නුවරඑළියේ ක්‍රිකට්වලට SLC වෙතින් සවියක්

120

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජ අටකට සහ පාසල් දහයකට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යොදා ගන්නා ‘cricket matting’ ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කටයුතු කර තිබෙනවා.

එම පාසල්වලට සහ ක්‍රීඩා සමාජවලට ‘cricket matting’ බෙදා දීම නුවරඑළියේ දී සිදු කර ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති සී. බී. රත්නායක මහතා සහභාගී වී තිබුණා.

එමෙන්ම එම අවස්ථාව සඳහා ඔහුට අමතරව නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා, නියෝජ්‍ය පොලිස්පති එස්. එන්. පීරිස් මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධි උඩුගම්සූරිය මහතා එක්ව සිටියා.

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් තුල ම ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රියාත්මක කරන National Pathway වැඩසටහන යටතේ මෙම බෙදා දීම සිදු කෙරුණු අතර එය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මකයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක් ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<