මහේෂ්, රිසිත් සහ නවීන් දවස වර්ණවත් කරයි

SLC Major League Cricket Tournament 2022

232

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League තුන්දින ක්‍රිකට් තරගාවලියේ 11 වැනි සතියේ දෙවැනි දිනය වූ අද (29) දවසේ දී මහේෂ් කුමාර සහ රිසිත් උපමාල් ශතක ලබා ගනිද්දී, නවීන් කවිකාර දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වුනා.

පෙර දින ලකුණු 93ක් ලබා සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ මහේෂ් කුමාර අද තම ශතකය සපුරා ගත්තේ දිනයේ පළමු ශතකලාභියා වෙමින්. ඔහු පන්දු 176කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින්  ලකුණු 106ක් ලබා ගත්තේ හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිවයි.

ලංකන් ක්‍රිකට් කණ්ඩායමේ දකුණත් පිතිකරු රිසිත් උපමාල් සෙබස්තියනයිට්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 270කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 108ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ වමතින් දඟපන්දු යවන නවීන් කවිකාර ටැමිල් යූනියන් කණ්ඩායමට එරෙහිව ලකුණු 100කට කඩුලු 6ක් දවා ගත්තා.

පෙර දින නොදැවී ශතකයක් ලබා සිටි මූවර්ස් කණ්ඩායමේ පසිඳු සූරියබණ්ඩාර අද තම පළමු පෙළ හොඳම ඉනිම වාර්තා කිරීමට සමත් වුනා. ඔහු කළුතර කණ්ඩායමට එරෙහිව පන්දු 243කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 181ක් ලබා ගත්තා. ඒ සමඟ  ම ඔහු මෙවර Major League තරගාවලියේ පිතිකරුවන්ගේ දක්ෂතා ලැයිස්තුවේ දෙවැනි අසුන වෙන්කර ගැනීමට සමත් වුනා.

පෙර දින නොදැවී ශතකයක් ලබා සිටි කෝල්ට්ස් කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් ද අද තම ඉනිම ලකුණු 154ක් දක්වා දීර්ඝ කර ගනිමින් තම පළමු පෙළ හොඳම ඉනිම බවට එය පත් කළා.

මේ අතර අද දිනය තුළ අර්ධ ශතක 25ක් වාර්තා වීම කැපී පෙනුණා. ඒ බදුරලිය කණ්ඩායමේ චලන සිල්වා, නුගේගොඩ කණ්ඩායමේ පැතුම් ඩිල්ශාන්, අභිශේක් ලියනාරච්චි සහ දිල්හාර පොල්ගම්පොළ, හලාවත මේරියන්ස් කණ්ඩායමේ ලසිත් ලක්ෂාන් සහ තික්ෂිල ද සිල්වා, කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ හර්ෂ රාජපක්ෂ, CCC කණ්ඩායමේ නිමේෂ ගුණසිංහ සහ මිනෝද් භානුක, කෝල්ට්ස් කණ්ඩායමේ විශාද් රන්දික, රාගම කණ්ඩායමේ දිනෙත් තිමෝද්‍ය, නිශාන් මධුශ්ක, ජනිත් ලියනගේ සහ අවිශ්ක තරිඳු, SSC කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය, කුරුණෑගල යූත් කණ්ඩායමේ දමිත පෙරේරා සහ සනෝජ් දර්ශික, කළුතර කණ්ඩායමේ ඉෂාන් අබේසේකර, Ace කැපිටල් කණ්ඩායමේ සකුණ ලියනගේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උදයවංශ පරාක්‍රම සහ කසුන් ඒකනායක, පොලිසි කණ්ඩායමේ දුලාශ් උදයංග සහ චාමර සිල්වා, ටැමිල් යූනියන්  කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු සහ ලංකන් කණ්ඩායමේ ඉසිවර දිසානායකයි.

පන්දු යැවීමේ දී පානදුර කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන නිමේෂ් විමුක්ති පෙර දිනයේ කඩුලු 7ක් ලබා සිටි අතර අද තවත් කඩුල්ලක් එක් කර ගනිමින් Ace කැපිටල් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 82කට කඩුලු 8ක් දවා ගත්තා. එය නිමේෂ්ගේ තම පළමු පෙළ ඉහළ ම දක්ෂතායි.

මේ අතර අනෙකුත් පන්දු යවන්නන් අතුරින් ශ්‍රී ලංකා යුද හමුදාවේ සීක්කුගේ ප්‍රසන්න හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව ද, CCC කණ්ඩායමේ මාලින්ද පුෂ්පකුමාර කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව ද, මූවර්ස් කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් කළුතර කණ්ඩායමට එරෙහිව ද සහ පානදුර කණ්ඩායමේ වනුජ සහන් Ace කැපිටල් කණ්ඩායමට එරෙහිව ද කඩුලු 5 බැගින් දවා ගැනීමට සමත් වුනා.

Group A

CCC සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය CCC ක්‍රීඩා පිටියේ දී.

  • CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 201 (76.1) චමිඳු විජේසිංහ 65, මාලිංග අමරසිංහ 92, සහන් අදීශ 6/32, සචිත්‍ර පෙරේරා 2/59
  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 144 (45.5) හර්ෂ රාජපක්ෂ 62, Ian Dev Singh 30, මාලින්ද පුෂ්පකුමාර 5/62, ලක්ෂාන් සඳකැන් 3/36
  • CCC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 263 (53) නිමේෂ ගුණසිංහ 97, මිනෝද් භානුක නොදැවී 91, පවන් රත්නායක 27, ලසිත් අබේරත්න නොදැවී 24, උමේග චතුරංග 2/65

කෝල්ට්ස් සහ රාගම අතර තරගය කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ දී.

  • කෝල්ට්ස් – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 486 (110) හෂාන් දුමිඳු 60, සංගීත් කුරේ 64, ධනංජය ලක්ෂාන් 154, ඇන්ජලෝ මැතිව්ස් 61, ප්‍රියමාල් පෙරේරා 58, විශාද් රන්දික නොදැවී 52, නිපුන් මාලිංග 2/63, සංජුල බණ්ඩාර 3/97
  • රාගම – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 262 (63) දිනෙත් තිමෝද්‍ය 29, නිශාන් මධුශ්ක 51, ජනිත් ලියනගේ 70, අවිශ්ක තරිඳු 61, නිපුන් මාලිංග 21, රොහාන් සංජය 4/67

කුරුණෑගල යූත් සහ SSC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

  • SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 375 (96.5) නිපුන් ධනංජය 29, නුවනිඳු ප්‍රනාන්දු 24, රොෂේන් සිල්වා 100, මනෝජ් සරත්චන්ද්‍ර 113, ප්‍රභාත් ජයසූරිය 57, ලහිරු ජයරත්න 2/74, දිනුෂ්ක මාලන් 3/70, නවීන් ගුණවර්ධන 3/83
  • කුරුණෑගල යූත් – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 262 (72) දමිත් පෙරේරා 95, මුදිත ප්‍රේමදාස 34, සනෝජ් දර්ශික නොදැවී 71, ලහිරු ජයරත්න 25, කළණ පෙරේරා 2/33, ප්‍රභාත් ජයසූරිය 4/80

මුවර්ස් සහ කළුතර අතර තරගය මූවර්ස් ක්‍රීඩා පිටියේ දී.

  • මූවර්ස් – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 427 (108.3) ජනිශ්ක පෙරේරා 24, දිනුක ඩිල්ශාන් 23, සොහාන් ද ලිවේරා 61, පසිඳු සූරියබණ්ඩාර 181, කවිඳු කුලසේකර 65, මොහොමඩ් ශමාස් 38, සුදාර දක්ෂිණ 2/84
  • කළුතර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 197 (59.1) නිපුන ගමගේ 35, යොහාන් මෙන්ඩිස් 27, සුකිත මනෝජ් 43, ඉෂාන් අබේසේකර 50, රමේෂ් මෙන්ඩිස් 5/90, තීසාන් විතුසාන් 4/64
  • කළුතර – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 36 (11.2)

පොලිසිය සහ ගාල්ල අතර තරගය පොලිස් උද්‍යාන පිටියේ දී

  • ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 223 (63.2) Nishant Kushwah 74, යශෝද ලංකා 20, විනුර දුල්සර 39, ශාලිත් ප්‍රනාන්දු 34, නුවන් ප්‍රදීප් 2/33, චතුර රන්දුණු 4/71, සුපුන් මධුශංක 2/20
  • පොලිසිය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 269 (77.3) මධුරංග සොයිසා 43, නදීර බාලසූරිය 24, දුලාශ් උදයංග 55, චාමර සිල්වා 50, සුපුන් මධුශංක නොදැවී 39, මංජුල ජයවර්ධන 20, හරීන් බුද්ධිල 3/63, Raghu Sharma 3/88
  • ගාල්ල – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 107 (34) විනුර දුල්සර 32, ශාලිත් ප්‍රනාන්දු 25, නලින් ප්‍රියදර්ශන 4/34

ලංකන් සහ සෙබස්තියනයිට්ස් අතර තරගය පී. සරා Oval ක්‍රීඩා පිටියේ දී

  • ලංකන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 414 (133.1) කසුන් අබේරත්න 111, ප්‍රසන්සන ජයමාන්න 22, රිසිත් උපමාල් 108, දමිත සිල්වා 32, ඉසිවර දිසානායක 67, ලහිරු දිල්ශාන් 40, චාමිකර එදිරිසිංහ 2/150, තරුෂ ප්‍රනාන්දු 5/79
  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 109 (47) රයන් ප්‍රනාන්දු 46, සචා ද අල්විස් 25, ලොහාන් ද සොයිසා 27, දමිත සිල්වා 3/15

Group B

බදුරලිය සහ නුගේගොඩ අතර තරගය මග්ගොන Surry ක්‍රීඩාංගණයේ දී

  • නුගේගොඩ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 185 (48.3) Karan Kaila 37, සුවත් මෙන්ඩිස් 35, නවීන් ප්‍රනාන්දු 20, ලහිරු ගමගේ 4/12, රුචිර කෝශිත 2/43, චලන ද සිල්වා 2/67
  • බදුරලිය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 304 (62.4) මලිඳු මධුරංග 129, අනුක් ප්‍රනාන්දු 24, මිතිර තෙනුර 23, චලන ද සිල්වා 52, සහන් නානායක්කාර 2/58, Karan Kaila 3/67, සුවත් මෙන්ඩිස් 4/121
  • නුගේගොඩ – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 225 (65.5) පැතුම් ඩිල්ශාන් 55, අභිශේක් ලියනාරච්චි 89, දිල්හාර පොල්ගම්පොළ 52, අලංකාර අසංක 2/19

හලාවත මේරියන්ස් සහ යුද හමුදාව අතර තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • ශ්‍රී ලංකා යුද හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 376 (100.1) තුලින ඩිල්ශාන් 50, අශාන් රන්දික 35, ලක්ෂාන් එදිරිසිංහ 112, මහේෂ් කුමාර 106, සුමින්ද ලක්ෂාන් 24, Swapnil Gugale 4/104, අවිඳු තීක්ෂණ 3/109
  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 272 (81) ලසිත් ලක්ෂාන් 60, Swapnil Gugale 20, කසුන් විදුර 25, Anuj Jotin 23, රවීන් යසස් 43, තික්ෂිල ද සිල්වා 61, කවිඳු දිල්හාර 20, යශෝද මෙන්ඩිස් 2/19, සීක්කුගේ ප්‍රසන්න 5/69, සුමින්ද ලක්ෂාන් 2/46

NCC සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය NCC ක්‍රීඩා පිටියේ දී.

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 126 (37.3) උපුල් තරංග 26, අහන් වික්‍රමසිංහ 24, ලහිරු මධුශංක 5/70, මධුක ලියනපතිරණගේ 3/18, චානක කොමසාරු 2/20
  • බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 319 (91.3) Hasnain Bokhari 196, ලහිරු මධුශංක 21, මධුක ලියනපතිරණගේ 22, නිපුන් රන්සික 2/48, අම්ෂි ද සිල්වා 3/60, ඩිල්ශාන් අරඹෙගෙදර 3/103
  • NCC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 81 (30) ලහිරු උදාර 25, උපුල් තරංග නොදැවී 21, සඳුන් වීරක්කොඩි නොදැවී 21

පානදුර සහ Ace කැපිටල් අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

  • පානදුර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 126 (34.4) රොෂාන් විජේනායක 30, රමින්ද විජේසූරිය 20, කොෂාන් දනුෂ්ක 32, සිතුම් දිසානායක 2/32, මොහොමඩ් ඉර්ෆාන් 3/66, රොෂාන් ජයතිස්ස 3/26, වනුජ සහන් 2/2
  • Ace කැපිටල් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 237 (64.1) ලසිත් කෲස්පුල්ලේ 44, වනුජ සහන් 23, හර්ෂ කුරේ 47, සකුන ලියනගේ 63, නිමේෂ් විමුක්ති 8/82
  • පානදුර – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 124 (38.2) රොෂාන් විජේනායක 20, චානක රුවන්සිරි 36, රොෂාන් ජයතිස්ස 2/39, වනුජ සහන් 5/34
  • Ace කැපිටල් – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 16 (2.1)

Ace කැපිටල් කණ්ඩායමට කඩුලු 10ක ජයක්.

ගුවන් හමුදාව සහ මීගමුව අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී.

  • මීගමුව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 315 (94.3) ඩිල්ශාන් මුණවිර 85, ජීවක ශෂීන් 31, Jatin Saxena 82, උපුල් ඉන්ද්‍රසිරි 26, දුලාංජන මෙන්ඩිස් 5/94, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 2/50, මොවින් සුබසිංහ 2/29
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 256 (83) උදයවංශ පරාක්‍රම 53, කසුන් ඒකනායක 79, සචින් ජයවර්ධන 28, මිශේන් සිල්වා 22, මොවින් සුබසිංහ නොදැවී 40, උපුල් ඉන්ද්‍රසිරි 3/92, Jatin Saxena 4/62

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ටැමිල් යූනියන්  අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී.

  • නාවික හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 282 (85.3) මාලිංග මලිගස්පේ 40, අදීශ නානායක්කාර 63, අසන්ත සිංගප්පුලි 41, සහන් කෝසල 94, ශිරාන් ප්‍රනාන්දු 3/33, රවීන් ද සිල්වා 4/86, නවොද් පරණවිතාන 2/20
  • ටැමිල් යූනියන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 338 (90.2) නවෝද් පරණවිතාන 48, සදීර සමරවික්‍රම 36, රොන් චන්ද්‍රගුප්ත 43, කමේෂ් නිර්මාල් 31, රවීන් ද සිල්වා 41, රවිඳු ප්‍රනාන්දු 61, දිලුම් සුධීර 38, නවීන් කවිකාර 6/100
  • නාවික හමුදාව – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 0 (1)

අවසන් වූ Ace කැපිටල් සහ පානදුර තරගය හැරෙන්නට අනෙකුත් සියලුම තරග හෙට (30) තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන තරගාවලියේ නවතම පුවත් සමඟින්  රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<