ශ්‍රී ලංකා විනිසුරුවරියන් තිදෙනෙක් කාන්තා ආසියානු කුසලානයට

කාන්තා ආසියානු කුසලානය 2022

688

එළඹෙන මාසයේ දී පැවැත්වීමට නියමිත 2022 කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික විනිසුරුවරියන් (Umpires) දෙදෙනෙක් සහ එක් තරග විනිසුරුවරියක් (Referee) සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තෙවැනි මට්ටමේ (SLC Level 3) විනිසුරුවරියන් දෙදෙනෙකු වන දේදුනු ද සිල්වා සහ නිමාලි පෙරේරාට අමතරව තරග විනිසුරුවරිය ලෙස සහභාගී වන්නේ වෙනෙසා ද සිල්වායි.

මේ කාන්තා විනිසුරුවරියන් තිදෙනාම දේශීය තරග බිමේ අත්දැකීම්වලින් පරිපූර්ණ විනිසුරුවරියන් වන අතර පිරිමි පළමු පෙළ තරගාවලි මෙන්ම List A තරග සඳහා ද ඔවුන් විනිසුරුකරණයෙන් දායකත්වය දක්වා තිබෙන්නේ දේශීය කාන්තා පිටියේ විනිසුරු කටයුතුවලට අමතරවයි.

මෙවර කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය ඔක්තෝබර් 1 වැනිදා සිට 16 වැනිදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<