන් දඹුලු ලකුණු පුවරුව ඉහළ ගිය අතර ඒ අනුව සචිත්‍ර සේනානායක පන්දු 38ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ද, ජෙෆ්රි වැන්ඩර්සේ පන්දු 66ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් රැස් කළේය.

පන්දු යැවීමේ දී ඩිලේශ් ගුණරත්න ලකුණු 68කට කඩුලු 4ක් ලබා ගත් අතර තික්ෂිල ද සිල්වා, ෂෙහාන් ජයසූරිය සහ ලක්ෂාන් සඳකැන් කඩුලු 2 බැගින් දවා ගත්තේය.

ලකුණු 149ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ කොළඹ ක්‍රීඩකයෝ දිනය නිමා වන විට කිසිවෙක් නොදැවී ලකුණු 37ක් ලබා සිටියහ. ඒ අනුව ඔවුන් ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 112ක් ලබා ගත යුතු ය.  

තරගය තෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිත වෙද්දී කෞෂාල් සිල්වා (09) සහ ෂෙහාන් ජයසූරිය (24) නොදැවී පිටියේ රැඳී සිටී.

කොළඹ කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (64.2) ෂෙහාන් ජයසූරිය 23, වනිඳු හසරංග 52, ලසිත් අබේරත්න 85, අසිත ප්‍රනාන්දු 2/46, ලහිර මධුශංක 5/43

දඹුල්ල කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 359 (84.2) කුසල් මෙන්ඩිස් 24, කුසල් ජනිත් පෙරේරා 85, මනෝජ් සරත්චන්ද්‍ර 103, සචිත්‍ර සේනානායක 31, ජෙෆ්රි වැන්ඩර්සේ 40, ඩිලේශ් ගුණරත්න 4/68, තික්ෂිල ද සිල්වා 2/57, ෂෙහාන් ජයසූරිය 2/30, ලක්ෂාන් සඳකැන් 2/77

කොළඹ කණ්ඩායම; දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 37 (7.5) ෂෙහාන් ජයසූරිය නොදැවී 24

ශ්‍රී ලංකා දඟපන්දු පුහුණුකරු සටනට එක්වන්නේ කවුද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ පුහුණුකරුවන් හා පුහුණු ව්‍යුහය ප්‍රතිසංවිධානය කිරීමට සැරසෙන අතර කණ්ඩයමේ වැදගත්ම…


සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

ගාල්ල කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගාල්ල ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 425ක් ලබා ගත්හ. පළමු දිනය අවසාන වෙද්දී කඩුලු 7ක් දැවී ලකුණු 344ක් ලබා සිටිය ගාල්ල ක්‍රීඩකයෝ අද දිනයේ තවත් ලකුණු 81ක් තම ඉනිමට එක් කර ගැනීමට සමත් වූහ.

පෙර දිනයේ ශතකයක් ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටි රොෂේන් සිල්වා තම ඉනිම ලකුණු 168ක් දක්වා රැගෙන ගියේ පන්දු 295කට මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 16කින් සහ හයේ පහර 2කින් අලංකාර විය.

කඩුලු ලබා ගැනීමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 116කට කඩුලු 4ක් දවා ගනිද්දී, චරිත් අසලංක ලකුණු 31කට කඩුලු 3ක් දවා ගත්තේ ය. ලහිරු සමරකෝන්ට හිමි වූ කඩුලු සංඛ්‍යාව දෙකකි.  

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි නුවර ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 185ක් පමණි. එම ඉනිමේ දී ලකුණු අතරට පැමිණි අය අතුරින් කැපී පෙනෙන ඉනිම්වල නිරත වූයේ නායක නිරෝෂණ දික්වැල්ල (39) සහ ඉසුරු උදාන (35) පමණි.

නුවර ඉනිම විනාශ කිරීමේ දී පෙරමුණ ගත්තේ 20 හැවිරිදි දකුණතින් පිට දඟපන්දු යැවූ නිශාන් පීරිස් ය. ඔහු ලකුණු 67කට කඩුලු 6ක් දවා ගත්තේ ය. ඊට අමතර ව නිසල තාරක සහ චතුරංග ද සිල්වා කඩුලු 2 බැගින් ලබා ගත්හ.

අවසන් හතරට ප්‍රබල හා සමබර කණ්ඩායම් හතරක්

පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සීමිත පන්දුවාර ක්‍රිකට්……

ලකුණු 240ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය නිමාවේ දී කිසිවෙක් නොදැවී ලකුණක් ලබා සිටියහ.

තරගය තෙවැනි දිනයටත් ක්‍රියාත්මක ය.

ගාල්ල කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 425 (120.3) මාධව වර්ණපුර 66, සධීර සමරවික්‍රම 40, රොෂේන් සිල්වා නොදැවී 168, දසුන් ශානක 90, ලහිරු සමරකෝන් 2/87, ප්‍රභාත් ජයසූරිය 4/116, චරිත් අසලංක 3/31

නුවර කණ්ඩායම; පළමු  ඉනිම සියලුම දෙනා දැවී 185 (41.2) මහේල උඩවත්ත 27, චරිත් අසලංක 18, නිරෝෂණ දික්වැල්ල 39, චාමික කරුණාරත්න 20, ඉසුරු උදාන 35, නිසල තාරක 2/47, නිශාන් පීරිස් 6/67, චතුරංග ද සිල්වා 2/29

ගාල්ල කණ්ඩායම; දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 01 (5.0)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<