Home Sinhala ‘පිනට දුන් ශතකය’ ශ්‍රී ලංකාව හඬවයි!

‘පිනට දුන් ශතකය’ ශ්‍රී ලංකාව හඬවයි!

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

564

ක්‍රීඩාවක දී, ක්‍රීඩකයින් අතින් සිදු වන අත්වැරදීම් සාමාන්‍ය සිද්ධියක් වුව ද, ඒ අතරින් සමහර අත්වැරදීම් සමස්ත තරගයේම තීරණය කණපිට හැරවීමට තරම් ප්‍රබල වනවා.

එවන් අවාසනාවන්ත අත්වැරදීම් අද (29) ශ්‍රී ලංකා – නවසීලන්ත තරගයේ දී ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගෙන් දැක ගන්නට ලැබුණු අතර හොඳ ආරම්භයක් බියකරු පරාජයක් බවට පත් කරන්නට එය ප්‍රමාණවත් වුනා.

සිඩ්නි හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය මුලින් පිතිකරණයේ යෙදීම තමන් වෙත පවරා ගන්නේ ඕස්ට්‍රේලියාවට එලව එලවා පහර දුන් අයුරින්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් මට්ටු කිරීමේ අරමුණ ඇතිවයි.

නමුත් පර්ත් තණතිල්ලේ අතපය හිරි ඇර ගන්නට බැරි වුනු ශ්‍රී ලංකා දඟපන්දු යවන්නෝ සිඩ්නි පිටියේ හොඳින් විනෝද වන බව මුල සිටම පෙනෙන්නට තිබුණා. ඒ අනුව තීක්ෂණගෙන් පන්දු යැවීම ආරම්භ කිරීමට ගත් නුවණැති තීරණ‍ය ශ්‍රී ලංකාව කඩුල්ලකින් සැමරුවේ ෆින් ඇලන්ව වේලාසනම ක්‍රීඩාගාරයට හරවා යවමින්.

මීළඟට දැවී යන්නේ ඕස්ට්‍රේලියාව තම මවුබිමේ දී ම අසරණ කරමින් ප්‍රවේගකාරී ලකුණු 92ක් රැස් කළ ඩෙවෝන් කොන්වේයි. එම කඩුල්ල හිමි වන්නේ තුන් ඉරියව්වෙකු වුවත් පවර්ප්ලේ අවස්ථාව තුල දී වුවත් හොඳින් ප්‍රයෝජනයට ගත හැකි ධනංජය සිල්වාටයි.

මෙවර ලෝක කුසලානයේ තම පළමු තරගයට ක්‍රීඩා කරන කසුන් රාජිත අද බිනුර නැති අඩුව හොඳින් සපුරන්නේ නායක කේන් විලියම්සන්ට දැඩි හිසරදයක් ගෙන දෙමිනුයි. ඒ අනුව පන්දු කිහිපයක් මගහැරීමත් සමඟ කලබල වූ විලියම්සන් එල්ල කළ ඩ්‍රයිව් පහර පිත්තේ යන්තමින් දැවටී කඩුලු රකින්නා අතට ඇදී ගියේ නවසීලන්ත ලකුණු පුවරුව 15-3ක් ලෙස අසරණ කරමිනුයි.

කලින් තරගයේ දැඩි ප්‍රහාරයකට ලක්වූ වනිඳු හසරංග පවර්ප්ලේ පන්දුවාර 6 අවසන් වීමත් සමඟ පන්දුව අතට ගත් අතර ඔහු තමා කවුදැයි ක්‍රිකට් ලොවට යළි ඔප්පු කිරීමට ගත් උත්සාහය පැතුම් නිස්සංක අහිමි කරන්නේ ලෝන්ග්-ඕන් කලාපයේ සිට පහසු උඩපන්දුවක් බිම අත හරිමිනුයි.

මේ අනුව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 84ක දැවැන්ත සබඳතාවයක් පිහිටුවීමේ වාසනාව නවසීලන්තයට හිමි වුනා. ලකුණු 12 දී පැතුම්ගෙන් දෙවැනි ප්‍රාණය ලද ග්ලේන් ෆිලිප්ස්ට ලකුණු 45 දී තවත් අවස්ථාවක් නායක දසුන් ශානක ලබා දෙන්නේ චාමික කරුණාරත්නගේ පන්දුවක් හමුවේයි.

ඒ අනුව ශ්‍රී ලංකා පිළේ දියාරු පන්දු රැකීම, හිමි නොවිය යුතුව තිබූ ශතකයක් අද ඔහුට තෑගි කළ බව කනගාටුවෙන් වුවත් කිව හැකියි. පන්දු 64ක් තුල වාර්තා වූ ඔහුගේ ප්‍රවේගකාරී ලකුණු 104ට හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් ඇතුළත් වුනා.

සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 25 ඉක්මවා නොගිය ද, නවසීලන්තයට තම ඉනිම අවසානයේ කඩුලු 7කට ලකුණු 167ක් වාර්තා කිරීමට හැකි වන්නේ ෆිලිප්ස්ගේ මෙම වාසනාවන්ත ඉනිම නිසාමයි.

පැතුම් නිස්සංක ෆිලිප්ස්ගේ උඩපන්දුව බිම හැරීමේ වාඩුව පිත්තෙන් ගනු ඇතැයි ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුව ද, ඔහු නිලකුණු පන්දු 4කට පසු ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හැරී ගියේ කණ්ඩායම තවදුරටත් පීඩනයට හසු කරමින්.

සවුති කණ්ඩායමට ලබා දුන් සාර්ථක ආරම්භය තව තවත් ඔප දැමූ ට්‍රෙන්ට් බෝල්ට් අනෙක් අන්තයෙන් පන්දුව අතට ගනිමින් කුසල් මෙන්ඩිස්ව සහ ධනංජය ද සිල්වාව දවා ගැනීමට සමත් වුනා.

ඕස්ට්‍රේලියාව එරෙහිව සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංකට අද ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 4ක් පමණයි. ඔහු ලබාදුන් උඩපන්දුව තරමක් අපහසු වුවත් ෆින් ඇලන් ශ්‍රී ලංකා පන්දු රකින්නන් මෙන් වැඩ වරද්දා ගත්තේ නැහැ.

ලකුණු 8ට කඩුලු 4ක් වැටුණු මොහොතේ චාමික කරුණාරත්නව පිටිය මැදට එවීමේ අරමුණ වූයේ කෙටි ලකුණු ලබා ගනිමින් සබඳතාවයක් ගොඩ නැගීමයි. නමුත් පවර්ප්ලේ අවස්ථාව නිමා වී පන්දු රකින්නන් පසුපසට ගැනීමෙන් පසු එය සිදු කිරීමට හොඳම අවස්ථාව උදා වූ විගස ඔහු කළේ ඉහළින් පහරක් එල්ල කරමින් ඩීප් මිඩ් විකට් ක්‍රීඩකයා අතට පහසු උඩපන්දුවක් ලබා දීමයි.

ශ්‍රී ලංකා පිතිකරුවන් පෙරහැරක් මෙන් ක්‍රීඩාගාරයට හැරී යද්දී භානුක රාජපක්ෂ අද ඉක්මන් ලකුණු 34ක් වාර්තා කළේ පන්දු 22කට පමණක් මුහුණ දෙමින්. හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් එල්ල කිරීමෙන් පසු ගිලිහෙමින් යන ලකුණු වේගය ලුහුබැඳීමට ගිය ඔහු ලොකී ෆර්ගසන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

නායක දසුන් ශානක පන්දු 32ක් ඉවසිලිවන්තව කඩුල්ලේ රැඳී සිටිමින් පල්ලෙකැලේ දී සිදු කළ ආශ්චර්ය නැවත කිරීමට උත්සාහ කළත්, ඔහුගේ ඉනිම ලකුණු 35දී නිමාවට පත්වුනා. ඒ ට්‍රෙන්ට් බෝල්ට්ට අද දිනයේ සිව්වැනි කඩුල්ලත් හිමිකර දෙමින්. ඔහු අද ලකුණු 13ට කඩුලු 4ක් බිඳ හෙළීම වාර්තා අතරට එක් වන්නේ විස්සයි විස්ස තරගයක බෝල්ට්ගේ හොඳම පන්දු යැවීම ලෙසයි.

Result


New Zealand
167/7 (20)

Sri Lanka
102/10 (19.2)

Batsmen R B 4s 6s SR
Finn Allen b Maheesh Theekshana 1 3 0 0 33.33
Devon Conway b Dhananjaya de Silva 1 4 0 0 25.00
Kane Williamson c Kusal Mendis b Kasun Rajitha 8 13 1 0 61.54
Glenn Phillips c Dasun Shanaka b Lahiru Kumara 104 64 10 4 162.50
Daryl Mitchell b Wanidu Hasaranga 22 24 0 0 91.67
James Neesham c Dasun Shanaka b Kasun Rajitha 5 8 0 0 62.50
Mitchell Santner not out 11 5 0 1 220.00
Ish Sodhi run out (Ashen Bandara) 1 1 0 0 100.00
Tim Southee not out 4 1 1 0 400.00


Extras 10 (b 0 , lb 2 , nb 3, w 5, pen 0)
Total 167/7 (20 Overs, RR: 8.35)
Bowling O M R W Econ
Maheesh Theekshana 4 0 35 1 8.75
Kasun Rajitha 4 0 23 2 5.75
Dhananjaya de Silva 2 0 14 1 7.00
Wanidu Hasaranga 4 0 22 1 5.50
Lahiru Kumara 3 0 37 1 12.33
Chamika Karunaratne 3 0 34 0 11.33


Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Tim Southee 0 5 0 0 0.00
Kusal Mendis c Devon Conway b Trent Boult 4 3 1 0 133.33
Dhananjaya de Silva b Trent Boult 0 3 0 0 0.00
Charith Asalanka c Finn Allen b Trent Boult 4 8 0 0 50.00
Bhanuka Rajapaksa c Kane Williamson b Lockie Ferguson 34 22 3 2 154.55
Chamika Karunaratne c Trent Boult b Mitchell Santner 3 8 0 0 37.50
Dasun Shanaka c Mitchell Santner b Trent Boult 35 32 4 1 109.38
Wanidu Hasaranga c Kane Williamson b Ish Sodhi 4 6 1 0 66.67
Maheesh Theekshana c James Neesham b Mitchell Santner 0 3 0 0 0.00
Kasun Rajitha not out 8 21 0 0 38.10
Lahiru Kumara st Devon Conway b Ish Sodhi 4 5 1 0 80.00


Extras 6 (b 0 , lb 0 , nb 0, w 6, pen 0)
Total 102/10 (19.2 Overs, RR: 5.28)
Bowling O M R W Econ
Tim Southee 4 1 12 1 3.00
Trent Boult 4 0 13 4 3.25
Lockie Ferguson 4 0 35 1 8.75
Mitchell Santner 4 0 21 2 5.25
Ish Sodhi 3.2 0 21 2 6.56



පන්දුවාර 19.2ක් වෙද්දී අද ශ්‍රී ලංකා ඉනිම ලකුණු 102කට අවසන් වීමත් සමඟ නවසීලන්තයට ලකුණු 65ක ජයක් හිමි වූ අතර මෙය නවසීලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව ලැබූ දැවැන්තම T20 ජය ලෙස ද ඉතිහාසයට එකතු වුනා.

මේ අනුව නවසීලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු 5ක් සහ +3.85ක දැවැන්ත දල ලකුණු වේගයක් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ අංක එක ස්ථානය තහවුරු කරගත්තා.

තරගයේ වීරයා සම්මානය ශතකලාභී ග්ලේන් ෆිලිප්ස් දිනා ගත්තා. අද ශ්‍රී ලංකාව ලැබූ පරාජය හුදෙක් පරාජයක් පමණක් නොවන්නේ පහසුවෙන් පිළිසකර කළ නොහැකි මට්ටමටම ඔවුන්ගේ දළ ලකුණු වේගය (-0.89) පහළ බැසීමට මෙම තරගය හේතු වූ නිසයි.

ඒ අනුව 2022 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් ඇෆ්ගනිස්තානය සහ එංගලන්තය සමඟ ඉදිරියේ දී පැවැත්වීමට තිබෙන තරග හොඳ පරතරයකින් ජය ගැනීම අනිවාර්ය වනවා මෙන්ම අනෙක් කණ්ඩායම්වල ප්‍රතිඵල ගැන ද ඇස ගසාගෙන සිටීමට ශ්‍රී ලංකාවට සිදු වනු ඇත.

එහි දී ඕස්ට්‍රේලියා කණ්ඩායම ඇෆ්ගනිස්තානය හෝ අයර්ලන්තය හමුවේ අනපේක්ෂිත පරාජයක් ලැබුවහොත් එය ශ්‍රී ලංකාවට අතිශයින්ම හිතකර වනු ඇති. අද අත්වූ අවාසනාවන්ත පරාජය නිසා මේ වන විට ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ අවසන් ස්ථානයේයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<