කෞමාල් සුපිරි කඩුලු දඩයමක

SLC Major League Cricket Tournament 2022

605

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ හයවැනි සතියේ දෙවැනි දිනය නිමාවේ දී ශ්‍රී ලංකා යුද හමුදාවේ 22 හැවිරිදි වමතින් දඟපන්දු යවන කෞමාල් නානායක්කාර මෙවර තරගාවලියේ තරග 6කට ක්‍රීඩා කරමින් කඩුලු 50ක් දවා ගැනීමට සමත් වුනා.

කෞමාල් Ace කැපිටල් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 33කට කඩුලු 6ක් දවා ගත් අතර අද (24) දෙවැනි දිනයේ දෙවැනි ඉනිමේ දී ද ලකුණු 39කට කඩුලු 6ක් දවා ගනිමින් තරගයේ දී ලකුණු 72කට කඩුලු 12ක් දවා ගත්තා.

ඔහු මේ දක්වා මෙම තරගාවලියේ දී කඩුලු 54ක් දවා ගෙන තිබෙන අතර මෙම තරගාවලියේ දී කෞමාල් කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් 8 වැනි අවස්ථාවයි.

කෞමාල්ගේ කඩුලු දඩයම

බ්ලූම්ෆීල්ඩ් පානදුර නුගේගොඩ NCC බදුරලිය Ace කැපිටල්
පළමු ඉනිම 5/46 6/90 5/100 5/76 4/77 6/33
දෙවැනි ඉනිම 8/75 7/56 2/59 6/39

පිතිකරුවන් අතරින් අද හලාවත මේරියන්ස් කණ්ඩායමේ 23 හැවිරිදි වමත් පිතිකරු රවින් යසස් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව පන්දු 223කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 117ක් රැස් කරගත්තා.

සැරසන්ස් කණ්ඩායමේ 36 හැවිරිදි වමත් පිතිකරු මිලින්ද සිරිවර්ධන බදුරලිය කණ්ඩායමට එරෙහිව පෙර දිනයේ නොදැවී ලකුණු 36ක් වාර්තා කරගෙන සිටි අතර අද එම ඉනිම ශතකයක් කරා ගෙන යෑමට සමත් වුනා. ඔහු පන්දු 150කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 107ක් රැස් කරගත්තා. එය මිලින්දගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ 15 වැනි ශතකයයි.

මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ ෂෙහාන් ප්‍රනාන්දු සහ මහේෂ් කුමාර, BRC කණ්ඩායමේ තිලකරත්න සම්පත්, නුගේගොඩ කණ්ඩායමේ සුවත් මෙන්ඩිස්, NCC කණ්ඩායමේ සහන් ආරච්චිගේ, නාවික හමුදාවේ අදීශ නානායක්කාර, බදුරලිය කණ්ඩායමේ අලංකාර අසංක, කළුතර කණ්ඩායමේ නිපුණ ගමගේ සහ මීගමුව කණ්ඩායමේ කවීන් අල්මේදා අර්ධ ශතක වාර්තා කරගත් පිරිස අතරට එක් වුනා.

පන්දු යැවීමේ දී Ace කැපිටල් කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන 19 හැවිරිදි වනුජ සහන් තම පළමු පෙළ මංගල තරගයේ දෙවැනි ඉනිමේ දී යුද හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 59කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

ලංකන් කණ්ඩායමේ දකුණතින් පිට දඟපන්දු යවන රජීව වීරසිංහ BRC කණ්ඩායමට එරෙහිව ලකුණු 41කට කඩුලු 6ක් දවා ගත්තා. කෝල්ට්ස් කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන 19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ ලකුණු 86කට කඩුලු 6ක් දවා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ හොඳම පන්දු යැවීම ද වුනා.

බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ මධුක ලියනපතිරණ ලකුණු 177කට කඩුලු 5ක් ද, BRC කණ්ඩායමේ දුවිඳු තිලකරත්න ලකුණු 113කට කඩුලු 5ක් ද, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගයාන් සිරිසෝම ලකුණු 45කට කඩුලු 5ක් ද, පොලිස් කණ්ඩායමේ නලින් ප්‍රියදර්ශන ලකුණු 125කට කඩුලු 5ක් ද, SSC කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය ලකුණු 93කට කඩුලු 5ක් ද, මුවර්ස් කණ්ඩායමේ තීසාන් විතුසාන් ලකුණු 87කට කඩුලු 5ක් ද, මීගමුව කණ්ඩායමේ උපුල් ඉන්ද්‍රසිරි ලකුණු 109කට කඩුලු 5ක් ද දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

මේ අතර යුද හමුදාව සහ Ace කැපිටල් කණ්ඩායම අතර තරගය දිනක් ඉතිරිව තිබිය දී අවසන් වීම කැපී පෙනුනා.

Group A

CCC සහ කුරුණෑගල යූත් අතර තරගය CCC පිටියේ දී

  • CCC – පළමු ඉනිම සියලු දෙනා දැවී 404 (101.4): මිනෝද් භානුක 105, නිමේෂ ගුණසිංහ 61, කමිඳු මෙන්ඩිස් 82, ලසිත් අබේරත්න 48, චමිඳු විජේසිංහ 32, ලක්ෂාන් සඳකැන් නොදැවී 30, දිනුෂ්ක මාලන් 2/68, සකිඳු විජේරත්න 3/115, අසිත වන්නිනායක 3/71, අසන්ත බස්නායක 2/28.
  • කුරුණෑගල යූත් – කඩුලු 9ක් දැවී 242 (75.2): දමිත් පෙරේරා 49, දිනුෂ්ක මාලන් 49, ගයාන් මනීෂාන් 46, අසන්ත බස්නායක 21, සනෝජ් දර්ශික 37, අසිත ප්‍රනාන්දු 3/38, චමිඳු විජේසිංහ 2/38, ලක්ෂාන් සඳකැන් 3/49.

ලංකන් සහ BRC අතර තරගය පානදුර ක්‍රීඩා පිටියේ දී

  • ලංකන් – පළමු ඉනිම සියලු දෙනා දැවී 457 (121.2): ප්‍රසන්සන ජයමාන්න නොදැවී 138, දේශාන් ඩයස් 130, ඉසිවර දිසානායක 40, ගීත් කුමාර 39, කසුන් අබේරත්න 28, දුවිඳු තිලකරත්න 5/113, තිලකරත්න සම්පත් 3/70.
  • BRC – පළමු ඉනිම සියලු දෙනා දැවී 81 (23.4): උමේෂ් මොරායස් 22, රජීව වීරසිංහ 6/41, දමිත සිල්වා 2/22.
  • BRC – දෙවැනි ඉනිම – කඩුලු 4ක් දැවී 150 (34): තිලකරත්න සම්පත් 63, ඩිලාන් ජයලත් 35, දමිත සිල්වා 2/38, ගීත් කුමාර 2/29.

පොලිසිය සහ කෝල්ට්ස් අතර තරගය පොලිස් උද්‍යාන පිටියේ දී

  • කෝල්ට්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 342 (93.2): ධනංජය ලක්ෂාන් 78, අවිශ්ක පෙරේරා 53, හෂාන් දුමිඳු 75, විශාද් රන්දික 45, දුනිත් වෙල්ලාලගේ 34, ජෙහාන් ඩැනියෙල් 25, නලින් ප්‍රියදර්ශන 5/125, සුපුන් මධුශංක 2/60.
  • පොලිසිය – පළමු ඉනිම සියලු දෙනා දැවී 224 (76.4): මංජුල ජයවර්ධන 44, හේෂාන් ධනුශ්ක 20, රන්දුනු ගංගනාත් 32, දුලාශ් උදයංග 35, සමන් කුමාර 26, චතුරංග කුමාර 29, දුනිත් වෙල්ලාලගේ 6/86, රුවන් සෙනෙවිරත්න 2/34.
  • කෝල්ට්ස් – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 12

කැන්ඩි කස්ටම්ස් සහ රාගම අතර තරගය තර්ස්ටන් පිටියේ දී

  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 321 (87.3): විශ්ව විජේරත්න නොදැවී 102, ඉමේෂ් උදයංග 67, ඉරෝෂ් සමරසූරිය 39, චානක විජේසිංහ 24, සහන් අදීශ 21, උමේග චතුරංග 24, ජනිත් ලියනගේ 3/54, ඒෂාන් මාලිංග 2/97, හරීන් රත්නමුදලි 2/39.
  • රාගම – පළමු ඉනිම සියලු දෙනා දැවී 92 (35): ඉමේෂ් උදයංග 4/36, නිශාන් මධුශ්ක 30, සහන් අදීශ 2/26, මෙතුශ තිලිණ 3/10.
  • කැන්ඩි කස්ටම්ස් – දෙවැනි ඉනි සියලු දෙනා දැවී 131 (47): රශ්මික මධුශංක 40, ඉරෝෂ් සමරසූරිය 27, ශෂික දුල්ශාන් 3/59, ඒෂාන් මාලිංග 3/19, යොහාන් ලියනගේ 2/05.
  • රාගම – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 12 (4)

සෙබස්තියනයිට්ස් සහ කලුතර අතර තරගය මුවර්ස් ක්‍රීඩා පිටියේ දී

  • කලුතර – පළමු ඉනිම සියලු දෙනා දැවී 210 (63.2): සුඛිත මනෝජ් 49, සවන් කංකානම්ගේ 28, යෙසිත් රූපසිංහ 25, ඉෂාන් අබේසේකර 23, දිනෙත් මුණසිංහ 30, තරිඳු රත්නායක 6/78.
  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 173 (52.3): විමුද් සප්නක 33, ලොහාන් ද සොයිසා 28, සචිත ජයතිලක 25, තරිඳු රත්නායක 20, තරිඳු සිරිවර්ධන 4/23, ඉෂාන් අබේසේකර 4/36, තෙමල් බණ්ඩාර 2/58.
  • කලුතර – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 253 (68): සවන් කංකානමගේ නොදැවී 79, නිපුණ ගමගේ 62, යොහාන් මෙන්ඩිස් 48, සුකිත මනෝජ් නොදැවී 36, චාමිකර එදිරිසිංහ 2/69.

SSC සහ මුවර්ස් අතර තරගය SSC ක්‍රීඩා පිටියේ දී

  • මුවර්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 355 (96.2): පසිඳු සූරියබණ්ඩාර 123, සොහාන් ද ලිවේරා 70, කවිඳු කුලසේකර 39, පබසර වඩුගේ 38, රමේෂ් මෙන්ඩිස් 33, ප්‍රභාත් ජයසූරිය 5/93, නිසල තාරග 4/76.
  • SSC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 234 (81): රොෂේන් සිල්වා නොදැවී 84, නිපුන් ධනංජය 37, ක්‍රිශාන් සංජුල 35, සම්මු අශාන් 23, කවිඳු නදීශාන් 25, තීසාන් විතුසාන් 5/87.

Group B

Ace කැපිටල් සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගය කටුනායක FTZ ක්‍රීඩා පිටියේ දී

  • ශ්‍රී ලංකා යුද හමුදාව – පළමු ඉනිම සියලු දෙනා දැවී 133 (47.4): ෂෙහඳ සොයිසා 39, මහේෂ් කුමාර 21, ලසිත් කෲස්පුල්ලේ 3/13, නිම්සර අතරගල්ල 2/33, රොෂාන් ජයතිස්ස 2/43, වනුජ සහන් 2/23.
  • Ace කැපිටල් – පළමු ඉනිම සියලු දෙනා දැවී 82 (23.3): ඕෂඳ ප්‍රනාන්දු 22, ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී 28, කෞමාල් නානායක්කාර 6/33, හෂාන් සංදීප 3/30.
  • ශ්‍රී ලංකා යුද හමුදාව – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 249 (76.4): තුලින ඩිල්ශාන් 47, ෂෙහාන් ප්‍රනාන්දු 93, මහේෂ් කුමාර 67, ලසිත් කෲස්පුල්ලේ 2/25, වනුජ සහන් 6/56.
  • Ace කැපිටල් – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 105 (24.3): ඕෂඳ ප්‍රනාන්දු 43, ප්‍රමුද් හෙට්ටිවත්ත 22, කෞමාල් නානායක්කාර 6/39, හෂාන් සංදීප 4/54.

යුද හමුදා ක්‍රීඩා සමාජයට ලකුණු 195ක ජයක්.

බ්ලූම්ෆීල්ඩ් සහ හලාවත මේරියන්ස් අතර තරගය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පිටියේ දී

  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 552 (143.3): විශ්ව චතුරංග 172, රවින් යසස් 117, කසුන් විදුර 113, Gaurav Jathar නොදැවී 75, Swanil Gugale 21, රජින්ද පුංචිහේවා 24, මධුක ලියනපතිරණගේ 5/177, දිලීප ජයලත් 2/70, Hasnain Bokhari 2/50.

බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 95 (36): ගජිත කොටුවේගොඩ 26, යොහාන් ද සිල්වා 25, චරිත් කුමාරසිංහ 35.

නුගේගොඩ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ දී

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව – පළමු ඉනිම සියලු දෙනා දැවී 356 (80.2): මිෂේන් සිල්වා 102, සුපේෂල ජයතිලක 57, රොස්කෝ තට්ටිල් 71, මොවින් සුබසිංහ 47, උදයවංශ පරාක්‍රම 27, දුලංජන මෙන්ඩිස් නොදැවී 23, රනිත ලියනාරච්චි 3/33, සහන් නානායක්කාර 2/83, Qaiser Ashraf 2/59.
  • නුගේගොඩ – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 223 (97): Qaiser Ashraf 70, සුවත් මෙන්ඩිස් 58, අභිෂේක් ලියනාරච්චි 29, රුමේෂ් බුද්ධික 29, ගයාන් සිරිසෝම 5/45, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 2/35.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ NCC අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී

  • ශ්‍රී ලංකා නාවික හමුදාව – පළමු ඉනිම සියලු දෙනා දැවී 129 (54.2): සුපුන් ලීලාරත්න 45, විනෝද් පෙරේරා 20, ලසිත් ඇඹුල්දෙණිය 3/45, අශේන් ඩැනියෙල් 2/14, සහන් ආරච්චිගේ 3/23.
  • NCC – පළමු ඉනිම සියලු දෙනා දැවී 296 (80.4): විනුක රූබසිංහ 70, සහන් ආරච්චිගේ 67, අසෙල් සිගේරා 47, කවින් බණ්ඩාර 23, අහන් වික්‍රමසිංහ 22, නිපුන් රන්සික 33, නවින් කවිකාර 2/87, මධුර මධුශංක 3/57, අසන්ත සිංගප්පුලි 3/49.
  • ශ්‍රී ලංකා නාවික හමුදාව – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 163 (49): අදීශ නානායක්කාර 53, කවිඳු රණසිංහ 41, මධුර මධුශංක නොදැවී 25, අශේන් ඩැනියෙල් 2/73.

සැරසන්ස් සහ බදුරලිය අතර තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී

  • සැරසන්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 340 (126.1): මිලින්ද සිරිවර්ධන 107, සිතාර ගිම්හාන් 82, නවිඳු විතානගේ 34, දුශාන් විමුක්ති 20, ලහිරු ගමගේ 3/67, අනුක් ප්‍රනාන්දු 3/41, චලන ද සිල්වා 2/90, අලංකාර අසංක 2/82.
  • බදුරලිය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 170 (51): Zahid Mansoor 65, අලංකාර අසංක 73.

ටැමිල් යුනියන් සහ මීගමුව අතර තරගය පී. සරා Oval පිටියේ දී

  • ටැමිල් යුනියන් – පළමු ඉනිම සියලු දෙනා දැවී 375 (99): රවිඳු ප්‍රනාන්දු 105, රොන් චන්ද්‍රගුප්ත 70, දිලුම් සුදීර 55, නවෝද් පරණවිතාන 46, සදීර සමරවික්‍රම 23, කමේෂ් නිර්මාල් 40, උපුල් ඉන්ද්‍රසිරි 5/109, චනුර ප්‍රනාන්දු 2/92.
  • මීගමුව – පළමු ඉනිම සියලු දෙනා දැවී 147 (38.4): කවින් අල්මේදා 51, ඇන්ජලෝ ජයසිංහ 29, Jatin Saxena 34, දිලුම් සුදීර 3/36, ශිරාන් ප්‍රනාන්දු 2/35, රවිඳු ප්‍රනාන්දු 3/28.
  • මීගමුව – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 104 (40): පසිඳු ලක්ෂාන් 35, දිලුම් සුදීර 2/30, රවින් ද සිල්වා 2/17.

අද නිමා වූ තරගය හැරෙන්නට අනෙක් සෑම තරගයක්ම හෙට (25) තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<