සූරි, නිමේෂ්, සහන් සහ මලිඳු කඩඉම් පනියි

SLC Major League Cricket Tournament 2022

414

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League තුන්දින ක්‍රිකට් තරගාවලියේ 11 වැනි සතියේ පළමු දිනය වූ (28) ඊයේ දවසේ දී තම සුවිශේෂී කඩඉම් පසු කිරීමට පසිඳු සූරියබණ්ඩාර, නිමේෂ් විමුක්ති, මලිඳු මධුරංග සහ සහන් අදීශ සමත් වුනා.

මූවර්ස් නියෝජනය කරන 23 හැවිරිදි දකුණත් පිතිකරු පසිඳු සූරියබණ්ඩාර කළුතර ටවුන් සමාජයට එරෙහිව පන්දු 192කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 131ක් ලබා ගත්තා. එය ඔහුගේ මෙම තරග වාරයේ දී ලබා ගත් තෙවැනි ශතකයයි.

මෙම ශතකයත් සමඟින් පසිඳු මෙවර Major League පිටියේ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දී තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පිවිසීමට සමත් වුනා.

මේ අතර බදුරලිය කණ්ඩායමේ 25 හැවිරිදි දකුණත් ආරම්භක පිතිකරු මලිඳු මධුරංග තම මංගල ශතකය වාර්තා කිරීමට සමත් වුනා. ඒ නුගේගොඩ කණ්ඩායමට එරෙහිව පන්දු 134කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 113ක් ලබා ගනිමින්.

පන්දු යැවීමේ දී පානදුර කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන නිමේෂ් විමුක්ති Ace කැපිටල් කණ්ඩායමට එරෙහිව ලකුණු 64කට කඩුලු 7ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරගවල හොඳම පන්දු යැවීම වූ අතර කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ දකුණතින් වේගපන්දු යවන සහන් අදීශ CCC කණ්ඩායමට එරෙහිව ලකුණු 32කට කඩුලු 6ක් දවා ගන්නවා. එය සහන්ගේ ද පළමු පෙළ තරගවල හොඳම පන්දු යැවීමයි.

මේ අතර ලංකන් ක්‍රිකට් කණ්ඩායමේ 24 හැවිරිදි දකුණත් ආරම්භක පිතිකරු කසුන් අබේරත්න ද සෙබස්තියනයිට්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 161කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 111ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ නායක ලක්ෂාන් එදිරිසිංහ පන්දු 192කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු සංඛ්‍යාව 112ක්.

කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් රාගම කණ්ඩායමට එරෙහිව පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු නොදැවී ලකුණු 113ක් ලබා ගත්තා.

SSC කණ්ඩායමේ රොෂේන් සිල්වා කුරුණෑගල යූත් කණ්ඩායමට එරෙහිව පන්දු 186කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 100ක් ලබා ගනිද්දී, එම කණ්ඩායමේ ම මනෝජ් සරත්චන්ද්‍ර පන්දු 129කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 113ක් ලබා ගත්තා.

මේ අතර ලංකන් ක්‍රිකට් කණ්ඩායමේ රිසිත් උපමාල්, යුද හමුදා කණ්ඩායමේ තුලින ඩිල්ශාන් සහ මහේෂ් කුමාර, CCC කණ්ඩායමේ චමිඳු විජේසිංහ සහ මාලිංග අමරසිංහ, කෝල්ට්ස් කණ්ඩායමේ හෂාන් දුමිඳු, සංගීත් කුරේ, ඇන්ජලෝ මැතිව්ස් සහ ප්‍රියමාල් පෙරේරා, මූවර්ස් කණ්ඩායමේ සොහාන් ද ලිවේරා සහ කවිඳු කුලසේකර, මීගමුව කණ්ඩායමේ ඩිල්ශාන් මුණවීර, නාවික හමුදාවේ අදීශ නානායක්කාර සහ සහන් කෝසල ඊයේ දවසේ අර්ධ ශතක වාර්තා කළ පිරිසගේ ලැයිස්තුවට ඇතුළත් වුනා .

පන්දු යැවීමේ දී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ දකුණතින් වේගපන්දු යවන ලහිරු මධුශංක NCC කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක් දවා ගත් අතර, ගුවන් හමුදාවේ වමතින් දඟපන්දු යවන දුලාංජන මෙන්ඩිස් ද මීගමුව කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක් දවා ගත්තා.

Group A

CCC සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය CCC ක්‍රීඩා පිටියේ දී.

  • CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 201 (76.1) චමිඳු විජේසිංහ 65, මාලිංග අමරසිංහ 92, සහන් අදීශ 6/32, සචිත්‍ර පෙරේරා 2/59
  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 18 (8.3)

කෝල්ට්ස් සහ රාගම අතර තරගය කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ දී.

  • කෝල්ට්ස් – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 357 (81) හෂාන් දුමිඳු 60, සංගීත් කුරේ 64, ධනංජය ලක්ෂාන් නොදැවී 113, ඇන්ජලෝ මැතිව්ස් 61, ප්‍රියමාල් පෙරේරා නොදැවී 50

කුරුණෑගල යූත් සහ SSC අතර තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී.

  • SSC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 317 (90) නිපුන් ධනංජය 29, නුවනිඳු ප්‍රනාන්දු 24, රොෂේන් සිල්වා 100, මනෝජ් සරත්චන්ද්‍ර 113, දිනුෂ්ක මාලන් 3/50, නවීන් ගුණවර්ධන 2/69

මුවර්ස් සහ කළුතර අතර තරගය මූවර්ස් ක්‍රීඩා පිටියේ දී.

  • මූවර්ස් – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 334 (91) ජනිශ්ක පෙරේරා 24, දිනුක ඩිල්ශාන් 23, සොහාන් ද ලිවේරා 61, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 131, කවිඳු කුලසේකර 65, සුදාර දක්ෂිණ 2/69

පොලිසිය සහ ගාල්ල අතර තරගය පොලිස් උද්‍යාන පිටියේ දී

  • ගාල්ල – පළමු ඉනිම සියලුම දෙනා දැවී 223 (63.2) Nishant Kushwah 74, යශෝද ලංකා 20, විනුර දුල්සර 39, ශාලිත් ප්‍රනාන්දු 34, නුවන් ප්‍රදීප් 2/33, චතුර රන්දුණු 4/71, සුපුන් මධුශංක 2/20
  • පොලිසිය – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 111 (24) මධුරංග සොයිසා 43, නදීර බාලසූරිය 24, හරීන් බුද්ධිල 2/42, Raghu Sharma 2/22

ලංකන් සහ සෙබස්තියනයිට්ස් අතර තරගය පී. සරා Oval ක්‍රීඩා පිටියේ දී

  • ලංකන් – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 291 (93) කසුන් අබේරත්න 111, ප්‍රසන්සන ජයමාන්න 22, රිසිත් උපමාල් 76, දමිත සිල්වා 32, ඉසිවර දිසානායක නොදැවී 21

Group B

බදුරලිය සහ නුගේගොඩ අතර තරගය මග්ගොන Surry ක්‍රීඩාංගණයේ දී

  • නුගේගොඩ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 185 (48.3) Karan Kaila 37, සුවත් මෙන්ඩිස් 35, නවීන් ප්‍රනාන්දු 20, ලහිරු ගමගේ 4/12, රුචිර කෝශිත 2/43, චලන ද සිල්වා 2/67
  • බදුරලිය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 185 (41) මලිඳු මධුරංග නොදැවී 113, අනුක් ප්‍රනාන්දු 24, Karan Kaila 2/37

හලාවත මේරියන්ස් සහ යුද හමුදාව අතර තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • ශ්‍රී ලංකා යුද හමුදාව – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 363 (93) තුලින ඩිල්ශාන් 50, අශාන් රන්දික 35, ලක්ෂාන් එදිරිසිංහ 112, මහේෂ් කුමාර නොදැවී 93, සුමින්ද ලක්ෂාන් 24, Swapnil Gugale 3/102

NCC සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය NCC ක්‍රීඩා පිටියේ දී.

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 126 (37.3) උපුල් තරංග 26, අහන් වික්‍රමසිංහ 24, ලහිරු මධුශංක 5/70, මධුක ලියනපතිරණගේ 3/18, චානක කොමසාරු 2/20
  • බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 149 (33.4) Hasnain Bokhari 72, ලහිරු මධුශංක 21, නිපුන් රන්සික 2/24, අම්ෂි ද සිල්වා 2/35, ඩිල්ශාන් අරඹෙගෙදර 2/55

පානදුර සහ Ace කැපිටල් අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

  • පානදුර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 126 (34.4) රොෂාන් විජේනායක 30, රමින්ද විජේසූරිය 20, කොෂාන් දනුෂ්ක 32, සිතුම් දිසානායක 2/32, මොහොමඩ් ඉර්ෆාන් 3/66, රොෂාන් ජයතිස්ස 3/26, වනුජ සහන් 2/2
  • Ace කැපිටල් – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 197 (51) ලසිත් කෲස්පුල්ලේ 44, වනුජ සහන් 23, හර්ෂ කුරේ 47, සකුන ලියනගේ නොදැවී 24, නිමේෂ් විමුක්ති 7/64

ගුවන් හමුදාව සහ මීගමුව අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී.

  • මීගමුව – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 295 (90) ඩිල්ශාන් මුණවිර 85, ජීවක ශෂීන් 31, Jatin Saxena 82, දුලාංජන මෙන්ඩිස් 5/88, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 2/50

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ටැමිල් යූනියන් අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී.

  • නාවික හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 282 (85.3) මාලිංග මලිගස්පේ 40, අදීශ නානායක්කාර 63, අසන්ත සිංගප්පුලි 41, සහන් කෝසල 94, ශිරාන් ප්‍රනාන්දු 3/33, රවීන් ද සිල්වා 4/86, නවොද් පරණවිතාන 2/20
  • ටැමිල් යූනියන් – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 14 (2)

මේ සියලු තරග අද (29) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන තරගාවලියේ නවතම පුවත් සමඟින් රැදී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<