අවිශ්ක සහ සීක්කුගේ ඉනිමෙන් SSC සහ යුද හමුදාව අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

3466

ශ්‍රී ලංකා පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවති අවසන් පූර්ව තරගවලින් CCC සහ KYSC කණ්ඩායම් පරදවමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට SSC සහ යුද හමුදා  කණ්ඩායම් සමත් වුනා.

CCC – SSC

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ආරම්භ පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ (64) සහ යොවුන් ක්‍රීඩක නිපුන් ධනංජයගේ (34) පිතිකරණය නිසා නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 159ක් ලබා ගැනීමට SSC ක්‍රීඩකයන් සමත් වුනා.

පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර ලකුණු 33කට ලකුණු 2ක් දවා ගැනීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි CCC ක්‍රීඩකයන්ව ප්‍රභාත් ජයසූරිය (3/16), ජෙෆ්රි වැන්ඩර්සේ (2/17), හිමාෂ රාමනායක (2/23) සහ තරිඳු රත්නායකගේ (2/29) පන්දු යැවීම නිසා ලකුණු 127කට සීමා කරමින් ලකුණු 32ක ජයක් ලබා ගන්නට SSC ක්‍රීඩකයන් සමත් වුනා.

CCC වෙනුවෙන් සටන්කාමී ඉනිමක් දියත් කළ රොන් චන්ද්‍රගුප්ත ලකුණු 55ක් රැස්කිරීමට සමත් වුනා.

  • Venue – NCC Ground, Colombo
  • Toss – CCC

Sinhalease Sports Club- 159/4 (20) – අවිශ්ක ප්‍රනාන්දු 65, නිපුන් ධනංජය 34, මලින්ද පුෂ්පකුමාර 2/33

Colombo Cricket Club – 127 (19.3) – රොන් චන්ද්‍රගුප්ත 55, අශාන් ප්‍රියංජන් 21, ප්‍රභාත් ජයසූරිය 3/16, ජෙෆ්රි වැන්ඩර්සේ 2/17, හිමාෂ රාමනායක 2/23, තරිඳු රත්නායක 2/19

තවත් ක්‍රිකට් පුවත්: 

Army CC – KYSC

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Kurunegala Youth කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 114ක් පමණයි.

කුරුණෑගල ඉනිම වෙනුවෙන් ළහිරු ජයරත්න නොදැවී ලකුණු 34*, සමීර සඳමාල් ලකුණු 29ක් සහ රංදීර රණසිංහ නොදැවී ලකුණු 28*ක් රැස්කිරීමට සමත් වුනා. පන්දු යැවීමේ දී යුද හමුදා ක්‍රීඩක ජනිත් සිල්වා ලකුණු 15කට කඩුලු 3 දවා ගන්නට සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි යුද හමුදා කණ්ඩායමේ අශාන් රංදිකගේ අර්ධ ශතකය (54*) තුන් ඉරියව් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න පන්දු 21ක දී ලබා ගත් වේගවත් අර්ධ ශතකය (50*) නිසාවෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට ඔවුන් සමත් වුනා.

  • Venue – NCC Ground, Colombo
  • Toss – KYSC

Kurunegala Youth CC – 114/6 (20) – ළහිරු ජයරත්න 34*, සමීර සඳමාල් 29, රංදීර රණසිංහ 28*, ජනිත් සිල්වා 3/15

Army Cricket Club – 120/1 (11.4) – අශාන් රංදික 54*, සීක්කුගේ ප්‍රසන්න 50*

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<