ප්‍රභාත් ජයසූරිය කඩුලු 300 සමාජයට

SLC Major League Cricket Tournament 2022

1887

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ 6 වැනි සතියේ පළමු දිනය නිමාවේ දී SSC නියෝජනය කරන වමතින් දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරිය තම පළමු පෙළ 300 වැනි කඩුල්ල වාර්තා කිරීමට අද (25) සමත් වුනා.

මූවර්ස් ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගයේ දී රමේෂ් මෙන්ඩිස්ගේ කඩුල්ල දවා ගැනීමත් සමඟ ඔහු මෙම කඩඉමට පිවිසියා. තම 71 වැනි පළමු පෙළ තරගයට සහභාගී වූ ප්‍රභාත් මේ දක්වා පන්දු යැවීමේ දී ඉනිමක කඩුලු 5කට වැඩියෙන් දවා ගත් අවස්ථා 24ක් සහ තරගයක කඩුලු 10කට වැඩියෙන් දවා ගත් අවස්ථා 7ක් වාර්තා කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ 22 හැවිරිදි වමතින් දඟපන්දු යවන කෞමාල් නානායක්කාර සහ සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ දෙඅතින් ම දඟපන්දු යවන තරිඳු රත්නායක අද පන්දු යවන්නන් අතරින් කැපී පෙනෙන මෙහෙවරක් කළා.

කෞමාල් Ace කැපිටල් කණ්ඩායමට එරෙහිව ලකුණු 33කට කඩුලු 6ක් දවා ගත්තා.  මෙම තරගාවලියේ දී කෞමාල් කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත් 7 වැනි අවස්ථාව වන අතර ඔහු මේ දක්වා මෙම තරගාවලියේ දී කඩුලු 48ක් දවාගෙන තිබෙනවා.

තරිඳු කළුතර නාගරික කණ්ඩායමට එරෙහිව ලකුණු 78කට කඩුලු 6ක් දවා ගත්තා. තරිඳු කඩුලු 5ක් හෝ ඊට වැඩියෙන් පිට පිට ලබා ගැනීමට සමත් වූ සිව්වැනි අවස්ථාවයි මේ.

පිතිකරුවන් අතරින් අද දවසේ දී ශතක 9ක් වාර්තා වීම කැපී පෙනුණා. එහි දී මූවර්ස් කණ්ඩායම නියෝජනය කරන 22 හැවිරිදි දකුණත් පිතිකරු පසිඳූ සූරියබණ්ඩාර SSC කණ්ඩායමට එරෙහිව පන්දු 191කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 123ක් ලබා ගත්තා. මෙය ඔහුගේ මෙවර තරගාවලියේ දෙවැනි ශතකයයි.

හලාවත මේරියන්ස් කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකරු විශ්ව චතුරංග බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහි ව පන්දු 182කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 172ක් ලබා ගත්තා. මෙම ශතකය ඔහුගේ මෙවර තරගාවලියේ දෙවැනි ශතකයයි.

එමෙන් ම එම කණ්ඩායමේ ම කසුන් විදුර පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 113ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරගවල හොඳම ඉනිමයි.

CCC කණ්ඩායමේ මිනෝද් භානුක කුරුණෑගල යූත් කණ්ඩායමට එරෙහිව පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 105ක් ලබා ගත්තා. එය මෙවර තරගාවලියේ ඔහුගේ මංගල ශතකයයි.

BRC කණ්ඩායමට එරෙහිව ලංකන් ක්‍රිකට් කණ්ඩායමේ දේශාන් ඩයස් පන්දු 222කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සඟිගින් ලකුණු 130ක් ද සහ ප්‍රසංසන ජයමාන්න පන්දු 261කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 138ක් ද ලබා ගත්තා.

යුද හමුදා කණ්ඩායමේ මිෂේන් සිල්වා නුගේගොඩ කණ්ඩායමට එරෙහි ව පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 102ක් ලබා ගනිද්දී,  කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ විශ්ව උදාර රාගම කණ්ඩායමට එරෙහි ව පන්දු 195කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබා ගත්තා.

ටැමිල් යූනියන් කණ්ඩායමේ 22 හැවිරිදි දකුණත් පිතිකරු රවිඳු ප්‍රනාන්දු අද තම පළමු පෙළ මංගල ශතකය වාර්තා කළා. ඒ මීගමුව කණ්ඩායමට එරෙහිව පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 105ක් ලබා ගනිමින්.

මේ අතර අද අර්ධ ශතකලාභීන්ගේ ලැයිස්තුවට CCC කණ්ඩායමේ නිමේෂ ගුණසිංහ සහ කමිඳු මෙන්ඩිස්, යුද හමුදාවේ සුපේෂල ජයතිලක සහ රොස්කෝ තටිල්, කෝල්ට්ස් කණ්ඩායමේ අවිශ්ක පෙරේරා, හෂාන් දුමිඳු සහ ධනංජය ලක්ෂාන්, කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ ඉමේෂ් උදයංග, මුවර්ස් කණ්ඩායමේ සොහාන් ද ලිවේරා, ටැමිල් යූනියන් කණ්ඩායමේ රොන් චන්ද්‍රගුප්ත සහ, දිලුම් සුදීර, ,  NCC කණ්ඩායමේ විනුක රූබසිංහ සහ සැරසන්ස් කණ්ඩායමේ සිතාර ගිම්හාන් එකතු වුනා.

Group A

CCC සහ කුරුණෑගල යූත් අතර තරගය CCC පිටියේ දී

  • CCC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 355 (90) නිමේෂ ගුණසිංහ 61, මිනෝද් භානුක 105, කමිඳු මෙන්ඩිස් 82, ලසිත් අබේරත්න 48, චමිඳු විජේසිංහ නොදැවී 24, සකිඳු විජේරත්න 3/92, අසිත වන්නිනායක 3/64

ලංකන් සහ BRC අතර තරගය පානදුර ක්‍රීඩා පිටියේ දී

  • ලංකන් – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 323 (91) දේශාන් ඩයස් 130, ප්‍රසන්සන ජයමාන්න නොදැවී 138, ගීත් කුමාර 39,

පොලිසිය සහ කෝල්ට්ස් අතර තරගය පොලිස් උද්‍යාන පිටියේ දී

  • කෝල්ට්ස් – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 315 (89.2) අවිශ්ක පෙරේරා 53, හෂාන් දුමිඳු 75, ධනංජය ලක්ෂාන් 78, විශාද් රන්දික 45, දුනිත් වෙල්ලාලගේ 34, නලින් ප්‍රියදර්ශන 4/108, සුපුන් මධුශංක 2/60

කැන්ඩි කස්ටම්ස් සහ රාගම අතර තරගය තර්ස්ටන් පිටියේ දී

  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 321 (87.3) ඉරෝෂ් සමරසූරිය 39, ඉමේෂ් උදයංග 67, විශ්ව විජේරත්න නොදැවී 102, චානක විජේසිංහ 24, සහන් අදීශ 21, උමේග චතුරංග 24, ජනිත් ලියනගේ 3/54, ඒෂාන් මාලිංග 2/97, හරීන් රත්නමුදලි 2/39

සෙබස්තියනයිට්ස් සහ කළුතර අතර තරගය මූවර්ස් ක්‍රීඩා පිටියේ දී

  • කළුතර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (63.2) සවන් කංකානම්ගේ 28, සුඛිත මනෝජ් 49, යෙසිත් රූපසිංහ 25, ඉෂාන් අබේසේකර 23, දිනෙත් මුණසිංහ 30, තරිඳු රත්නායක 6/78
  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 102 (30) විමුද් සප්නක නොදැවී 31, ලොහාන් ද සොයිසා 28

SSC සහ මූවර්ස් අතර තරගය SSC ක්‍රීඩා පිටියේ දී

  • මූවර්ස් – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 336 (90) පබසර වඩුගේ 38, සොහාන් ද ලිවේරා 70, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 123, කවිඳු කුලසේකර 39, රමේෂ් මෙන්ඩිස් 33, නිසල තාරග 2/65, ප්‍රභාත් ජයසූරිය 2/85

Group B

Ace කැපිටල් සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගය කටුනායක FTZ ක්‍රීඩා පිටියේ දී

  • ශ්‍රී ලංකා යුද හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 133 (47.4) මහේෂ් කුමාර 21, ෂෙහඳ සොයිසා 39, නිම්සර අතරගල්ල 2/33, රොෂාන් ජයතිස්ස 2/43, ලසිත් කෘaස්පුල්ලේ 3/13, වනුජ සහන් 2/23
  • Ace කැපිටල් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 82 (23.3) ඔෂඳ ප්‍රනාන්දු 22, ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී 28, කෞමාල් නානායක්කාර 6/33, හෂාන් සංදීප 3/30
  • ශ්‍රී ලංකා යුද හමුදාව – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 46 (14) තුළිණ ඩිල්ශාන් නොදැවී 30, වනුජ සහන් 3/10

බ්ලූම්ෆීල්ඩ් සහ හලාවත මේරියන්ස් අතර තරගය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පිටියේ දී

  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 367 (90) විශ්ව චතුරංග 172, Swanil Gugale 21, කසුන් විදුර 113, Gaurav Jathar නොදැවී 25, රවින් යසස් නොදැවී 22, මධුක ලියනපතිරණගේ 4/107

නුගේගොඩ සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ දී

  • ශ්‍රී ලංකා යුද හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 356 (80.2) උදයවංශ පරාක්‍රම 27, මිෂේන් සිල්වා 102, සුපේෂල ජයතිලක 57, රොස්කෝ තට්ටිල් 71, මොවින් සුබසිංහ 47, දුලංජන මෙන්ඩිස් නොදැවී 23, රනිත ලියනාරච්චි 3/33, සහන් නානායක්කාර 2/83, Qaiser Ashraf 2/59
  • නුගේගොඩ – පළමු ඉනිම කඩුල්ලක් දැවී 8 (7)

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ NCC අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ දී

  • ශ්‍රී ලංකා නාවික හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 129 (54.2) සුපුන් ලීලාරත්න 45, විනෝද් පෙරේරා 20, ලසිත් ඇඹුල්දෙණිය 3/45, අශේන් ඩැනියෙල් 2/14, සහන් ආරච්චිගේ 3/23
  • NCC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 130 (38.5) විනුක රූබසිංහ නොදැවී 66, කවින් බණ්ඩාර 23

සැරසන්ස් සහ බදුරලිය අතර තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී

  • සැරසන්ස් – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 232 (90) නවිඳු විතානගේ 34, දුශාන් විමුක්ති 20, සිතාර ගිම්හාන් 82, මිලින්ද සිරිවර්ධන නොදැවී 36, ලහිරු ගමගේ 2/38, අනුක් ප්‍රනාන්දු 2/39, චලන ද සිල්වා 2/72

ටැමිල් යූනියන් සහ මීගමුව අතර තරගය පී. සරා Oval පිටියේ දී

  • ටැමිල් යූනියන් – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 348 (90) නවෝද් පරණවිතාන 46, රොන් චන්ද්‍රගුප්ත 70, සදීර සමරවික්‍රම 23, කමේෂ් නිර්මාල් 40, රවිඳු ප්‍රනාන්දු 105, දිලුම් සුදීර නොදැවී 50, චනුර ප්‍රනාන්දු 2/79, උපුල් ඉන්ද්‍රසිරි 3/101

මෙම තරග සියල්ල ම හෙට (26) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම සමගින් රැදී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<