තරිඳු සඳරුවන් පාපැදි ජාතික කිරුළ දිනා ගනී

46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල

164
46th National Sports Festival

ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන පිරිමි පාපැදි තරගය පසුගිය දා කතරගම නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුනා.

කතරගම බස්නැවතුම්පොළ අසලින් ආරම්භ වූ මෙම තරගයේ සමාරම්භය සිදු කළේ ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල් අමල් එදිරිසූරිය මහතාගේ සංඥාවත් සමඟිනි.

කිලෝමීටර 150.08ක දුරකින් යුක්ත වූ මෙවර තරගය සඳහා මුළු තරගකරුවන් 158 දෙනෙකු සහභාගී වී සිටියා.

ඉතා උණුසුම් මුහුණුවරක් වරක් ගත් මෙම තරගය තියුණු සටනකින් පසුව පැය 3:40:34කින් අවසන් කරමින් ජාතික කිරුළ දිනා ගැනීමට දකුණු පළාත නියෝජනය කළ තරිඳු සඳරුවන් සමත් වුනා.

තවත් ක්‍රීඩා පුවත්:

තරගය පැය 3:40:35ක කාලයකින් අවසන් කළ බස්නාහිර ක්‍රීඩක සුරංග රණවීර දෙවැනි ස්ථානයත්, පැය 3:40:42ක කාලයකින් අවසන් කළ බස්නාහිර ක්‍රීඩක තුෂාන් රාජපක්ෂ තෙවැනි තැනත් දිනා ගැනීමට සමත් වුනා.

තරගයේ ජය සංකේත ප්‍රදානෝත්සවය මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කතරගම බස්නැවතුම්පොළේ දී පැවැත්වුනා.

46 වන ජාතික මහා ක්‍රීඩා උළෙල  – 2020

 පාපැදි තරගාවලිය  (පිරිමි )  – ප්‍රතිඵල සටහන  

ලබාගත් ස්ථානය ක්‍රීඩකයාගේ නම පළාත වාර්තා කළ කාලය ත්‍යාග
පළමු වැනි ස්ථානය එච්. ආර්. තරිඳු සඳරුවන් දකුණුපළාත 03.40: 34 ජය සංකේතය සමඟ මුදලින් 

රු. 50,000/-ක්

‍දෙවැනි ස්ථානය කේ. ආර්. කේ. ආර්. සුරංග රණවීර බස්නාහිර පළාත 03.40: 35 ජය සංකේතය සමඟ මුදලින් 

රු. 40,000/-ක්

තෙවැනි ස්ථානය තුෂාන් රාජපක්ෂ බස්නාහිර පළාත 03.40: 42 ජය සංකේතය සමඟ මුදලින් 

රු. 30,000/-ක්

සිව්වැනි ස්ථානය එල්. එස්. චමෝද් ද සිල්වා බස්නාහිර පළාත 03.42: 53 ත්‍යාග පාර්සලය සමඟ මුදලින් 

රු. 20,000/-ක්

පස්වැනි ස්ථානය එස්. ඒ. එස්. දීමන්ත බස්නාහිර පළාත 03.42: 53 ත්‍යාග පාර්සලය සමඟ මුදලින් 

රු. 18,000/-ක්

හයවැනි ස්ථානය ඩී. ඒ. සුරේෂ් ප්‍රසංග දකුණු

පළාත

03.42: 53 ත්‍යාග පාර්සලය සමඟ මුදලින් 

රු. 16,000/-ක්

හත්වැනි ස්ථානය එස්. එම්. එන්. පසිඳු තිසේරා බස්නාහිර

පළාත

03.42: 53 ත්‍යාග පාර්සලය සමඟ මුදලින්

 රු. 14,000/-ක්

අටවැනි ස්ථානය ඒ. පී. නිෂාන් ලංකා මෙන්ඩිස් දකුණු පළාත 03.42: 53 ත්‍යාග පාර්සලය සමඟ මුදලින්     රු. 12,000/-ක්
නවවැනි ස්ථානය පී. චරිත් නිර්මල ප්‍රනාන්දු බස්නාහිර

පළාත

03.42: 53 ත්‍යාග පාර්සලය සමඟ මුදලින් 

රු. 10,000/-ක්

දසවැනි ස්ථානය පී. ජේ. එම්. ජේ. සිල්වා බස්නාහිර පළාත 03.42: 53 ත්‍යාග පාර්සලය සමඟ මුදලින් 

රු. 8,000/-ක්

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<