ලසිත් සහ ලක්ෂිත දක්ෂතා දක්වයි

134

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League – Tier A ක්‍රිකට් තරගාවලියේ අද (8) පැවති තරග අතුරින් ලසිත් ලක්ෂාන් ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්වූ අතර පන්දු යැවීමේ දී ලක්ෂිත මනසිංහ දක්ෂතා දැක්විය.  

බී. ආර්. සී. ක්‍රීඩා සමාජයේ ලසිත් ලක්ෂාන් මීගමු ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 189කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 133ක් ලබා ගනිමින් දිනයේ වාර්තා කළ එක ම ශතකයේ හිමිකරු විය. 

දවසේ වීරයන්ගේ කිරුළ රොෂේන් සහ ධනුෂ්කට

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League – Tier A ක්‍රිකට් තරගාවලියේ අද (7) පැවති තරග අතරින් වැඩි දක්ෂතා දැක්වීමට……….

මීගමුව ක්‍රිකට් සමාජයේ ලක්ෂිත මනසිංහ බී. ආර්. සී. ක්‍රීඩා සමාජයේ කඩුලු 8ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූයේ දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරමිනි.

Tier A – Group A

සී. සී. සී. සහ කෝල්ට්ස් 

සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සී. සී. සී. ක්‍රීඩකයෝ සමත් වෙති. 

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 205 (53.2) සංතුශ් ගුණතිලක 67, විශාද් රන්දික 46, ධනංජය ලක්ෂාන් 29, විශ්ව ප්‍රනාන්දු 3/40, සොනාල් දිනූෂ 6/55 සහ දෙවැනි ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 58කදී කඩුලු කඩුලු 8ක් දැවී 212) සියලුම දෙනා දැවී 239 (65.4) හේෂාන් ධනුශ්ක 25, සංතුශ් ගුණතිලක 44, විශාද් රන්දික 73, ධනංජය ලක්ෂාන් 41, විශ්ව ප්‍රනාන්දු 3/37, සොනාල් දිනූෂ 5/100 

සී. සී. සී.; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 22කදී කඩුලු 3ක් දැවී 128) සියලුම දෙනා දැවී 244 (59.2) මිනෝද් භානුක 99, ලසිත් අබේරත්න 38, සොනාල් දිනූෂ 26, ඩිල්රුවන් පෙරේරා 5/95, ප්‍රභාත් ජයසූරිය 4/76 සහ දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 203 (58.1) රොන් චන්ද්‍රගුප්ත 35, මිනෝද් භානුක 44, ලසිත් අබේරත්න 45, සොනාල් දිනූෂ නොදැවී 30, කවිඳු නදීශාන් නොදැවී 22, නිපුන් රංසික 3/34, ඩිල්රුවන් පෙරේරා 4/80


මීගමුව සහ බී. ආර්. සී. 

බේබෘaක් පෙදෙස මුවර්ස් ක්‍රිකට් පිටියේ පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා වුණි. 

බී. ආර්. සී.; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 91කදී කඩුලු 9ක් දැවී 282) සියලුම දෙනා දැවී 328 (105.4) ලසිත් ලක්ෂාන් 59, ලිසුල ලක්ෂාන් 49, ශනුක දුලාජ් 68, දේශාන් ඩයස් 36, උමේෂ්ක මොරායස් 33, හෂාන් සංදීප නොදැවී 28, උපුල් ඉන්ද්‍රසිරි 7/120 සහ දෙවැනි ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 13.3කදී කඩුල්ලක් දැවී 35) සියලුම දෙනා දැවී 289 (64.2) ලසිත් ලක්ෂාන් 133, භානුක රාජපක්ෂ 55, රමින්ද විජේසූරිය 30, කෙවින් කොත්තිගොඩ 30, ලක්ෂිත මනසිංහ 8/57

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 279 (56.1) මාධව වර්ණපුර 55, ඇන්ජලෝ ජයසිංහ 109, සාඩ් නසිම් 51, මොහොමඩ් ෂිරාස් 3/65, කෙවින් කොත්තිගොඩ 2/28, ලසිත් ලක්ෂාන් 4/21 සහ දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 171 (39) පසිඳු ලක්ෂාන් 52, අශේන් සිල්වා 25, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 53, මාධව වර්ණපුර නොදැවී 31

හංසජ ජයසිංහ සුලෝහිත සංග්‍රාමය සාමකාමී කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර අද (8) කොළඹ 7, මේට්ලන්ඩ්……

යුද හමුදාව සහ මුවර්ස් 

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ. 

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 90ක දී කඩුලු 6ක් දැවී 349) සහ සියලුම දෙනා දැවී 374 (96.3) අශාන් රන්දික 77, ලක්ෂාන් එදිරිසිංහ 86, දිනේෂ් චන්දිමාල් 84, දුශාන් විමුක්ති 61, යශෝධ මෙන්ඩිස් 27, ධනුශ්ක රණසිංහ 76/8 සහ දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 30 (6.5) අශාන් රන්දික 23, ධනුශ්ක රණසිංහ 2/21

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 128 (43.1) චරිත කුමාරසිංහ 20, නිපුන් කරුණානායක 31, අදීශ තිලාංචන 25, යොහාන් මෙන්ඩිස් 7/18 සහ දෙවැනි ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 26කදී කඩුලු 2ක් දැවී 107) සියලුම දෙනා දැවී 275 (67.1) පබසර වඩුගේ 62, මොහොමඩ් ෂමාස් 62, නිපුන් කරුණානායක 31, අනුක් ප්‍රනාන්දු නොදැවී 25, යොහාන් මෙන්ඩිස් 3/42, අසේල ගුණරත්න 5/63

Tier A – Group B

සැරසන්ස් සහ හලාවත මේරියන්ස් 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයෙන් කඩුලු 10ක ජයග්‍රහණයක් හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සතු වූහ. 

සැරසන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 176 (83) පැතුම් මධුශංක 29, සාලිය සමන් 35, චාමිකර එදිරිසිංහ නොදැවී 24, .තික්ෂිල ද සිල්වා 2/74, චතුරංග කුමාර 3/25, නිමේෂ් විමුක්ති 4/39 සහ දෙවැනි ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට පන්දුවාර 9ක දී කඩුලු 2ක් දැවී 31) සියලුම දෙනා දැවී 123 (37.3) හර්ෂ රාජපක්ෂ 25, සිතාර ගිම්හාන් 22, තික්ෂිල ද සිල්වා 2/31, චතුරංග කුමාර 4/52, නිමේෂ් විමුක්ති 2/12, සුමිත් ගඩිගන්කර් 2/15

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 281 (70.5) ලසිත් කෘaස්පුල්ලේ 45, ඔෂද ප්‍රනාන්දු 69, සුමිත් ගඩිගන්කර් 60, කසුන් විදුර නොදැවී 49, පුලින තරංග 25, මොහොමඩ් ඩිල්ශාඩ් 4/63, චාමිකර එදිරිසිංහ 3/105 සහ දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 19 (6.4)

ප්‍රියංජන් සහ මිලන්ත අගනා ඉනිමක

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා සභාපති ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ……

රාගම සහ ලංකන් 

එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට රාගම ක්‍රීඩකයෝ සමත් වෙති.

ලංකන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 205 (77) ප්‍රිමෝෂ් පෙරේරා 57, කේශාන් විජේරත්න 51, සහන් නානායක්කාර නොදැවී 20, ශෂික දුල්ශාන් 5/26, අමිල අපොන්සු 2/42 සහ දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 226 (72.4) මාලිංග අමරසිංහ 32, චානක රුවන්සිරි 43, රිසිත් උපමාල් 30, කසුන් අබේරත්න 35, දමිත සිල්වා 25, නසාර් හුසේන් 2/32, අමිල අපෝන්සු 4/59, නිශාන් පීරිස් 3/61

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 12කදී කඩුල්ලක් දැවී 33) කඩුලු 6ක් දැවී 417 (99) ලහිරු තිරිමාන්න 21, රොෂේන් සිල්වා 165, නිශාන් මධුශ්ක 154, සුපේෂල ජයතිලක නොදැවී 22, උදිත් මධුශාන් 3/103 සහ දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 16 (2.4) 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<