සොනාල් දිනූෂ දැවැන්ත කඩුලු දඩයමක

SLC Major League Cricket Tournament 2022

39

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සතියේ දෙවැනි දිනය වූ අද (17) දවස නිමාවේ දී CCC කණ්ඩායමේ සොනාල් දිනූෂ කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූවා.

21 වියැති වමතින් දඟපන්දු යවන සොනාල් දිනූෂ මූවර්ස් කණ්ඩායමට එරෙහිව ක්‍රියාත්මක තරගයේ දී ලකුණු 67කට කඩුලු 8ක් දවා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ ඉහළම දක්ෂතාවයි. මෙම කඩුලු ලබා ගැනීමේ දී කඩුල්ල පිටුපස සිටි මිනෝද් භානුක කඩුලු 7ක් දවා ගැනීමට සහාය දැක්වීම කැපී පෙනුණා. සොනාල් මෙම තරගාවලියේ සහභාගී වූ පළමු තරගය මෙය වීම ද විශේෂත්වයක්.

මේ අතර SSC කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය BRC කණ්ඩායමට එරෙහිව ලකුණු 71කට කඩුලු 6 දවා ගත් අතර  ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන නවීන් කවිකාර නුගේගොඩ කණ්ඩායමට එරෙහිව ලකුණු 100කට කඩුලු 6ක් ද සහ කෝල්ට්ස් කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ ලකුණු 90කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

පිතිකරුවන් අතරින් ගාල්ල කණ්ඩායමේ 23 හැවිරිදි දකුණත් පිතිකරු ශාලිත් ප්‍රනාන්දු අද තම මංගල ශතකය රැස් කළා. ඒ කළුතර නාගරික කණ්ඩායමට එරෙහිවයි. එහි දී ඔහු පන්දු 205කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 133ක් ලබා ගත්තා.

NCC කණ්ඩායමේ වමත් පිතිකරු සඳුන් වීරක්කොඩි මීගමුව කණ්ඩායමට එරෙහිව පන්දු 170කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 150ක් ලබා ගත් අතර  ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ දකුණත් පිතිකරු ගිහාන් කොරළගේ තම මංගල පළමු පෙළ ශතකය බදුරලිය කණ්ඩායමට එරෙහිව අද වාර්තා කළා. ඔහු පන්දු 190කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 113ක් ලබා ගත්තා. එය යුද හමුදා ඉනිමේ තෙවැනි ශතකයයි.

පොලිස් කණ්ඩායම නියෝජනය කරන වමත් පිතිකරු හේෂාන් ධනුෂ්ක රාගම කණ්ඩායමට එරෙහිව පන්දු 216කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 140ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

ඊට අමතරව BRC කණ්ඩායමේ තිලකරත්න සම්පත්, හලාවත මේරියන්ස් කණ්ඩායමේ ලසිත් ලක්ෂාන් සහ රවීන් යසස්, ලංකන් කණ්ඩායමේ ඉසිවර දිසානායක, ගාල්ල කණ්ඩායමේ කවිඳු එදිරිවීර, NCC කණ්ඩායමේ සහන් ආරච්චිගේ, නුගේගොඩ කණ්ඩායමේ නයන ප්‍රනාන්දු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අදීශ නානායක්කාර, පානදුර කණ්ඩායමේ ලක්ෂාන් රොද්‍රිගෝ, ටැමිල් යූනියන් කණ්ඩායමේ නවෝද් පරණවිතාන සහ රොන් චන්ද්‍රගුප්ත, පොලිස් ක්‍රීඩා සමාජයේ දුලාෂ් උදයංග සහ සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ සශ්‍රීක පුස්සෙගොල්ල අද අර්ධ ශතකලාභීන්ගේ ලැයිස්තුවට එකතු වූවා.

Group A

BRC සහ SSC අතර තරගය BRC පිටියේ දී

  • SSC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 373 (103.2) නිපුන් දනංජය 54, නුවනිඳු ප්‍රනාන්දු 72, චරිත් අසලංක 44, රොෂේන් සිල්වා 25, කවිඳු නදීශාන් 87, කළණ පෙරේරා 23, ප්‍රභාත් ජයසූරිය 30, දුවිඳු තිලකරත්න 3/77, දුශාන් හේමන්ත 4/105, උමේෂ්ක මොරායස් 2/33
  • BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 213 (51.1) දනාල් හේමන්ත 22, දුලාජ් අශේන් 28, තිලකරත්න සම්පත් 61, මලින්ද ජයෝද් 39, නිසල තාරක 3/31, ප්‍රභාත් ජයසූරිය 6/71
  • SSC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 128 (27) නුවනිඳු ප්‍රනාන්දු 56, නිපුන් ධනංජය නොදැවී 42, තිලකරත්න සම්පත් 3/29

කෝල්ට්ස් සහ ලංකන් අතර තරගය කෝල්ට්ස් ක්‍රීඩා පිටියේ දී

  • ලංකන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 409 (162.2) ෂෙහාන් ප්‍රනාන්දු 36, දේශාන් ඩයස් 61, ගීත් කුමාර 26, කසුන් අබේරත්න නොදැවී 71, ඉසිවර දිසානායක 88, යසිරු රොද්‍රිගෝ 36, සඳුන් අබේවර්ධන නොදැවී 43, දුනිත් වෙල්ලාලගේ 5/90
  • කෝල්ට්ස් – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 60 (15) අවිශ්ක පෙරේරා 33, හෂාන් දුමිඳු නොදැවී 20

ගාල්ල සහ කළුතර අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී

  • කළුතර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 190 (51.2) කෝසල රවිඳු 75, Raghu Sharma 5/52
  • ගාල්ල – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 405 (111) සමීන් කඳනාරච්චි 71, යශෝධ ලංකා 22, විනුර දුල්සර 77, ශාලිත් ප්‍රනාන්දු 133, කවිඳු එදිරිවීර නොදැවී 72, තරිඳු සිරිවර්ධන 2/52, ඉෂාන් අබේසේකර 2/102, බවන්ත ජයසිංහ 2/48
  • කළුතර – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 40 (15) යෙසිත් රූපසිංහ නොදැවී 24

මූවර්ස් සහ CCC අතර තරගය මූවර්ස් ක්‍රීඩා පිටියේ දී 

  • CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 249 (76.4) මිනෝද් භානුක 41, කමිඳු මෙන්ඩිස් 59, ලසිත් අබේරත්න 73, වනිඳු හසරංග 21, මිලාන් රත්නායක 2/24, ප්‍රවීන් ජයවික්‍රම 3/71, තිලංග උදේශන 2/29, තීසාන් විතුසාන් 2/52
  • මූවර්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 215 (56.3) පබසර වඩුගේ 37, පසිඳු සූරියබණ්ඩාර 22, රමේෂ් මෙන්ඩිස් 89, මිලාන් රත්නායක 24, සොනාල් දිනූෂ 8/67
  • CCC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 151 (42) නිමේෂ ගුණසිංහ 28, සොනාල් දිනූෂ 34, මිනෝද් භානුක 26, කමිඳු මෙන්ඩිස් 20, ප්‍රවීන් ජයවික්‍රම 2/60, රමේෂ් මෙන්ඩිස් 3/45

පොලිසිය සහ රාගම අතර තරගය පොලිස් උද්‍යාන පිටියේ දී

  • රාගම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 400 (118.1) සමින්ද ප්‍රනාන්දු 44, යොහාන් ලියනගේ 22, නිශාන් මධුශ්ක 125, ජනිත් ලියනගේ 71, අවිශ්ක තරිඳු 32, දුලාජ් බණ්ඩාර 47, ලහිරු දවටගේ 28, නුවන් ප්‍රදීප් 2/76, ලහිරු ඩියන්ත 2/112, නලින් ප්‍රියදර්ශන 4/95, සුපුන් මධුශංක 2/58
  • පොලිසිය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 242 (56) හේෂාන් ධනුෂ්ක නොදැවී 140, දුලාෂ් උදයංග 73

සෙබස්තියනයිට්ස් සහ කුරුණෑගල යූත් අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • කුරුණෑගල යූත් – පළමු ඉනිම 239 (83.3) ගයාන් මනීශාන් 40, ධනුෂ්ක ධර්මසිරි 27, අසන්ත බස්නායක 61, දිනුෂ්ක මාලන් 32, රන්දීර රණසිංහ 48, ලහිරු ජයරත්න 23, තරිඳු රත්නායක 5/93
  • සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 271 (99) සචා ද අල්විස් 23, සඳුන් ප්‍රනාන්දු 23, Saurabh Dubey 50, සශ්‍රීක පුස්සෙගොල්ල 69, සචිත ජයතිලක 39, තරිඳු රත්නායක නොදැවී 28, සකිඳු විජේරත්න 3/70

Group B

හලාවත මේරියන්ස් සහ Ace කැපිටල් අතර තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ දී

  • Ace කැපිටල් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 288 (96.1) තනුක දාබරේ 62, Swapnil Anil 63, රොෂාන් ජයතිස්ස 77, සචිඳු කොළඹගේ 40, තික්ෂිල ද සිල්වා 2/41, රජින්ද පුංචිහේවා 2/20, ලසිත් ලක්ෂාන් 4/65
  • හලාවත මේරියන්ස් – කඩුලු 8ක් දැවී 232 (83) ලසිත් ලක්ෂාන් 70, කසුන් විදුර 25, රවීන් යසස් නොදැවී 78, තික්ෂිල ද සිල්වා 21, නිම්සර අතරගල්ල 2/41, රොෂාන් ජයතිස්ස 2/70, ලසිත් කෘaස්පුල්ලේ 2/55, සචිඳු කොළඹගේ 2/31

මීගමුව සහ NCC අතර තරගය කටුනායක FTZ ක්‍රීඩා පිටියේ දී

  • මීගමුව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 353 (96.4) අශේන් සිල්වා 25, පසිඳු ලක්ෂංක 22, අමෝද විදානපතිරණ 22, ඇන්ජලෝ ජයසිංහ 123, Jatin Saxena 111, අශේන් ඩැනියෙල් 2/63, ලසිත් ඇඹුල්දෙණිය 4/132
  • NCC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 292 (81) ලහිරු උදාර 40, සඳුන් වීරක්කොඩි නොදැවී 150, සහන් ආරච්චිගේ නොදැවී 85, උපුල් ඉන්ද්‍රසිරි 2/115

නුගේගොඩ සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩා පිටියේ දී

  • ශ්‍රී ලංකා නාවික හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 180 (48.5) මාලිංග මලිගස්පෙ 30, අදීශ නානායක්කාර 93, සුපුන් ලීලාරත්න 28, සහන් නානායක්කාර 4/66
  • නුගේගොඩ – පළමු ඉනිම සියලුම දෙනා දැවී 243 (77.2) අභිශේක් ලියනාරච්චි 60, නයන ප්‍රනාන්දු 51, රනිත ලියනාරච්චි 77, රාහුල් ගුණසේකර 28, නවීන් කවිකාර 6/100
  • ශ්‍රී ලංකා නාවික හමුදාව – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 175 (51) මාලිංග මලිගස්පේ 49, අදීෂ නානායක්කාර 74, අසන්ත සිංගප්පුලි 25, මදුර මදුශංක නොදැවී 20, සුවත් මෙන්ඩිස් 2/45

ශ්‍රී ලංකා යුද හමුදාව සහ බදුරලිය අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • ශ්‍රී ලංකා යුද හමුදාව – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 471 (116.5) තුලින ඩිල්ශාන් 111, ෂෙහාන් ප්‍රනාන්දු 166, මහේෂ් කුමාර 22, ගිහාන් කෝරලගේ නොදැවී 113, චලන ද සිල්වා 126/4, අලංකාර අසංක 2/72
  • බදුරලිය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 219 (61) මලිඳු මධුරංග 37, Zahid Mansoor 46, අනුක් ප්‍රනාන්දු 31, Rameez Alam නොදැවී 51, කෞමාල් නානායක්කාර 2/70, ලක්ෂාන් එදිරිසිංහ 4/51

පානදුර සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර තරගය පානදුර ක්‍රීඩා පිටියේ දී

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 440 (85.4) කළණ විජේසිරි 37, උදයවංශ පරාක්‍රම 119, ආදිත්‍ය සිරිවර්ධන 27, සුපේෂල ජයතිලක 35, මොවින් සුබසිංහ 114, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 59, නිමේෂ් විමුක්ති 4/151, තරිඳු කෞෂාල් 2/59, ඉවංක සංජුල 3/89
  • පානදුර – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 276 (87) ලක්ෂාන් රොද්‍රිගෝ 50, Parth Palawat 73, ශනුක දුලාජ් 23, Abhishek Gupta නොදැවී 71, රමින්ද විජේසූරිය නොදැවී 27, දුලංජන මෙන්ඩිස් 4/76

ටැමිල් යූනියන් සහ සැරසන්ස් අතර තරගය පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ දී

  • සැරසන්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 253 (87) නවිඳු විතානගේ 66, සිතාර ගිම්හාන් 89, Mohammed Waqas 32, ශිරාන් ප්‍රනාන්දු 4/33, රවීන් ද සිල්වා 4/53
  • ටැමිල් යුනියන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 299 (72.4) නවෝද් පරණවිතාන 89, රොන් චන්ද්‍රගුප්ත 82, සදීර සමරවික්‍රම 29, රවිඳු ප්‍රනාන්දු 22, රවීන් ද සිල්වා 23, ඉසිත විජේසුන්දර 4/73, ප්‍රමෝද් මධුවන්ත 2/29, කවික ඩිල්ශාන් 2/77
  • සැරසන්ස් – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 23 (12.3)

මේ සියලු තරග හෙට (18) තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි. තරගාවලියේ උණුසුම සමඟ රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<