Home Sinhala Kandy Tuskers පරාජයට; අවසන් පූර්ව වටයේ කණ්ඩායම් තුනක් තීන්දුයි

Kandy Tuskers පරාජයට; අවසන් පූර්ව වටයේ කණ්ඩායම් තුනක් තීන්දුයි

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

304
SLC

Colombo Kings සහ Kandy Tuskers අතර පැවති LPL (ලංකා ප්‍රිමියර් ලීග්) ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගය ඊයේ (5) හම්බන්තොට ක්‍රිකට් පිටියේ දී අවසන් වූ අතර එම තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට Colombo Kings සමත් විය. ඒත් සමඟින් 2020 LPL තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය අසුන් වෙන්කරවා ගැනීමට Jaffna Stallions, Dambulla Viiking සහ Colombo Kings යන කණ්ඩායම් සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් Kandy Tuskers කණ්ඩායම් නායක කුසල් පෙරේරා පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළ නමුත් එහි වාසිය ලබා ගැනීම වෙනුවෙන් තරගකාරී ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි විය. ඔවුන් අද තරගය සඳහා අවතීර්ණ වූයේ වෙනස්කම් දෙකක් සිදු කරමින් වන අතර Naveen-ul-Haq සහ සීකුගේ ප්‍රසන්න වෙනුවට ලසිත් ඇඹුල්දෙණිය සහ Irfan Pathan කණ්ඩායමට කැඳවා තිබුණි.

Kandy Tuskers කණ්ඩායමේ Rahmanullah Gurbazගේ ඉනිම හැරෙන්නට අනෙක් කිසිදු පිතිකරුවෙක් සඳහා සාර්ථක ලෙස ලකුණු අතරට පිවිසීමට අවස්ථාව ලැබුණේ නැත. ඔවුන්ගේ මුල් පෙළ පිතිකරුවන් වුනු නායක කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න සහ Brendan Taylor යන පිතිකරුවන්ගේ කඩුලු 5 ලකුණු 65ක් තුල දවා ගැනීමට Colombo Kings සමත් විය. 

LPL තතුවිත්ති:

Gurbaz 4 පහර 4ක් සහ 6 පහර දෙකක් සමඟින් පන්දු 21ක දී ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔවුන්ගේ කණ්ඩායම වෙනුවෙන් අද  ලකුණු ලාභියා බවට පත්වූ Irfan Pathan පන්දු 27කට මුහුණ දී ලකුණු 18ක් ලබා ගනිමින් දැවී ගියේ Kandy Tuskers කණ්ඩායමේ අනෙක් පිතිකරුවන්ට සාපේක්ෂව වැඩි යමක් සිදු කරමිනි.  

පන්දු යැවීමේ දී පන්දු යවන්නන් 8 දෙනෙකු භාවිතා කළ මැතිව්ස් ඇතුළු Colombo Kings වෙනුවෙන් අශාන් ප්‍රියන්ජන්, තික්ෂිල ද සිල්වා සහ Qais Ahmad අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගිය අතර ඉසුරු උදාන සහ තරිඳු කෞෂාල් හැරෙන්නට අනෙක් සියලුම පන්දු යවන්නන් එක් කඩුල්ලක් බැගින් දවා ගැනීම කැපී පෙනුණි.

ලකුණු 106ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Colombo Kings කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු 41ක් තුල දැවී ගිය නමුත් ඒ සඳහා ඔවුන්ට වැය වූයේ පන්දු 31ක් පමණි. පසුව Colombo Kings වෙනුවෙන් දිගින් දිගටම ලකුණු අතරට පිවිසුණු දිනේෂ් චන්දිමාල් නායක මැතිව්ස් සමඟ එක්ව ගොඩනැංවීමට හැකි වූයේ ලකුණු 11ක සබඳතාවයක් පමණි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 2ක් ලබාගෙන සිටිය දී නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුව පිටියෙන් ඉවත්ව ගියේය.

Kandy Tuskers නායක කුසල් පෙරේරා සිය සුපුරුදු තරග සැලසුම් තරමක් දුරකට වෙනස් කොට ආක්‍රමණශීලී ලෙස පිටියේ පන්දු රකින්නන් ස්ථාන ගත කර තිබුණේ ඔවුන් ලබා ගත් ලකුණු ප්‍රමාණය අඩු නිසාවීමට හැකිය.

Munaf Patel, විශ්ව ප්‍රනාන්දු සහ නුවන් ප්‍රදීප් අතර Colombo Kings ඉනිමේ පළමු පන්දුවාර 12න් වැඩි පන්දුවාර ප්‍රමාණයක් බෙදා දෙමින් එම තරග සැලසුම පෙරේරා විසින් ක්‍රියාත්මක කිරීමට උත්සහ කළ බවක් පෙනෙන්නට විය.

කෙසේ නමුත් චන්දිමාල් සමඟින් එක්වූ අශාන් ප්‍රියන්ජන් සිව්වැනි කඩුල්ල සඳහා නොදැවුණු ලකුණු 56*ක සබඳතාවයක් ගොඩනංවමින් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය අතර පන්දු 39ක් සඳහා ක්‍රීඩා කළ චන්දිමාල් 4 පහර 7ක් එල්ල කරමින් නොදැවී ලකුණු 35*ක් ලබා ගන්නා විට, ප්‍රියන්ජන් 4 පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 26*ක් ලබා ගත්තේ පන්දු 27ක් සඳහා මුහුණ දෙමිනි.

නුවන් ප්‍රදීප්, Munaf Patel සහ විශ්ව ප්‍රනාන්දු Kandy Tuskers වෙනුවෙන් එක් කඩුල්ල බැගින් දවා ගත් අතර පන්දුවාර 14කුත් එක් පන්දුවක් හමුවේ කඩුලු 3ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට Colombo Kings සමත් වූයේ මෙවර LPL තරගාවලියේ ලබා ගත් සිය සිව්වැනි ජයග්‍රහණය වාර්තා කරගනිමිනි.

Result


Kandy Falcons
105/10 (19.2)

Colombo Stars
108/3 (14.1)

Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz c Isuru Udana b Andre Russell 34 21 4 2 161.90
Kusal Janith c Dinesh Chandimal b Dushmantha Chameera 4 3 1 0 133.33
Kusal Mendis run out () 5 4 1 0 125.00
Brendon Taylor lbw b Angelo Mathews 3 7 0 0 42.86
Asela Gunarathne lbw b Qais Ahmed 8 9 1 0 88.89
Irfan Pathan c Dushmantha Chameera b Ashan Priyanjan 18 27 2 0 66.67
Dilruwan Perera lbw b Qais Ahmed 12 18 2 0 66.67
Lasith Embuldeniya c Laurie Evans b Ashan Priyanjan 4 10 0 0 40.00
Vishwa Fernando c Angelo Mathews b Thikshila de silva 7 7 1 0 100.00
Nuwan Pradeep b Thikshila de silva 2 8 0 0 25.00
Munaf Patel not out 0 1 0 0 0.00


Extras 8 (b 0 , lb 5 , nb 0, w 3, pen 0)
Total 105/10 (19.2 Overs, RR: 5.43)
Fall of Wickets 1-22 (2.3) Kusal Janith, 2-34 (3.5) Kusal Mendis, 3-48 (5.2) Rahmanullah Gurbaz, 4-55 (6.2) Brendon Taylor, 5-65 (9.1) Asela Gunarathne, 6-85 (13.4) Dilruwan Perera, 7-95 (16.2) Irfan Pathan, 8-98 (16.6) Lasith Embuldeniya, 9-104 (17.6) Vishwa Fernando, 10-105 (19.2) Nuwan Pradeep,

Bowling O M R W Econ
Angelo Mathews 2 0 14 1 7.00
Isuru Udana 3 0 21 0 7.00
Dushmantha Chameera 4 0 17 1 4.25
Andre Russell 2 0 18 1 9.00
Qais Ahmed 4 0 8 2 2.00
Tharindu Kaushal 2 0 12 0 6.00
Ashan Priyanjan 1 0 4 2 4.00
Thikshila de silva 1.2 0 6 2 5.00


Batsmen R B 4s 6s SR
Dinesh Chandimal b 35 39 7 0 89.74
Laurie Evans c Kusal Janith b Munaf Patel 5 7 1 0 71.43
Daniel Bell Drummond c Kusal Janith b Nishan Madushka Fernando 11 10 1 1 110.00
Angelo Mathews lbw b Nuwan Pradeep 2 3 0 0 66.67
Ashan Priyanjan b 26 27 5 0 96.30


Extras 29 (b 4 , lb 8 , nb 1, w 16, pen 0)
Total 108/3 (14.1 Overs, RR: 7.62)
Fall of Wickets 1-22 (2.2) Laurie Evans, 2-41 (5.1) Daniel Bell Drummond, 3-52 (6.4) Angelo Mathews,

Bowling O M R W Econ
Munaf Patel 4 0 28 1 7.00
Vishwa Fernando 4 0 29 1 7.25
Nuwan Pradeep 2.1 0 10 1 4.76
Lasith Embuldeniya 3 0 24 0 8.00
Irfan Pathan 1 0 5 0 5.00



ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<