ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අලුත්ම තරගාවලියකට දින දෙයි

Lanka T10 Super League 2021

1552

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන Lanka T10 Super League ක්‍රිකට් තරගාවලිය සඳහා අලෙවිකරණ/ කළමනාකරණ ඒජන්සියක් තෝරාගැනීම වෙනුවෙන් ටෙන්ඩර් කැඳවා තිබේ.

එහි දැක්වෙන පරිදි Lanka T10 Super League ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 1 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තරගාවලියට අලෙවිකරණ/ කළමනාකරණ ඒජන්සියක් තෝරාගැනීම වෙනුවෙන් ටෙන්ඩර් කැඳවූ දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර ද ටෙන්ඩර් කැඳවන ලදි.

ඒ අනුව මෙලෙස ටෙන්ඩර් පත් කැඳවා වැඩිම ලංසුවක් තබන ආයතනය හට එම තරගාවලියේ සම්පූර්ණ කළමනාකරණ කටයුතු සහ නිල විකාශන අයිතිය ඇතුළු වරප්‍රසාද කිහිපයක් ලැබෙනු ඇත. ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී එම සියලු කටයුතු දරනු ලබන්නේ IPG ආයතනය විසිනි.

තවත් ක්‍රිකට් පුවත්:

තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් සහභාගී කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් සිටින අතර අවසන් මහා තරගය, අවසන් පූර්ව තරගය ඇතුළු තරග 29ක් තරගාවලියේ තරග කාලසටහන සඳහා ඇතුළත් වෙනු ඇත. තරග වදිනු ලබන සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත අතර ඒ සඳහා විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙක් ඇතුළත් කිරීමට හැකිය.

ලබන වසර ආරම්භයේ දී සහ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයක් පැවැත්වෙන නිසාවෙන් ලබන වසර ආරම්භයේ දීම මේ Lanka T10 Super League ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නොහැකි වන නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පෙබරවාරි 1-15 යන කාල රාමුව දැනට මේ අලුත්ම ආකාරයේ ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් වෙන්කරගෙන සිටියි. 

තරග දින 11ක් පැවැත්වෙන මෙම තරගාවලිය මහනුවර (පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය) සහ කොළඹ දී (ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය) පැවැත්වීමට දැනට සැලසුම් කර තිබේ.

LPL තරගාවලිය අවසන් වූ සැණින් මේ Lanka T10 Super League තරගාවලිය පැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර සැලසුම්  යොදා තිබුණු නමුත් දෙසැම්බර් මස අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයක් පැමිණ තිබෙන නිසාවෙන් එම කාලවකවානුව නිදහස් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අවස්ථාවක් නොලැබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<