Home Sinhala හංසජ ජයසිංහ සුලෝහිත සංග්‍රාමය සාමකාමී කරයි

හංසජ ජයසිංහ සුලෝහිත සංග්‍රාමය සාමකාමී කරයි

105
Ananda College vs Nalanda College

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර අද (8) කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී නිමා වූ 91 වැනි සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

දෙවිදුහල් අතර තරග ඉතිහාසයේ ජය පරාජයෙන් තොරව නිමා වූ 73 වැනි තරගය ලෙසින් මෙය ඉතිහාසයට එක් විය. තරගයේ ප්‍රතිඵලය මේ ආකාරයෙන් විසඳීමේ දී ආනන්ද විද්‍යාලයේ හංසජ ජයසිංහ ගේ දක්ෂ පිතිහරඹයට වැදගත් වටිනාකමක් ලැබුණි. 

රවීන්, රශාන් සහ වාසල නාලන්දාව වෙනුවෙන් ජය කඳවුරු බඳියි

නාලන්දා විද්‍යාලයේ රවීන් ද සිල්වාගේ සහ රශාන් දිසානායකගේ ප්‍රවේගවත් පිතිකරණයට

කාසියේ වාසිය දිනා ගත් ආනන්ද නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නාලන්දා ක්‍රීඩකයෝ තම ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 307ක් ලබා ගනිමින් සෑහීමකට පත් වෙමින් ඉනිම අත් හිටවූහ. ඒ අනුව පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ආනන්ද ක්‍රීඩකයෝ පළමු දිනය නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 79ක් ලබා ඉතා අසීරු තත්ත්වයකය. 

තරගයේ දෙවැනි දිනය ආරම්භ වූයේ ආනන්ද ක්‍රීඩකයන්ට තම ගෞරවය බේරා ගැනීමේ සටනකට කැඳවමිනි. නමුත් ඔවුන්ට පළමු ඉනිමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 150ක් පමණි. ඉන් ලකුණු 59ක්ම නෙත්ම කරුණාරත්න සතු විය. ඔහු පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තේය. 

Photos: Ananda College vs Nalanda College | 91st Battle of the Maroons – Day 2

දිනයේ පළමු කඩුල්ල ලෙසින් දැවී ගියේ ජනිඳු ජයවර්ධන ය. ඔහුට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 7ක් පමණි. ඔහු සමගින් දසුන් තාරුක (2), විනිත් ප්‍රේමරත්න (2) සහ දිනෙත් නිශ්ශංක (4) අඩු ලකුණුවලට සීමා වෙද්දී සවිරු බණ්ඩාර පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 13ක් ලබා සිටියේය. 

කඩුලු ලබා ගැනීමේ දී පෙර දිනයේ ලකුණු 24කට කඩුලු 3ක් දවා ගෙන සිටි ජිතේශ් වාසල අද තවත් කඩුලු 2ක් දවා ගනිමින් ලකුණු 63කට කඩුලු 5ක් දවා ගත්තේය. ඊට අමතරව රවීන් ද සිල්වා කඩුලු 2ක් ද, දිනෙත් සමරවීර, මහිම වීරකෝන් සහ අනුද ජිත්වර කඩුල්ල බැගින් ද ලබා ගත්හ. 

වසර තුනක තර්ස්ටන් එක්දින ජයග්‍රහණ රැල්ලට තිත

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර ඩබ්. ඒ. ද සිල්වා අනුස්මරණ

ලකුණු 157ක් පිටුපස සිටිමින් ඉනිම පරාජයෙන් ගැලවීමට නැවත වරක් පිටියට පිවිසීමට ආනන්ද ක්‍රීඩකයන්ට සිදු වූහ. තරගය අවසන් වන විට ඔවුන්ගේ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 7ක් දැවී ලකුණු 225ක් ලෙසිනි. ඒ අනුව ඔවුන් නාලන්දාවට වඩා ලකුණු 68ක් ඉදිරියෙන් සිටියහ. 

තම ගෞරවය බේරා ගැනීමේ ඉනිමේ දී වැඩි කාර්ය භාරයක් කළේ හංසජ ජයසිංහ ය. ඔහු පන්දු 133කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 89ක් ලබා ගත්තේය. 

ආනන්ද දෙවැනි ඉනිමේ අවසානය එසේ වූව ද ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැත. ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 15ක් වෙද්දී දවා ගැනීමට පළමු ඉනිමේ සාර්ථකම පන්දු යවන්නා වූ ජිතේශ් වාසල සමත් විය. නමුත් ඉන් අනතුරුව කඩුල්ලේ දී නායක කනිශ්ක රන්තිලකගේ සහ නෙත්ම කරුණාරත්න ලකුණු 51ක සබඳතාවක් එක් කරමින් ආනන්දනීය ඉනිමකට මඟ විවර කළහ. 

එහෙත් එතැන් සිට ලබා ගත් ලකුණු 10ක් ඇතුළත කඩුලු 3ක් දවා ගැනීමට නාලන්දා ක්‍රීඩකයෝ නැවත සමත් වීම තුළ තරගය විසඳුමකින් නිමා වේ යැයි බොහෝ දෙනෙක්ගේ මතය විය. එහෙත් හංසජ ජයසිංහ එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් පෑ දක්ෂතා හේතුවෙන් නාලන්දාවන්ගේ සියලු බලාපොරොත්තු සුන් වූහ. 

ආනන්ද දෙවැනි ඉනිම වෙනුවෙන් කනිශ්ක රන්තිලකගේ පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 37ක් ලබා ගනිද්දී නෙත්ම කරුණාරත්න පන්දු 53ක දී ලකුණු 20ක් ද සහ දසුන් තරුක පන්දු 82ක දී ලකුණු 29ක් ද ලබා ගත්තේය. 

වාර්තා සමඟින් සාන්තුවරුන්ගේ සටන නිමා වෙයි

සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය අතර පැවති 86 වැනි සාන්තුවරුන්ගේ සටන අද (07)

අන්ජ ජයවීර (6), විනිත් ප්‍රේමරත්න (6), ජනිඳු ජයවර්ධන (7), කළණ විජේසිරි (0) නැවත අසාර්ථක පිතිකරුවන් බවට පත්වෙද්දී තරගය නතර කරන විට සවිරු බණ්ඩාර නොදැවී ලකුණු 5ක් ලබා සිටියේය. 

ආනන්ද දෙවැනි ඉනිම පාලනය කිරීමට නාලන්දාව පන්දු යවන්නෝ 8 දෙනෙක්ම යොදා ගත්ත ද ඉන් සාර්ථක වූයේ රවීන් ද සිල්වා සහ අවිශ්ක පෙරේරා පමණි. 

තරගයේ වීරයා ලෙසින් නාලන්දා විද්‍යාලයේ රවීන් ද සිල්වා නම් කෙරුණ අතර තරගයේ දක්ෂතම පිතිකරු ලෙසින් ආනන්ද විද්‍යාලයේ හංසජ ජයසිංහ නම් කෙරුණි. තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් ජිතේශ් වාසල ද දක්ෂතම පන්දු රකින්නා ලෙසින් රනිඳු ද සිල්වා ද නම් කෙරුණි. ඔවුන් දෙදෙනා ම නාලන්දා ක්‍රීඩකයෝ වෙති.

Result

Match drawn

Ananda College
150/10 (51) & 225/7 (69)

Nalanda College
307/4 (54.5)

Batsmen R B 4s 6s SR
Avishka Perera c Hansaja Jayasinghe b Shashika Umayanga 26 33 4 0 78.79
Ranindu de Silva c Deneth Pramoditha Nissanka b J Jayawardene 28 59 3 0 47.46
Chamindu Wijesinghe c Shashika Umayanga b Deneth Pramoditha Nissanka 56 71 5 2 78.87
Raveen De Silva not out 100 81 11 4 123.46
Moksha Sankalpa c Mineth Premarathna b Deneth Pramoditha Nissanka 5 12 1 0 41.67
Rashan Dissanayanake not out 77 75 12 0 102.67


Extras 15 (b 1 , lb 4 , nb 2, w 8, pen 0)
Total 307/4 (54.5 Overs, RR: 5.6)
Fall of Wickets 1-52 (10.4) Avishka Perera, 2-89 (21.6) Ranindu de Silva, 3-143 (31.6) Chamindu Wijesinghe, 4-148 (33.6) Moksha Sankalpa,

Bowling O M R W Econ
Deneth Pramoditha Nissanka 10 2 34 2 3.40
Dasun Tharaka 12 0 75 0 6.25
Shashika Umayanga 13 1 77 1 5.92
J Jayawardene 12 1 77 1 6.42
Saviru Bandara 7.5 2 40 0 5.33
Batsmen R B 4s 6s SR
Anuda Jayaweera b Jithesh Wasala 13 10 3 0 130.00
Kanishka Rantilakage c Ranindu de Silva b Jithesh Wasala 11 8 2 0 137.50
Kalana Wijesiri c Ranindu de Silva b Jithesh Wasala 3 11 0 0 27.27
Nethma Karunaratne lbw b Raveen De Silva 59 132 9 0 44.70
Shashika Umayanga c Avishka Perera b Jithesh Wasala 0 5 0 0 0.00
Hansaja Jayasinghe b Mahima Weerakoon 26 55 4 0 47.27
Janindu Jayaweera c Moksha Sankalpa b Anudha Jithwara 7 48 0 0 14.58
Dasun Tharaka c Ranindu de Silva b Jithesh Wasala 2 11 0 0 18.18
Saviru Bandara not out 13 27 2 0 48.15
Mineth Premarathna lbw b Raveen De Silva 2 5 0 0 40.00
Deneth Pramoditha Nissanka c Chamindu Wijesinghe b Jithesh Wasala 4 4 1 0 100.00


Extras 10 (b 0 , lb 0 , nb 10, w 0, pen 0)
Total 150/10 (51 Overs, RR: 2.94)
Fall of Wickets 1-21 (2.3) Kanishka Rantilakage, 2-27 (3.2) Anuda Jayaweera, 3-34 (7.1) Kalana Wijesiri, 4-34 (7.6) Shashika Umayanga, 5-67 (23.3) Hansaja Jayasinghe, 6-100 (37.3) Janindu Jayaweera, 7-113 (42.2) Dasun Tharaka, 8-0 (47.5) Nethma Karunaratne, 9-143 (49.6) Mineth Premarathna, 10-150 (50.6) Deneth Pramoditha Nissanka,

Bowling O M R W Econ
Dineth Samaraweera 15 4 43 1 2.87
Jithesh Wasala 17 4 63 5 3.71
Ranindu de Silva 2 1 1 0 0.50
Raveen De Silva 7 1 28 2 4.00
Mahima Weerakoon 3 1 6 1 2.00
Chamodya Rajapaksha 2 0 2 0 1.00
Anudha Jithwara 5 1 7 1 1.40


Batsmen R B 4s 6s SR
Kanishka Rantilakage c Rashan Dissanayanake b Anudha Jithwara 37 68 7 0 54.41
Anuda Jayaweera c Ranindu de Silva b Jithesh Wasala 6 20 0 0 30.00
Nethma Karunaratne c Moksha Sankalpa b Raveen De Silva 20 53 2 0 37.74
Mineth Premarathna b Raveen De Silva 6 17 1 0 35.29
Hansaja Jayasinghe not out 89 135 11 1 65.93
Dasun Tharaka c Vihanga Vimanga b Ranindu de Silva 29 82 4 0 35.37
Janindu Jayaweera c Mahima Weerakoon b Avishka Perera 7 33 0 0 21.21
Kalana Wijesiri c Chamindu Wijesinghe b Avishka Perera 0 5 0 0 0.00
Saviru Bandara not out 5 8 0 0 62.50


Extras 26 (b 12 , lb 9 , nb 4, w 1, pen 0)
Total 225/7 (69 Overs, RR: 3.26)
Fall of Wickets 1-15 (7.1) Anuda Jayaweera, 2-65 (22.6) Nethma Karunaratne, 3-66 (23.1) Kanishka Rantilakage, 4-76 (28.3) Mineth Premarathna, 5-187 (57.3) Dasun Tharaka, 6-209 (64.6) Janindu Jayaweera, 7-217 (66.5) Kalana Wijesiri,

Bowling O M R W Econ
Jithesh Wasala 10 2 29 1 2.90
Dineth Samaraweera 8 2 22 0 2.75
Anudha Jithwara 8 2 14 1 1.75
Mahima Weerakoon 8 0 28 0 3.50
Chamodya Rajapaksha 8 1 14 0 1.75
Raveen De Silva 18 2 65 2 3.61
Ranindu de Silva 6 0 16 1 2.67
Avishka Perera 3 0 16 2 5.33



දෙවිදුහල් අතර පැවැත්වෙන පී. ද එස්. කුලරත්න අනුස්මරණ අභියෝග කුසලාන වාර්ෂික සීමිත පන්දුවාර තරගය මේ මස 15 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේ දී ම පැවැත්වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<