යුපුන්ගේ අනාගතයට ඩොලර් ලක්ෂයක ආයෝජනයක්

182

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස නම් දරා ඇති යුපුන් අබේකෝන් සඳහා ඔහුගේ කුසලතා සංවර්ධනය කර ගැනීමට ආයෝජනයක් ලෙස ඩොලර් ලක්ෂයක මූල්‍ය දායකත්වයක් ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව ලබා දෙන ලදි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් අනුව මෙම මුදල ලබා දීමට කටයුතු කරනවා.

මෙහි දී ක්‍රීඩා අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත්, යුපුන් අබේකෝන් ක්‍රීඩකයාත් අතර ත්‍රෛයිපාක්ෂික ගිවිසුමකට අත්සන් තබන ලදි.

මෙම අවස්ථාව සඳහා  ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා  මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා, ධාවන ශූර යුපුන් අබේකෝන් මහතා සහ ඔහුගේ කළමනාකාර සංජය ගන්ලත් මහතා හා ඔහුගේ නීතිඥ රුවිනි සිල්වා මහත්මිය සහභාගී විය.

‍ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක් ඇසුරිනි.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<