අවිශ්කගේ නොදැවුණ ඉනිමෙන් හේලීස් අවසන් තරගයට

84

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 27 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන පළමු පෙළ විස්සයි විස්ස වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට හේලීස් කණ්ඩායම සමත් විය.

ටී. එම්.ගේ දක්ෂතා MAS අවසන් තරගයට ගෙන යයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් 27 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන පළමු පෙළ විස්සයි විස්ස………

කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී අද (25) නිමා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායම සහ හේලීස් කණ්ඩායම අතර පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට හේලීස් ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙම තරගයේ දී හේලීස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 92ක් ලබා ගැනීම කැපී පෙණුනි. 

Photos: SL Emerging vs Hayleys | 27th-Singer MCA T20 – 2nd Semi-Final

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 146ක් රැස් කළහ. ඔවුන් අතරින් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වූයේ විශාද් රන්දික ය. ඔහු පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තේය. 

ඊට අමතරව දුශාන් විමුක්ති ලකුණු 34ක් සහ නිමන්ද සුබසිංහ ලකුණු 22ක් ද ලබා ගත්තේය. 

කලකට පසු පිටියට පැමිණි මලික් පාකිස්තානයට ජය ගෙනේ

පාකිස්තානය සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පැවති පළමු………..

කඩුලු ලබා ගැනීමේ දී පන්දු යැවීම ආරම්භ කළ ලහිරු සමරකෝන් ලකුණු 40කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව චතුරංග ද සිල්වා කඩුලු 2ක් ද, සංතුශ් ගුණතිලක සහ ප්‍රභාත් ජයසූරිය කඩුල්ල බැගින් ද දවා ගත්හ. 

පිළිතුරු ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසියේ අවිශ්ක ප්‍රනාන්දු සහ ලහිරු සමරකෝන් ය. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව 40කි. දුශාන් විමුක්තිගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ ලහිරු සමරකෝන් ලකුණු 11ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් විය. 

අනතුරුව අවිශ්ක ප්‍රනාන්දු හා රොන් චන්ද්‍රගුප්ත තම කඩුලු ආරක්ෂා කර ගනිමින් ඉනිමේ තවත් පන්දු 19ක් ද ඉතිරි කර ගනිමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියහ. එහි දී අවිශ්ක ප්‍රනාන්දු පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 92ක් ලබා ගත්තේය. 

තර්ස්ටන් විද්‍යාලය හයේ පහරක් එල්ල කරමින් තරගය ජයග්‍රාහීව නිමා කරයි

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ…………..

රොන් චන්ද්‍රගුප්ත නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 39කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 42ක් වැය කළ අතර හතරේ පහර 4ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුළත් කළේය. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට එක් වූ නොබිඳුණ ලකුණු සබඳතාව 110කි.  

ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායම; කඩුලු 8ක් දැවී 146 (20) දුශාන් විමුක්ති 34, විශාද් රන්දික 43, නිමන්ද සුබසිංහ 22, ලහිරු සමරකෝන් 4/40, චතුරංග ද සිල්වා 2/14

හේලීස්; කඩුල්ලක් දැවී 150 (16.5) අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 92, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 39

තරගාවලියේ අවසන් මහා තරගය හෙට (26) වෙළඳ සේවා පිටියේ දී ම පැවැත්වීමට නියමිත අතර මේ සඳහා අද සුදුසුකම් ලබා ගත් හේලීස් කණ්ඩායම සමගින් පළමු අවසන් පූර්ව වටයේ තරගයේ දී ජයග්‍රහණය කළ MAS යුනිචෙලා කණ්ඩායම සහභාගී වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<