හේෂාන්, සම්පත් සහ සහන් දක්ෂතා දක්වයි

SLC Major League Cricket Tournament 2022

273

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේ අවසන් දිනය වූ අද (18) නිමා වූ තරගවල දී හේෂාන් ධනුෂ්ක, තිලකරත්න සම්පත් සහ සහන් ආරච්චිගේ කැපී පෙනෙන දක්ෂතා දක්වමින් තම පළමු පෙළ තරගවල සුවිශේෂී කඩඉම් පසු කළා.

පොලිස් කණ්ඩායමේ 24 හැවිරිදි වමත් පිතිකරු හේෂාන් ධනුෂ්ක රාගම කණ්ඩායමට එරෙහිව පන්දු 385කට මුහුණ දෙමින් හතරේ පහර 25ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 233ක් රැස් කරගත් අතර එය ඔහුගේ මංගල ද්විත්ව ශතකයයි. ඔහු මෙම තරගාවලියේ මීට පෙර BRC කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කළා.

BRC කණ්ඩායමේ තිලකරත්න සම්පත් SSC කණ්ඩායමට එරෙහිව ලකුණු 77කට කඩුලු 7ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ හොඳම දක්ෂතාව වූ අතර ඒ සමඟින් ඔහු පළමු පෙළ කඩුලු 300ක් දවා ගැනීමට ද සමත් වුනා. මේ වන විට ඔහු සහභාගී වී ඇති පළමු පෙළ තරග සංඛ්‍යාව 140ක්.

NCC කණ්ඩායමේ වමත් පිතිකරු සහන් ආරච්චිගේ මීගමුව කණ්ඩායමට එරෙහිව පන්දු 224කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 110ක් වාර්තා කරගනිමින් තම පළමු පෙළ ලකුණු 2000 සීමාව පසු කිරීමට සමත් වුනා.

මේ අතර BRC කණ්ඩායමේ දකුණත් පිතිකරු දුශාන් හේමන්ත SSC කණ්ඩායමට එරෙහිව පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 103ක් රැස් කරගත් අතර හලාවත මේරියන්ස් කණ්ඩායමේ 23 හැවිරිදි වමත් පිතිකරු Ace කැපිටල් කණ්ඩායමට එරෙහිව පන්දු 289කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 118ක් වාර්තා කරගත්තා. එය ඔහුගේ මංගල පළමු පෙළ ශතකයයි.

කෝල්ට්ස් කණ්ඩායමේ දකුණත් පිතිකරු හෂාන් දුමිඳු ලංකන් කණ්ඩායමට එරෙහිව පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් නොදැවී ලකුණු 138ක් රැස් කරගත්තා. රාගම කණ්ඩායමේ වමත් පිතිකරු යොහාන් ලියනගේ තමන් සහභාගී මංගල පළමු පෙළ තරගයේ දෙවැනි ඉනිමේ දී පොලිස් කණ්ඩායමට එරෙහිව පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 106ක් වාර්තා කරගැනීමට සමත් වුනා.

මේ අතර අද Ace කැපිටල් කණ්ඩායමේ ඕෂඳ ප්‍රනාන්දු, කෝල්ට්ස් කණ්ඩායමේ ධනංජය ලක්ෂාන්, කවිශ්ක අංජුල, මුදිත ලක්ෂාන්, CCC කණ්ඩායමේ වනිඳු හසරංග, මුවර්ස් කණ්ඩායමේ මොහොමඩ් ෂමාස්, මීගමුව කණ්ඩායමේ ඇන්ජලෝ ජයසිංහ, නාවික හමුදාවේ මධුර මධුශංක, නුගේගොඩ කණ්ඩායමේ රනිත ලියනාරච්චි, පානදුර කණ්ඩායමේ කොෂාන් ධනුෂ්ක, ගුවන් හමුදාවේ සසිඳු නානායක්කාර, පොලිසියේ මධුරංග සොයිසා, රාගම කණ්ඩායමේ නිශාන් මධුශ්ක, සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ තරිඳු රත්නායක, කුරුණෑගල යූත් කණ්ඩායමේ ධනුෂ්ක ධර්මසිරි, අසන්ත බස්නායක සහ සැරසන්ස් කණ්ඩායමේ ප්‍රමෝද් මධුවන්ත අර්ධ ශතක වාර්තා කළා.

පන්දු යැවීමේ දී මුවර්ස් කණ්ඩායමේ දකුණතින් පිට දඟපන්දු යවන රමේෂ් මෙන්ඩිස් CCC කණ්ඩායමට එරෙහිව ලකුණු 65කට කඩුලු 6ක් දවා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ ඉහළම දක්ෂතාවයි.

මේ අතර SSC කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරිය ලකුණු 181කට කඩුලු 11ක් දවා ගත් අතර CCC කණ්ඩායමේ වමතින් දඟපන්දු යැවූ සොනාල් දිනූෂ ද තරගයේ දී ලකුණු 132කට කඩුලු 11ක් දවා ගත්තා.

NCC කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය මීගමුව කණ්ඩායමට එරෙහිව ලකුණු 121කට කඩුලු 6ක් දවා ගත් අතර ඔහු තරගයේ දී ලකුණු 253කට කඩුලු 10ක් දවා ගත්තා.  සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ දෙඅතින්ම පන්දු යවන තරිඳු රත්නායක තරගයේ දී ලකුණු 209කට කඩුලු 10ක් දවා ගැනීමට සමත් වුනා.

Group A

BRC සහ SSC අතර තරගය BRC පිටියේ දී

  • SSC – පළමු ඉනිම සියලු දෙනා දැවී 373 (103.2): කවිඳු නදීශාන් 87, නිපුන් දනංජය 54, නුවනිඳු ප්‍රනාන්දු 72, චරිත් අසලංක 44, රොෂේන් සිල්වා 25, කළණ පෙරේරා 23, ප්‍රභාත් ජයසූරිය 30, දුවිඳු තිලකරත්න 3/77, දුශාන් හේමන්ත 4/105, උමේෂ්ක මොරායස් 2/33.
  • BRC – පළමු ඉනිම සියලු දෙනා දැවී 213 (51.1): තිලකරත්න සම්පත් 61, දනාල් හේමන්ත 22, දුලාජ් අශේන් 28, මලින්ද ජයෝද් 39, නිසල තාරක 3/31, ප්‍රභාත් ජයසූරිය 6/71.
  • SSC – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 203 (41.3): නුවනිඳු ප්‍රනාන්දු 56, නිපුන් ධනංජය 43, රොෂේන් සිල්වා 45, නිසල තාරක 21, තිලකරත්න සම්පත් 7/77.
  • BRC – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 250 (40.5): දුශාන් හේමන්ත නොදැවී 103, ඩිලාන් ජයලත් 20, ලහිරු සමරකෝන් 39, උමේෂ්ක මොරායිස් 31, ප්‍රභාත් ජයසූරිය 5/110, නිම්නක ජයතිලක 4/41.

SSC කණ්ඩායමට ලකුණු 113ක ජයග්‍රහණයක්.

කෝල්ට්ස් සහ ලංකන් අතර තරගය කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ දී

  • ලංකන් – පළමු ඉනිම සියලු දෙනා දැවී 409 (162.2): ඉසිවර දිසානායක 88, ෂෙහාන් ප්‍රනාන්දු 36, දේශාන් ඩයස් 61, ගීත් කුමාර 26, කසුන් අබේරත්න නොදැවී 71, යසිරු රොද්‍රිගෝ 36, සඳුන් අබේවර්ධන නොදැවී 43, දුනිත් වෙල්ලාලගේ 5/90.
  • කෝල්ට්ස් – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 413 (98.4): හෂාන් දුමිඳු නොදැවී 138, අවිශ්ක පෙරේරා 33, දුනිත් වෙල්ලාලගේ 31, ධනංජය ලක්ෂාන් 60, කවිශ්ක අංජුල 55, මුදිත ලක්ෂාන් නොදැවී 51, සඳුන් අබේවර්ධන 2/114, ගීත් කුමාර 4/74.
  • ලංකන් – දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී 33 (5)

තරගයේ විසඳුමක් නොමැත.

ගාල්ල සහ කලුතර අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී

  • කලුතර – පළමු ඉනිම සියලු දෙනා දැවී 190 (51.2): කෝසල රවිඳු 75, Raghu Sharma 5/52.
  • ගාල්ල – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 405 (111): ශාලිත් ප්‍රනාන්දු 133, සමීන් කඳනාරච්චි 71, යශෝධ ලංකා 22, විනුර දුල්සර 77, කවිඳු එදිරිවීර නොදැවී 72, තරිඳු සිරිවර්ධන 2/52, ඉෂාන් අබේසේකර 2/102, බවන්ත ජයසිංහ 2/48.
  • කලුතර – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 202 (71.1): සවන් කංකානම්ගේ 43, නිපුණ ගමගේ 32, යෙසිත් රූපසිංහ 39, තරිඳු සිරිවර්ධන 30, චතුර පීරිස් නොදැවී 24, Raghu Sharma 6/56, සඳුන් මධුශංක 2/19.

ගාල්ල ක්‍රිකට් සමාජයට ඉනිමක සහ ලකුණු 13ක ජයක්.

මුවර්ස් සහ CCC අතර තරගය මූවර්ස් ක්‍රීඩා පිටියේ දී

  • CCC – පළමු ඉනිම සියලු දෙනා දැවී 249 (76.4): කමිඳු මෙන්ඩිස් 59, මිනෝද් භානුක 41, ලසිත් අබේරත්න 73, වනිඳු හසරංග 21, මිලාන් රත්නායක 2/24, ප්‍රවීන් ජයවික්‍රම 3/71, තිලංග උදේශන 2/29, තීසාන් විතුසාන් 2/52.
  • මුවර්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 215 (56.3): රමේෂ් මෙන්ඩිස් 89, පබසර වඩුගේ 37, පසිඳු සූරියබණ්ඩාර 22, මිලාන් රත්නායක 24, සොනාල් දිනූෂ 8/67.
  • CCC – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 269 (80.2): වනිඳු හසරංග 56, චමිඳු විජේසිංහ නොදැවී 46, නිමේෂ ගුණසිංහ 28, සොනාල් දිනූෂ 34, මිනෝද් භානුක 26, ලසිත් අබේරත්න 42, ප්‍රවීන් ජයවික්‍රම 2/95, රමේෂ් මෙන්ඩිස් 6/65.
  • මුවර්ස් – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 241 (50.5): මොහොමඩ් ෂමාස් 59, සොහාන් ද ලිවේරා 47, පසිඳු සූරියබණ්ඩාර 41, රමේෂ් මෙන්ඩිස් 41, සොනාල් දිනූෂ 3/65, වනිඳු හසරංග 4/73.

තරගයේ විසඳුමක් නොමැත.

පොලිසිය සහ රාගම අතර තරගය පොලිස් උද්‍යාන පිටියේ දී

  • රාගම – පළමු ඉනිම සියලු දෙනා දැවී 400 (118.1): නිශාන් මධුශ්ක 125, ජනිත් ලියනගේ 71, සමින්ද ප්‍රනාන්දු 44, යොහාන් ලියනගේ 22, අවිශ්ක තරිඳු 32, දුලාජ් බණ්ඩාර 47, ලහිරු දවටගේ 28, නුවන් ප්‍රදීප් 2/76, ලහිරු ඩියන්ත 2/112, නලින් ප්‍රියදර්ශන 4/95, සුපුන් මධුශංක 2/58.
  • පොලිසිය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 460 (112): හේෂාන් ධනුෂ්ක 233, දුලාෂ් උදයංග 73, මධුරංග සොයිසා 60, අශේන් බණ්ඩාර 25, සුපුන් මධුශංක 33, ශෂික දුල්ශාන් 2/171, සංජුල බණ්ඩාර 2/43.
  • රාගම – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 202 (32): යොහාන් ලියනගේ 106, නිශාන් මධුශ්ක 81, සුපුන් මධුශංක 2/40.

තරගයේ විසඳුමක් නොමැත.

සෙබස්තියනයිට්ස් සහ කුරුණෑගල යූත් අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • කුරුණෑගල යූත් – පළමු ඉනිම 239 (83.3): අසන්ත බස්නායක 61, ගයාන් මනීශාන් 40, ධනුෂ්ක ධර්මසිරි 27, දිනුෂ්ක මාලන් 32, රන්දීර රණසිංහ 48, ලහිරු ජයරත්න 23, තරිඳු රත්නායක 5/93.
  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 352 (110.5): තරිඳු රත්නායක 74, සශ්‍රීක පුස්සෙගොල්ල 69, සචා ද අල්විස් 23, සඳුන් ප්‍රනාන්දු 23, Saurabh Dubey 50, සචිත ජයතිලක 49, විමුද් සප්නක නොදැවී 22, සකිඳු විජේරත්න 4/109, ධනුෂ්ක ධර්මසිරි 2/10.
  • කුරුණෑගල යූත් – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 297 (79.3): අසන්ත බස්නායක 95, ධනුෂ්ක ධර්මසිරි 84, දමිත් පෙරේරා 25, දිනුෂ්ක මාලන් 30, තරිඳු රත්නායක 5/116, චාමිකර එදිරිසිංහ 4/97.

තරගයේ විසඳුමක් නොමැත.


Group B

හලාවත මේරියන්ස් සහ Ace කැපිටල් අතර තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ දී

  • Ace කැපිටල් – පළමු ඉනිම සියලු දෙනා දැවී 288 (96.1): රොෂාන් ජයතිස්ස 77, තනුක දාබරේ 62, Swapnil Anil 63, සචිඳු කොළඹගේ 40, තික්ෂිල ද සිල්වා 2/41, රජින්ද පුංචිහේවා 2/20, ලසිත් ලක්ෂාන් 4/65.
  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 290 (111.1): රවීන් යසස් නොදැවී 118, ලසිත් ලක්ෂාන් 70, කසුන් විදුර 25, තික්ෂිල ද සිල්වා 21, නිම්සර අතරගල්ල 2/51, රොෂාන් ජයතිස්ස 2/98, ලසිත් කෲස්පුල්ලේ 2/60, සචිඳු කොළඹගේ 3/46.
  • Ace කැපිටල් – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 150 (52.5): ඕෂඳ ප්‍රනාන්දු 55, T. Baskaran 30, Swapnil Anil 20, ප්‍රමුද් හෙට්ටිවත්ත 28, ලසිත් ලක්ෂාන් 4/21.
  • හලාවත මේරියන්ස් – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 31 (7): නිම්සර අතරගල්ල 2/17.

තරගයේ විසඳුමක් නොමැත.

මීගමුව සහ NCC අතර තරගය කටුනායක FTZ ක්‍රීඩා පිටියේ දී

  • මීගමුව – පළමු ඉනිම සියලු දෙනා දැවී 353 (96.4): ඇන්ජලෝ ජයසිංහ 123, Jatin Saxena 111, අශේන් සිල්වා 25, පසිඳු ලක්ෂංක 22, අමෝද විදානපතිරණ 22, අශේන් ඩැනියෙල් 2/63, ලසිත් ඇඹුල්දෙණිය 4/132.
  • NCC – පළමු ඉනිම සියලු දෙනා දැවී 364 (106.3): සඳුන් වීරක්කොඩි 150, සහන් ආරච්චිගේ 110, ලහිරු උදාර 40, අසේල් සිගේරා 26, දනුෂ්ක සඳරුවන් 3/67, උපුල් ඉන්ද්‍රසිරි 5/143.
  • මීගමුව – දෙවැනි ඉනිම කඩුලු 271 (62): ඇන්ජලෝ ජයසිංහ 55, අශේන් සිල්වා 27, Jatin Saxena 37, උමේෂ් ලක්ෂාන් 44, සුදර්ශන ප්‍රනාන්දු 26, දනුෂ්ක සඳරුවන් නොදැවී 21, ලසිත් ඇඹුල්දෙණිය 6/121.

තරගයේ විසඳුමක් නොමැත.

නුගේගොඩ සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ දී

  • ශ්‍රී ලංකා නාවික හමුදාව – පළමු ඉනිම සියලු දෙනා දැවී 180 (48.5): අදීශ නානායක්කාර 93, මාලිංග මලිගස්පෙ 30, සුපුන් ලීලාරත්න 28, සහන් නානායක්කාර 4/66.
  • නුගේගොඩ – පළමු ඉනිම සියලු දෙනා දැවී 243 (77.2): රනිත ලියනාරච්චි 77, අභිශේක් ලියනාරච්චි 60, නයන ප්‍රනාන්දු 51, රාහුල් ගුණසේකර 28, නවීන් කවිකාර 6/100.
  • ශ්‍රී ලංකා නාවික හමුදාව – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 302 (83): අදීෂ නානායක්කාර 96, මාලිංග මලිගස්පේ 49, අසන්ත සිංගප්පුලි 25, මදුර මදුශංක 60, විනෝද් පෙරේරා 36, සහන් නානායක්කාර 2/91, චමින්ද බණ්ඩාර 2/67, නවීන් ප්‍රනාන්දු 2/36, සුවත් මෙන්ඩිස් 3/64.
  • නුගේගොඩ – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 133 (52.1): රනිත ලියනාරච්චි 72, පැතුම් ඩිල්ශාන් 24, නවීන් කවිකාර 6/49, මධුර මධුශංක 2/38, අසන්ත සිංගප්පුලි 2/05.

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලකුණු 106ක ජයක්.


ශ්‍රී ලංකා යුද හමුදාව සහ බදුරලිය අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • ශ්‍රී ලංකා යුද හමුදාව – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 471 (116.5): ෂෙහාන් ප්‍රනාන්දු 166, ගිහාන් කෝරලගේ නොදැවී 113, තුලින ඩිල්ශාන් 111, මහේෂ් කුමාර 22, චලන ද සිල්වා 4/126, අලංකාර අසංක 2/72.
  • බදුරලිය – පළමු ඉනිම සියලු දෙනා දැවී 230 (68.3): Rameez Alam 51, මලිඳු මධුරංග 37, Zahid Mansoor 46, අනුක් ප්‍රනාන්දු 31, අසංක මනෝජ් 2/60, කෞමාල් නානායක්කාර 4/77, ලක්ෂාන් එදිරිසිංහ 4/51.
  • බදුරලිය – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 278 (78): Zahid Mansoor 113, අනුක් ප්‍රනාන්දු 46, Rameez Alam 66, කෞමාල් නානායක්කාර 2/59, යශෝද මෙන්ඩිස් 2/37, අශාන් රන්දික 2/34.

තරගයේ විසඳුමක් නොමැත.

පානදුර සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර තරගය පානදුර ක්‍රීඩා පිටියේ දී

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව – පළමු ඉනිම සියලු දෙනා දැවී 440 (85.4): උදයවංශ පරාක්‍රම 119, මොවින් සුබසිංහ 114, කළණ විජේසිරි 37, ආදිත්‍ය සිරිවර්ධන 27, සුපේෂල ජයතිලක 35, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 59, නිමේෂ් විමුක්ති 4/151, තරිඳු කෞෂාල් 2/59, ඉවංක සංජුල 3/89.
  • පානදුර – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 446 (142.2): ලක්ෂාන් රොද්‍රිගෝ 84, Parth Palawat 73, ශනුක දුලාජ් 23, Abhishek Gupta 90, රමින්ද විජේසූරිය 34, නිමේෂ් විමුක්ති 40, කොෂාන් ධනුෂ්ක නොදැවී 51, දුලංජන මෙන්ඩිස් 5/103, මොවින් සුබසිංහ 2/88.
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 152 (33.4): සසිඳු නානායක්කාර 54, රොස්කෝ තට්ටිල් නොදැවී 35, කලන විජේසිරි 25, උදයවංශ පරාක්‍රම 21.

තරගයේ විසඳුමක් නොමැත.


ටැමිල් යුනියන් සහ සැරසන්ස් අතර තරගය පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ දී

  • සැරසන්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 253 (87): සිතාර ගිම්හාන් 89, නවිඳු විතානගේ 66, Mohammed Waqas 32, ශිරාන් ප්‍රනාන්දු 4/33, රවීන් ද සිල්වා 4/53.
  • ටැමිල් යුනියන් – පළමු ඉනිම සියලු දෙනා දැවී 299 (72.4): නවෝද් පරණවිතාන 89, රොන් චන්ද්‍රගුප්ත 82, සදීර සමරවික්‍රම 29, රවිඳු ප්‍රනාන්දු 22, රවීන් ද සිල්වා 23, ඉසිත විජේසුන්දර 4/73, ප්‍රමෝද් මධුවන්ත 2/29, කවික ඩිල්ශාන් 2/77.
  • සැරසන්ස් – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 169 (63.1): ප්‍රමෝද් මධුවන්ත නොදැවී 69,නිපුන් කරුණානායක 35, සිතාර ගිම්හාන් 21, කවිඳු පතිරත්න 2/18, රවීන් ද සිල්වා 3/34, දිලුම් සුදීර 2/22.
  • ටැමිල් යුනියන් – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 125 (24.5): සදීර සමරවික්‍රම 23, නවෝද් පරණවිතාන 33, සංතුශ් ගුණතිලක 21, රවිඳු ප්‍රනාන්දු නොදැවී 24, ඉසිත විජේසුන්දර 2/35, සඳුන් මෙන්ඩිස් 2/38.

ටැමින් යුනියන් ක්‍රිකට් සමාජයට කඩුලු 4ක ජයක්.

තරගාවලියේ උණුසුම් තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<