ගෙවුනු දවස අගෝස්තු 04 – ආරම්භයේදීම සුභ පෙර නිමිති

281
Sri Lanka Sports News last day summary august 04

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් ඉදිරිපත් කරන්නෙමු. සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

  ක්‍රිකට්  

කුසල් ලා වැඩ පෙන්වු දෙවැනි තරගය

කඩුල්ලකින් ආරම්භ වී කඩුල්ලකින්ම අවසන් වූ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව හිමි කර ගන්නට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස් කළ ලකුණු 281ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව වේගවත් පිතිහරඹයක් ආරම්භ කළත් ඩේවිඩ් වෝනර්ගේ වටිනා කඩුල්ල දවා ගැනීමට දිල්රුවන් පෙරේරා සමත් වීමත් සමග පළමු දිනය අවසන් වූයේ මැතිව්ස්ගේ බල ඇණිය සටන් බිමේ පියවරක් ඉදිරියට ගෙන යමිනුයි.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා පළමු ඉනිම – සියල්ලන් දැවී 281 (73.1)  – කුසල් මෙන්ඩිස් – 86, ඇන්ජලෝ මතිව්ස් – 54, කුසල් ජනිත් – 49, ධනංජය ද සිල්වා – 37, මිචෙල් ස්ටාක් – 5/44, නේදන් ලයන් – 2/78

ඕස්ට්‍රේලියා පළමු ඉනිම – 54/2 (13.3) – ඩේවිඩ් වෝනර් – 42, උස්මාන් කවාජා – 11*, දිල්රුවන් පෙරේරා – 1/14, විශ්ව ප්‍රනාන්දු – 1/16

පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාව තවත් කඩුලු 8ක් අතැතිව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 227ක් පසුපසින් සිටියි.

සම්පූර්ණ ලිපිය: සුභ ඇරඹුමක් ලැබුණු 250වන ටෙස්ට් තරගය


  දැල්පන්දු  

බෘෘනායි පිල ලංකාවට පැරදෙයි

10 වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අර්ධ අවසන් වටයට ප්‍රවේශපත්‍ර වෙන් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද‍ (04) සමත් විය. ඒ බෘෘනායි කණ්ඩායමට එරෙහිව පැවති සිවුවැනි තරගයෙන් 55 – 20 ලෙස ජයග්‍ර‍හණය වාර්තා කරමිනි.

තරගය එරට වේලාවෙන් ප.ව. 02.00 පමන ආරම්භ වු අතර ප්‍ර‍ථම අර්ධයේ පටන් ශ්‍රී ලංකා ක්‍රීඩාකවෝ තරගය සියතට ගැනීමට සමත් විය.

ප්‍ර‍ථම අර්ධය 12-05 ලෙස දැක්වෙමින් නිමා වුනු අතර දෙවැනි අර්ධයේදි ලකුණු 4ක් පමණක් ප්‍ර‍තිවාදීන්ට ලබා දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තවත් ලකුණු 13ක් ශ්‍රී ලංකා නාමයට යටින් සටහන් කිරීමට සමත් විය (25-09).

තරගයේ තෙවැනි අර්ධය 41-12 ලෙසද සිවුවැනි වටයේදිවත් බෘෘනායි ක්‍රීඩිකාවන්ට හිස එසවීමට ඉඩ නොදෙමින් 55-20 දක්වා ද ලකුණු රැස් කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජය වාර්තා කිරීමට සමත් විය.

සම්පූර්ණ ලිපිය: දැල්පන්දු ක්‍රීඩිකාවෝ අර්ධ අවසන් වටයට

දවසේ නිමාව