පළඟ ශූරතා සිහිනය පිලිපීනයට යටවේ

469

අදියර තුනකින් සමන්විත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර කොරියාවේ “නම්දොන්ග්” හිදී පැවැත්වෙන අතර එහි පලඟ ශූරතාවය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමත් පිලිපීන කණ්ඩායමත් අද (30) තරග වැදුණි. එහි දී ලකුණු 17-19ක් ලෙස පලඟ ශූරතාවය අහිමි කර ගනිමින් තරගය පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදු විය.

සත්කාරක දේශයට ශ්‍රී ලංකා කාන්තාවන්ගෙන් ප්‍රහාරයක්

ආසියානු කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය අද (29) දහවල් කාලයේ දී පැවැත්විය. එහි දී දකුණු කොරියානු ක්‍රීඩිකාවන් පරාජය කරමින් ලකුණු 22-05ක්…

තරගය ආරම්භ වී තත්පර 50ක් ගතවන්නටත් මත්තෙන් පිලිපීන ක්‍රීඩක ජෝනිකෝ හාර්ද්වික් පළමු උත්සාහක දිනුම පිලිපීන ලකුණු පුවරුවට එක කළේය. එහි ප්‍රවර්තනය ටීම් බෙරී විසින් සාර්ථක කර ගන්නා ලදි. (00-07)

කාලගණනයේ දෙවන මිනිත්තුව ක්‍රියාත්මක වෙත්ම ශ්‍රී ලංකා ක්‍රීඩක ශ්‍රීනාත් සූරියබණ්ඩාර ද ශ්‍රී ලංකා ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. මීටර් 22 සීමාව ආසන්නයේ දී ලද පන්දුවක් සාර්ථකව තායිලන්ත ආරක්ෂක බැමි බිඳිමින් උත්සාහක දිනුමකට පරිවර්තනය කළ ශ්‍රීනාත් එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත්තේය. (07-07)

පළමු අර්ධය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් තිබිය දී ශ්‍රී ලංකා ක්‍රීඩක රීසා රෆයිඩීන් තවත් උත්සාහක දිනුමක් ශ්‍රී ලංකාව වෙත දිනා දුන්නේ පැති රේඛාව අසලින් ලද පන්දුවක් සාර්ථකව උත්සාහක දිනුමකට පරිවර්තනය කරමිනි. (12-07)

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 12 – 07 පිලිපීනය

ලකුණු 5ක පරතරයේ වාසියත් සමඟින් ශ්‍රී ලංකාව පිටියට අවතීර්ණ විය.  ඒ වාසියටම තවත් රුකුලක් වන්නට සුදම් සූරියආරච්චි‍ සමත් විය. ඒ දෙවන අර්ධයේ  දෙවන මිනිත්තුවේ දී පිටියේ අන්තයක ලද ස්ක්‍රම් අවස්ථාවකින් ලද පන්දුව සාර්ථක පන්දු හුවමාරුවකින් උත්සාහක දිනුමක් වෙතට පරිවර්තනය කරමිනි. (17-07)

ඉන් මිනිත්තුවක් ගත වූ තැන පිලිපීන ක්‍රීඩක වින්සන්ට් යන්ග් කල්යල් බලමින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ටීම්ගේ පාදයෙන් සාර්ථකව විය. (17-14)

ගියවර ශූරයන්ට ශ්‍රී ලංකාවෙන් නොසිතූ අභියෝගයක්

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං දේශය අතර තරගය අද (29) දිවා කාලයේ දී පැවැත්විය. එහි දී ලකුණු 31-14ක් ලෙස තරගය පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

ලකුණු තුනක සියුම් පරතරයක් ලබා සිටි ශ්‍රී ලංකා පිළේ බලාපොරොත්තු 12 වන මිනිත්තුවේ දී සුන් කරන්නට නෙඩ් ස්ටීවන්සන් සමත් විය. ඒ ලද දඬුවම් අවස්ථාවක් දැකුම්කළු පන්දු පාලනයකින් සාර්ථකව ධවල රේඛාව වෙත ගෙන යමිනි. (17-19)

ඒ සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශූරතා බලාපොරොත්තු බිඳ හරිමින් පිලිපීනය පලඟ ශූරතාව දිනා ගත්තේය.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 17 (3T 1C) – 19 (3T 2C) තායිලන්තය

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • ශ්‍රී ලංකාව –  ශ්‍රීනාත් සූරියබණ්ඩාර1T 1C, රීසා රෆයිඩීන් 1T, සුදම් සූරියආරච්චි‍ 1T
  • තායිලන්තය – ජෝනිකෝ හාර්ද්වික් 1T, ක වින්සන්ට් යනග් 1T, නෙඩ් ස්ටීවන්සන් 1T, ටීම් බෙරී 2C

මැලේසියාව පරදවමින් ශ්‍රී ලංකාව ඉදිරියට

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන වටයේ තරගයක් අද (30) දහවල් පැවැත්විය. එහි දී ලකුණු 17-12ක් ලෙස තරගය ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ගියවර ශූරයන්ට ශ්‍රී ලංකාවෙන් නොසිතූ අභියෝගයක්

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ හොංකොං දේශය අතර තරගය අද (29) දිවා කාලයේ දී පැවැත්විය. එහි දී ලකුණු 31-14ක් ලෙස තරගය පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

තරගය ආරම්භයේ දී ම මැලේසියා කණ්ඩායම වෙත ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් දැඩි පීඩනයක් එල්ල වනු පෙනෙන්නට තිබුණි. ඒ නිසාම ශ්‍රී ලංකා ක්‍රීඩක සුදම් සූරියආරච්චි‍ පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. (05-00)

කෙසේ නමුත් ඉන් මිනිත්තු කිහිපයක් ගතවුණු තැන මැලේසියානු ක්‍රීඩක හසීම් නසරුදීන් පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් මැලේසියාව වෙත තරගයේ ඉදිරිය රැගෙන ආවේය. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (05-07)

පළමු අර්ධය අවසන් වන්නට මිනිත්තුවක් තිබිය දී ශ්‍රී ලංකා ක්‍රීඩක රීසා රෆයිඩීන් නැවතත් තරගයේ ඉදිරීය ශ්‍රී ලංකාවට ගෙන අවේ පැති රේඛාව අන්තයෙන් දැකුම්කළු උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. (10-07)

පළමු අර්ධය : ශ්‍රී ලංකාව 10 – 07 මැලේසියාව

දෙවන අර්ධයේ දී දෙපිලම තම ආරක්ෂක බැමි තර කර ගන්නා බවක් පෙනෙන්නට තිබුණු අතර ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු එපිටින් තබමින් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට හස්රෆුදින් බසීර් සමත් විය. (10-12)

සත්කාරක දේශයට ශ්‍රී ලංකා කාන්තාවන්ගෙන් ප්‍රහාරයක්

ආසියානු කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය අද (29) දහවල් කාලයේ දී පැවැත්විය. එහි දී දකුණු කොරියානු ක්‍රීඩිකාවන් පරාජය කරමින් ලකුණු 22-05ක්…

ඉන් පන්නරය ලද ශ්‍රී ලංකා පසුපෙළ වේග ප්‍රහාරකයා වූ ශ්‍රීනාත් සූරියබණ්ඩාර මනරම් පාද චලනයත්, දක්ෂ පන්දු පාලනයත් සමඟින් ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (17-12)

අවසන් ලකුණු තත්වය : ශ්‍රී ලංකාව 17 (3T 1C) – 12 (2T 1C) මැලේසියාව

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • ශ්‍රී ලංකා – සුදම් සූරියආරච්චි‍ 1T, ශ්‍රීනාත් සූරියබණ්ඩාර 1T 1C, රීසා රෆයිදින් 1T
  • මැලේසියාව – හසීම් නසරුදීන් 1T 1C, හස්රෆුදින් බසීර් 1T

සත්කාරක දේශයට ශ්‍රී ලංකාව දණ නමයි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර තරගය අද (30) උදෑසන පැවති අතර එහි දී ලකුණු 14-22ක් වශයෙන් තරගය ජය ගන්නට දකුණු කොරියා කණ්ඩායම සමත් විය.

කාන්තා රග්බි කණ්ඩායම හොංකොං හමුවේ පසු බසියි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියර අද (29) කොරියාවේ “නම්දොන්ග්” හිදී ආරම්භ විය. තරගාවලියේ කාන්තා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය අද උදෑසන හොංකොං…

දෙපිලටම ඉතා වැදගත් තරගයක් වූ මෙම තරගය ආරම්භයේ සිටම ඉතා උණුසුම් බවක් පෙනෙන්නට තිබුණි. මිනිත්තු කිහිපයක් ගතවෙත්ම තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට ජාන්ග් ජෝන්ග්මින්ග් සමත් විය. (00-05)

ඉන් මිනිත්තු කිහිපයක් ගතවුණු තැන ශ්‍රී ලංකා ක්‍රීඩක බුද්ධිම පියරතන දැකුම්කළු පාද චලනයකින් පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් විය. එහි ප්‍රවර්තනය සුදම් සූරියආරච්චි‍ විසින් සාර්ථක කර ගන්නා ලදි. (07-05)

අර්ධයේ අවසන් මිනිත්තුවේ දී කොරියානු ක්‍රීඩක ඇන්ද්‍රි කොකිලාඩෝ තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් අර්ධයේ ඉදිරිය කොරියානු කණ්ඩායම වෙත නතු කර දුන්නේය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 07 – 10 දකුණු කොරියාව

දෙවන අර්ධය ආරම්භවත්ම තරමක් මන්දගාමී පිළිවෙතක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු අතර ඒ නිසාම ක්‍රියාත්මක වූ කොරියානු ක්‍රීඩකයින් තවත් උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කරන්නට සමත් විය.  චා -සන්යුන්, හා ජාන්ග් ජෝන්ග්මින්ග් එම උත්සාහක දිනුම් දෙක වාර්තා කළ අතර ඉන් එක ප්‍රවර්තනයක් සාර්ථක කර ගත්තේය. (07-22)

තායිපේ දේශය වෙත ශ්‍රී ලංකාවෙන් සත්කාරයක්

ආසියානු සත් සාමාජික ශූරතා රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය අද (29) උදෑසන චීන තායිපේ කණ්ඩායම සමඟ පැවැත්විය. එහි දී ලකුණු 33-12ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා…

තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් තිබිය දී ශ්‍රී ලංකා ක්‍රීඩක සුදර්ශන මුතුතන්ත්‍රි තවත් මනරම් උත්සාහක දිනුම් වාර්තා කළේ කොරියානු ආරක්ෂක වළල්ල අතරින් රිංගා යමිනි. එහි  ප්‍රවර්තනය ශ්‍රීනාත් සූරියබණ්ඩාර විසින් සාර්ථක කරගත්තේය. (14-22)

කෙසේ නමුත් තරගය ජය ගන්නට එය ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රමාණවත් නොවීය.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 14 (2T 2C) – 22 (4T 1C) දකුණු කොරියාව

ලකුණු රැස්කළ ක්‍රීඩිකාවන්

  • ශ්‍රී ලංකා – බුද්ධිම පියරතන 1T, සුදර්ශන මුතුතන්ත්‍රි 1T, සුදම් සූරියආරච්චි‍ 1C, ශ්‍රීනාත් සූරියබණ්ඩාර 1C
  • දකුණු කොරියාව – ජාන්ග් ජෝන්ග්මින්ග් 2T 1C, ඇන්ද්‍රි කොකිලාඩෝ 1T, චා -සන්යුන් 1T

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<