දවසේ වීරයන්ගේ කිරුළ රොෂේන් සහ ධනුෂ්කට

119

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League – Tier A ක්‍රිකට් තරගාවලියේ අද (7) පැවති තරග අතරින් වැඩි දක්ෂතා දැක්වීමට රාගම ක්‍රිකට් සමාජයේ රොෂේන් සිල්වා සහ මුවර්ස් ක්‍රීඩා සමාජයේ ධනුෂ්ක රණසිංහ සමත් වූහ.

ප්‍රභාත් සහ ලසිත ශතක සබඳතාවක

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ…..

රොෂේන් සිල්වා ලංකන් ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දු 247කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟින් ලකුණු 165ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී වමතින් වේගපන්දු යැවූ ධනුශ්ක රණසිංහ යුද හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 76කට කඩුලු 8ක් දවා ගත්තේය. මෙම තරගය ඔහුගේ පළමු පෙළ තුන් දින පළමු තරගයයි.

මීට අමතරව එන්. සී. සී. කණ්ඩායමේ පැතුම් නිස්සංක පෙර දිනයේ නොදැවී ලකුණු 83ක් ලබා සිටි අතර අද ඔහු පන්දු 156කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 101ක් ලබා ගත්තේය. බදුරලිය සමඟ පැවති මෙම තරගය තණතිරූවේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් නතර කරන ලදි. 

රාගම ක්‍රිකට් සමාජය වෙනුවෙන් නිශාන් මධුශ්ක ද පන්දු 176කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 154ක් ලබා ගත්තේය. ඔහු රොෂේන් සිල්වා සමඟ එක්වෙමින් දෙදෙනා ලංකන් ක්‍රිකට් සමාජයට එරෙහිව එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 296ක සබඳතාවක් ගොඩ නැගීම ද කැපී පෙණුනි. 

මීගමුව ක්‍රිකට් සමාජයේ ඇන්ජලෝ ජයසිංහ ද පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් බී. ආර්. සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 109ක් ලබා ගත්තේය. 

ශ්‍රී ලංකා යුද හමුදාව සහ මුවර්ස් අතර තරගයේ දී ම දකුණතින් වේගපන්දු යැවූ යුද හමුදා ක්‍රීඩක යසෝධ මෙන්ඩිස් ලකුණු 18කට කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය.  

දෙපිළටම දෝලනය වූ තරගයේ මුල් දින වාසිය සාන්ත ජෝසප් විද්‍යාලයට

දිනෙත් ජයකොඩි සහ සදීෂ් ජයවර්ධන විසින් සාන්තුවරයින්ගේ ක්‍රිකට් සංග්‍රාම ඉතිහාසයේ වාර්තා….

Tier A – Group A

සී. සී. සී. සහ කෝල්ට්ස් (සී. සී. සී. පිටියේ දී) 

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 205 (53.2) සංතුශ් ගුණතිලක 67, විශාද් රන්දික 46, ධනංජය ලක්ෂාන් 29, විශ්ව ප්‍රනාන්දු 3/40, සොනාල් දිනූෂ 6/55 සහ දෙවැනි ඉනිම කඩුලු කඩුලු 8ක් දැවී 212 (58) හේෂාන් ධනුශ්ක 25, සංතුශ් ගුණතිලක 44, විශාද් රන්දික 73, ධනංජය ලක්ෂාන් නොදැවී 26, විශ්ව ප්‍රනාන්දු 3/25, සොනාල් දිනූෂ 5/98, 

සී. සී. සී.; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 22ක දී කඩුලු 3ක් දැවී 128) සියලුම දෙනා දැවී 244 (59.2) මිනෝද් භානුක 99, ලසිත් අබේරත්න 38, සොනාල් දිනූෂ 26, ඩිල්රුවන් පෙරේරා 5/95, ප්‍රභාත් ජයසූරිය 4/76


මීගමුව සහ බී. ආර්. සී. (මුවර්ස් ක්‍රිකට් පිටියේ දී)

බී. ආර්. සී.; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 91ක දී කඩුලු 9ක් දැවී 282) සියලුම දෙනා දැවී 328 (105.4) ලසිත් ලක්ෂාන් 59, ලිසුල ලක්ෂාන් 49, ශනුක දුලාජ් 68, දේශාන් ඩයස් 36, උමේෂ්ක මොරායස් 33, හෂාන් සංදීප නොදැවී 28, උපුල් ඉන්ද්‍රසිරි 7/120 සහ දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 35 (13.3)

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 279 (56.1) මාධව වර්ණපුර 55, ඇන්ජලෝ ජයසිංහ 109, සාඩ් නසිම් 51, මොහොමඩ් ෂිරාස් 3/65, කෙවින් කොත්තිගොඩ 2/28, ලසිත් ලක්ෂාන් 4/21


යුද හමුදාව සහ මුවර්ස් (පනාගොඩ දී)

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 90ක දී කඩුලු 6ක් දැවී 349) සහ සියලුම දෙනා දැවී 374 (96.3) අශාන් රන්දික 77, ලක්ෂාන් එදිරිසිංහ 86, දිනේෂ් චන්දිමාල් 84, දුශාන් විමුක්ති 61, යශෝධ මෙන්ඩිස් 27, ධනුශ්ක රණසිංහ 76/8

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමුඉනිම සියලුම දෙනා දැවී 128 (43.1) චරිත කුමාරසිංහ 20, නිපුන් කරුණානායක 31, අදීශ තිලාංචන 25, යොහාන් මෙන්ඩිස් 7/18, සහ දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 107 (26) පබසර වඩුගේ නොදැවී 58

එක් වෙනස්කමක් සමඟින් ශ්‍රී ලංකාව පිතිකරණයට!

පරාජයකින් අවසන් වූ කොදෙව් – ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස තරගයෙන් පසුව මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පිළ අද…..


Tier A – Group B

බදුරලිය සහ එන්. සී. සී. (මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)

එන්. සී. සී.; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 41ක දී කඩුලු 2ක් දැවී 133) කඩුලු 2ක් දැවී 187 (55.2) පැතුම් නිස්සංක නොදැවී 101, හසිත බෝයගොඩ 33, උපුල් තරංග නොදැවී 44, ටී. එන්. සම්පත් 2/69


සැරසන්ස් සහ හලාවත මේරියන්ස් (ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)

සැරසන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 176 (83) පැතුම් මධුශංක 29, සාලිය සමන් 35, චාමිකර එදිරිසිංහ නොදැවී 24, .තික්ෂිල ද සිල්වා 2/74, චතුරංග කුමාර 3/25, නිමේෂ් විමුක්ති 4/39 සහ දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 31 (9)

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 281 (70.5) ලසිත් කෘaස්පුල්ලේ 45, ඔෂද ප්‍රනාන්දු 69, සුමිත් ගඩිගන්කර් 60, කසුන් විදුර නොදැවී 49, පුලින තරංග 25, මොහොමඩ් ඩිල්ශාඩ් 4/63, චාමිකර එදිරිසිංහ 3/105 


රාගම සහ ලංකන් (එන්. සී. සී. පිටියේ දී)

ලංකන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 205 (77) ප්‍රිමෝෂ් පෙරේරා 57, කේශාන් විජේරත්න 51, සහන් නානායක්කාර නොදැවී 20, ශෂික දුල්ශාන් 5/26, අමිල අපොන්සු 2/42

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 12කදී කඩුල්ලක් දැවී 33) කඩුලු 6ක් දැවී 417 (99) ලහිරු තිරිමාන්න 21, රොෂේන් සිල්වා 165, නිශාන් මධුශ්ක 154, සුපේෂල ජයතිලක නොදැවී 22, උදිත් මධුශාන් 3/103

මෙම තරග සියල්ලම හෙට (08) තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<