Home Sinhala Anwar Ali ගාලු බලාපොරොත්තු විනාශ කරයි

Anwar Ali ගාලු බලාපොරොත්තු විනාශ කරයි

ලංකා ප්‍රිමියර් ලීගය 2020 – Coverage powered by My Cola

188

Dambulla Viiking ආරම්භක පිතිකරුවන්ගේ මංගල අර්ධ ශතක සමඟින් ගොඩනැගුණ දැවැන්ත ඉනිම හමුවේත්, Anwar Aliගේ දැඩි පීඩන පන්දු හමුවේත් අසරණ වූ Galle Gladiators ක්‍රීඩකයෝ අද (05) හම්බන්තොට දී නිමා වූ තරගයෙන් ලකුණු 9ක අවාසනාවන්ත පරාජයකට මුහුණ දුන්හ. 

ගාලු ක්‍රීඩකයෝ මේ පරාජය වූයේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගී වූ 6 වැනි තරගය වන අතර තරගාවලියේ පැවති 12 වැනි තරයේ දී ය. තරගයෙන් ජය ලැබූ දඹුලු ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි තැනට පත් වූහ. 

අද තරගය වෙනුවෙන් කණ්ඩායම් දෙක පිටියට පිවිසියේ එක් වෙනස්කමක් පමණක් බැගින් සිදු කරමිනි. ඒ අනුව දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් සචිඳු කොළඹගේ වෙනුවට ඉන්දියාවේ Sudeep Tyagi ද ගාලු කණ්ඩායම වෙනුවෙන් අකිල ධනංජය වෙනුවට මිලින්ද සිරිවර්ධන කැඳවා තිබුණි. 

කාසියේ වාසිය දිනා ගත් දඹුලු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගනිමින් පිටියට පිවිසි අතර ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 207ක් ලබා ගත්හ. එම ලකුණු ප්‍රමාණය තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් වාර්තා කරන ලද වැඩිම ලකුණු අතරින් සිව්වැනි තැන ගත්තේ ය. 

>> තරගාවලියේ ඡායාරූප ඇල්බම් සඳහා පිවිසෙන්න <<

ජයග්‍රහණය, කළුනික සොයනවාටත් වඩා අපහසු ගාලු ක්‍රීඩකයෝ අද තරගයේ දී ජයග්‍රහණය ආසන්නයට පැමිණෙමින් පරාජය විම කැපී පෙණුනි. ඔවුන්ට පිළිතුරු ඉනිමේ දී ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවි ලකුණු 198ක් පමණි. 

පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුලු ඉනිම සුපුරුදු ලෙසින් ආරම්භ කළේ උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල ය. මේ වමත් පිතිකරුවන් දෙදෙනාගේ සබඳතාව පන්දු 76ක දී එක් වූ ලකුණු 110කි. එය තරගාවලියේ මේ දක්වා වාර්තා වූ පළමු කඩුල්ලේ හොඳම සබඳතාවය ද විය.

තම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා එක් පසෙක තබා ගනිමින් දික්වැල්ල වේගයෙන් පන්දුවට පහර දීමේ නිතර වූ අතර ඉනිම අතහැර දැමීමේ දී ද ඉක්මන් වූයේ ඔහු ය. පන්දු 37කට මුහුණ දුන් දික්වැල්ල හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තේ, තරගාවලියේ තම මංගල අර්ධ ශතකය ද වාර්තා කරමිනි. 

අනතුරුව තරංග ද මෙම තරගාවලියේ තම මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. තමන් මුහුණ දුන් 42 වැනි පන්දුවේ දී තම අර්ධ ශතකය වාර්තා කළ තරංග දෙවැනි කඩුල්ල ලෙසින් දැවී යන විට පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 77ක් ලබා සිටියේය. තරංග සහ දසුන් ශානක දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක් වාර්තා කිරීමට සමත් වූහ. 

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව යැවුණ පන්දුවාරයේ දී දඹුලු ඉනිමේ කඩුලු දෙකක් දවා ගැනීමට ධනංජය ලක්ෂාන් සමත් විය. Samit Patel (1) තමන් මුහුණ දුන් තෙවැනි පන්දුවේ දී දවා ගත් ධනංජය ඉන් අනතුරුව යැවුණ දෙවැනි පන්දුවේ දී දසුන් ද දවා ගත්තේය. ඒ වෙද්දී දසුන් පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 37ක් ලබා සිටියේ ය. 

දඹුලු ඉනිම අවසන් වන විට Samiullah Shinwari සහ ඇන්ජලෝ පෙරේරා ලකුණු 9 බැගින් නොදැවි ලබා සිටියහ. පන්දු යැවීමේ දී ධනංජය ලකුණු 39කට කඩුලු 2ක් දවා ගත් අතර අසිත ප්‍රනාන්දු සහ ලක්ෂාන් සඳකැන් කඩුල්ල බැගින් දවා ගත්හ.

LPL තතුවිත්ති:

ලකුණු 208ක හඹා යන පිළිතුරු ගාලු ඉනිම ආරම්භ කළ ධනුෂ්ක ගුණතිලක සහ Ashan Ali (19) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක සබඳතාවක් ගොඩ නැගූහ. 

තම කණ්ඩායම පරාජයෙන් බේරා ගැනීම වෙනුවෙන් වගකීම් සහගත ඉනිමක් ක්‍රීඩා කළ ධනුෂ්ක ලෙහෙසියෙන් ම දවා ගැනීමට තිබූ අවස්ථා තුනක දී ප්‍රතිවාදී පන්දු රකින්නන් වෙතින් මඟ හැරුණි. ඒ ලකුණු 48 දී අතිරේක ක්‍රීඩක අශේන් බණ්ඩාර විසින් ද 55 වැනි ලකුණේ දී රමේෂ් මෙන්ඩිස් විසින් ද සහ ලකුණු 76 දී පන්දු යැවූ Anwar Ali විසිනි. එමෙන්ම විනිසුරු තීරණය අභියෝගයට ලක් කිරීමේ අවස්ථාවක් ලබා ගැනීමට ද ධනුෂ්ක (59) වාසනාවන්ත විය. 

කෙසේ වෙතත් ධනුෂ්කට ගාලු ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු සඵල කරන්න නොහැකි වන්නේ Anwarගේ පන්දුවකට ඇන්ජලෝ පෙරේරා විසින් රැකගත් උඩ පන්දුවක් හේතුවෙනි. ඒ වෙද්දී ඔහු පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 78ක් ලබා සිටියේය. 

පෙර ඉනිමේ දඹුලු නායක දසුන් ශානකගේ ඉනිම අවසන් වන විට තරගාවලියේ වැඩිම ලකුණුලාභීන්ගේ ලැයිස්තුවේ පළමුවැනියා බවට පත් වීමට සමත් වූව ද එය තමන්ගේ ඉනිමේ දී නැවත වතාවක් තමන් සතු කර ගැනීමට ගාලු ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සමත් විය. තරගය අවසන් වන විට ධනුෂ්ක ලකුණු 284ක් සහ  දසුන් ලකුණු 234ක් ද ලබා ගනිමින් එම ලැයිස්තුව නැවත ප්‍රතිනිර්මාණය කළහ. 

ගාලු නායක භානුක රාජපක්ෂ අද තරගයේ දී දැවි ගියේ නායකයෙක් ලෙසින් කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවු පහරකට යෑමෙන් ලත් දඬුවමක් ලැබූවෙක් සේ ය. රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවකට ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට යෑමෙන් ඔහු දැවී යන විට ලබා සිටියේ ලකුණු 5ක් පමණි. 

ධනුෂ්කට අමතරව අද තරගයේ දී Azam Khan ද මංගල අර්ධ ශතක ලාභීන්ගේ ලැයිස්තුවට එක් වීම කැපී පෙනුණි. ඔහු පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තේය. Azam සහ දසුන් අතර තෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 94කි. 

ඉනිමේ 17 වැනි පන්දුවාරයේ දී Chadwick Walton (15) සහ ශෙහාන් ජයසූරිය (1) දවා ගනිමින් ගාලු ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු අවදානමේ දැමීමට Anwar Ali සමත් විය. තරගයේ වීරයා ද ඔහු ගාලු ඉනිම අවසන් වන විට ලකුණු 37කට කඩුලු 3ක් දවා ගෙන සිටියේය.

මේ වන විට මෙම කණ්ඩායම් දෙක තරග අවසන් කළ ආකාරය

Team M W L T PT
Dambulla Viiking 5 4 1 0 8
Galle Gladiators 5 0 5 0 0

Result


Dambulla Aura
207/4 (20)

Galle Gladiators
198/7 (20)

Batsmen R B 4s 6s SR
Upul Tharanga c Dhananjaya Lakshan b Asitha Fernando 77 54 11 1 142.59
Niroshan Dickwella c Shehan Jayasuriya b Lakshan Sandakan 60 37 5 3 162.16
Dasun Shanaka c Mohammad Amir b Dhananjaya Lakshan 37 21 2 3 176.19
Samit Patel b Dhananjaya Lakshan 1 3 0 0 33.33
Samiullah Shinwari not out 9 5 2 0 180.00
Angelo Perera not out 9 3 0 1 300.00


Extras 14 (b 0 , lb 8 , nb 3, w 3, pen 0)
Total 207/4 (20 Overs, RR: 10.35)
Did not bat Ramesh Mendis, Anwar Ali, Malinda Pushpakumara, Sudeep Tyagi, Kasun Rajitha,

Bowling O M R W Econ
Mohammad Amir 4 0 23 0 5.75
Shehan Jayasuriya 3 0 28 0 9.33
Dhananjaya Lakshan 3 0 39 2 13.00
Danushka Gunathilaka 3 0 23 0 7.67
Asitha Fernando 4 0 56 1 14.00
Lakshan Sandakan 3 0 30 1 10.00


Batsmen R B 4s 6s SR
Danushka Gunathilaka c Angelo Perera b Anwar Ali 78 52 10 1 150.00
Ahsan Ali c Anwar Ali b Samit Patel 19 16 3 0 118.75
Bhanuka Rajapakse st Niroshan Dickwella b Ramesh Mendis 5 4 1 0 125.00
Azam Khan c Lahiru Madushanka b Dasun Shanaka 55 24 7 3 229.17
Chadwick Walton c Niroshan Dickwella b Anwar Ali 15 12 1 1 125.00
Shehan Jayasuriya c Ramesh Mendis b Anwar Ali 1 2 0 0 50.00
Milinda Siriwardane not out 13 9 1 1 144.44
Dhananjaya Lakshan lbw b Kasun Rajitha 0 1 0 0 0.00
Mohammad Amir not out 1 1 0 0 100.00


Extras 11 (b 0 , lb 4 , nb 1, w 6, pen 0)
Total 198/7 (20 Overs, RR: 9.9)
Did not bat Lakshan Sandakan, Asitha Fernando,

Bowling O M R W Econ
Anwar Ali 4 0 37 3 9.25
Kasun Rajitha 4 0 38 1 9.50
Sudeep Tyagi 1 0 23 0 23.00
Samit Patel 3 0 31 1 10.33
Ramesh Mendis 3 0 30 1 10.00
Samiullah Shinwari 1 0 13 0 13.00
Malinda Pushpakumara 2 0 26 0 13.00
Dasun Shanaka 2 0 10 1 5.00



තරගාවලියේ 13 වැනි තරගය වන Colombo Kings සහ Kandy Tuskers අතර තරගය අද (05) රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිත ය. හෙට (06) තරගාවලියේ තවත් විවේක දිනයකි. 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<