කොරෝනා නිසා මං පස්සට යන්නේ නැහැ

75
James Anderson

පැතිර යන කොරෝනා වයිරසය හමුවේ සිය ක්‍රීඩා දිවිය අවසන් නොකරන බවට එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් පවසා සිටිනවා. ඔහු පවසා සිටින්නේ සිය ශාරීරික සෞඛ්‍ය හොඳ මට්ටමක පවත්වා ගැනීමට කණ්ඩායම් සගයින් සමඟ ඔහු නිවසේ සිට කරන ව්‍යායාම උදව් වනු ඇති බවයි.

අඳුරු වළාකුලේ රිදී රේඛාවක් දකින ජස්ටින් ලැංගර්

මේ දිනවල වසංගතයක් ලෙස ලොවපුරා පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය

37 හැවිරිදි ඇන්ඩර්සන් මේ වන විට ටෙස්ට් කඩුලු 584ක් දවාගෙන ඇති අතර ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩුලු දවා ගත් වේගපන්දු යවන්නා ද වන්නේ ඔහුයි. මේ ඔහු ගත කරන්නේ සිය ක්‍රීඩා දිවියේ සැදෑ සමයයි.

පවතින තත්වය තුළ මැයි මාසය වන තෙක් වත් ක්‍රිකට් තරග පැවැත්වීමට නොහැකි වනු අතර ඔහු පවසා සිටින්නේ ක්‍රීඩාවෙන් ඉවත් වීමට ඔහුට කිසිම අදහසක් නොමැති බවයි.

මට නැවත ක්‍රීඩා නොකරන්න වෙයි ද කියලා සිතා බැලුවේ නැහැ.” ඇන්ඩර්සන් පවසා සිටියා. “මම හිතනවා අපි නැවත ක්‍රීඩා කරයි කියලා පෙර ක්‍රීඩා කරපු ලෙසම. මට තවමත් අවශ්‍යයි ක්‍රීඩා කරන්න, මම කැමතියි එංගලන්තය වෙනුවෙන් දිගටම ක්‍රීඩා කරන්න. මම ගොඩක් කල් ක්‍රීඩා කළා ඒ වගේම රැකියාවක් ලෙසත් ක්‍රීඩා කළා. මම මීළඟට ක්‍රීඩා කරන්න ලැබෙන පළමු අවස්ථාවේ දී ම හොඳින් ක්‍රීඩා කරලා ඒ හැම මොහොතක්ම හොඳින් රසවිඳින්න බලාපොරොත්තු වෙනවා.”

මේ දිනවල බ්‍රිතාන්‍යයේ සියලු කටයුතු කොරෝනා වයිරස ව්‍යාප්තිය නිසා අත්හිටුවා ඇති අතර ඇන්ඩර්සන් ඔහුගේ අනික් වේගපන්දු යවන සගයින් වන ස්ටුවර්ට් බ්‍රෝඩ් හා මාර්ක් වුඩ් සමඟ වීඩියෝ දුරකථන තාක්ෂණයෙන් සම්බන්ධ වෙමින් පුහුණුවීම් කරනවා.

“අපි කිහිප දෙනෙක් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙලා පුහුණුවීම් කරනවා. මම ඊයේ ස්ටුවර්ට් බ්‍රෝඩ් හා මාර්ක් වුඩ් හා එකතු වෙලා පුහුණු සැසියක් කළා. අපි ඔක්කොටම Pelotons පුහුණු උපකරණ තිබෙනවා. අපි එකිනෙකා හා තරග කරනවා. ස්ටුවර්ට් බ්‍රෝඩ් මේ පාර දින්නා මම දෙවන ස්ථානය හා වුඩ් තුන්වන ස්ථානය.”

ඇන්ඩර්සන් දකුණු අප්‍රිකාවට එරෙහිව කේප් ටවුන් හිදී සිය 151 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කළ අතර පසුව ඔහු ආබාධයක් නිසා තරගාවලිය අතරතුර දී නැවත එංගලන්තයට ගියා. පසුගිය වසරේ අළු බඳුන තරගාවලියේ දී ද ඔහු පදයේ ආබාධයකට ලක් වූ අතර ඔහුට යැවීමට හැකි වුනේ පන්දුවාර හතරක් පමණයි.

කොරෝනා නිසා කැලඹුණ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය

COVID-19 වයිරසය ලොව පුරා වසංගතයක් ලෙස පැතිර යාමත් සමඟින් රටවල් බොහෝ ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම

කොරෝනා ව්‍යාප්තිය නිසා එංගලන්තයේ ශ්‍රී ලංකා තරගාවලිය පුහුණු තරගවලට පමණක් සීමා වුණු අතර ඇන්ඩර්සන් ව ශ්‍රී ලංකා සංචාරයට ඇතුළත් කර තිබුණේ නැහැ.

“නැවත වතාවක් ආබාධයකට ලක්වීම බලාපොරොත්තු කඩ කරන සිදුවීමක් වුනා. නමුත් හොඳ වෙලාවට එය අස්ථි බිඳීමක් වුනේ. මාංශ පේශියකට හානි වුනා නම් බොහෝ කල් යනවා සුව වෙන්න.”

එංගලන්ත හා වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය එළඹෙන මැයි 28 වැනිදා දක්වා සියලු ක්‍රිකට් තරග කල් දැමුවා. ඇන්ඩර්සන් පවසා සිටින්නේ මැයි මාසයේ ක්‍රීඩකයින්ට ක්‍රීඩාංගණය වල පුහුණුවීම් කරන්නට නොහැකි වුනොත් ජුනි මස ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියට සූදානම් වීම අපහසු වන බවයි. එමෙන්ම ක්‍රීඩකයින් නොමැතිව හිස් ප්‍රේක්ෂකාගාර වල තරග ක්‍රීඩා කරන්නට ඔහුගේ නම් කැමැත්තක් නැහැ.  

“මට අවශ්‍ය ක්‍රිකට් ක්‍රීඩා කරන්න, එය “The Hundred” තරගාවලිය වුනත්, T20 බ්ලාස්ට් තරගාවලිය වුනත් කමක් නැහැ. මම කැමතියි ඕනෑම තරගාවලියක් ක්‍රීඩා කරන්න.

“ඉදිරි මාස කිහිපය ටෙස්ට් තරග නොමැති වුනොත් එය මට බොහොම දිගු කාලයක් සේ දැනේවි, මිනිසුන් ගොඩ දෙනෙක් ගොඩක් කැප කිරීම් කරනවා අපිව බේරා ගන්න. එයාලා කරන කැපවීම් එක්ක ක්‍රිකට් ක්‍රීඩාව ටික කලකට ක්‍රීඩා නොකරන එක මහා දෙයක් නෙවෙයි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<