සිරිසෝම සහ චලන දක්ෂතා දක්වයි

SLC අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය 2022

314

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ තෙදින ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ තරගවල දෙවැනි දවස වූ අද (20) නිමාවේ දී ගයාන් සිරිසෝම සහ චලන ද සිල්වා කැපී පෙනෙන පන්දු යැවීම් හී නිරත වුනා.

ගුවන් හමුදාව නියෝජනය කරන වමතින් දඟපන්දු යවන ගයාන් නාවික හමුදාවට එරෙහිව ලකුණු 41කට කඩුලු 7ක් දවා ගත්තේ තම පළමු පෙළ තරගවල කඩුලු 5කට වැඩියෙන් දවා ගත් 62 වැනි අවස්ථාව උදා කර ගනිමින්.

බදුරලිය ක්‍රීඩා සමාජය නියෝජනය කරන වමතින් දඟපන්දු යවන චලන මීගමුව ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 41කට කඩුලු 6ක් දවා ගත්තේ තම පළමු පෙළ තරගවල හොඳම දක්ෂතාව වාර්තා කරමින්.

මේ අතර අද දවසේ වාර්තා වූ එකම ශතකයේ හිමිකරු වීමට CCC කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් සමත් වුනා. ඔහු පන්දු 220කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 147ක් ලබා ගත්තා.

කෝල්ට්ස් කණ්ඩායමේ රවිඳු රශාන්ත, පොලිස් කණ්ඩායමේ හේෂාන් ප්‍රනාන්දු, BRC කණ්ඩායමේ ටී. එම්. සම්පත් සහ දනාල් හේමානන්ද, NCC කණ්ඩායමේ ලහිරු උදාර, CCC කණ්ඩායමේ අශාන් ප්‍රියංජන්, සැරසන්ස් කණ්ඩායමේ සිතාර ගිම්හාන් සහ නවිඳු නිර්මාල් ද මූවර්ස් කණ්ඩායමේ රිසිර වීරසූරිය සහ ඉම්තියාස් ස්ලාසා අද වාර්තා කළ අර්ධ ශතකලාභීන්ගේ ලැයිස්තුවට එක් වුනා.

පන්දු යැවීමේ දී පානදුර කණ්ඩායමේ නිමේෂ් විමුක්ති, කෝල්ට්ස් මොහොමඩ් ශිරාෂ් සහ යුද හමුදාවේ කෞමාල් නානායක්කාර කඩුලු 5 බැගින් දවා ගනිමින් දක්ෂතා දැක්වුවා.

Ace කැපිටල් ක්‍රිකට් සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය බ්ලුම්ෆිල්ඩ් ක්‍රීඩා පිටියේ දී

  • Ace කැපිටල් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 471 (82.4) ලසිත් කෲස්පුල්ලේ 160, තනුක දාබරේ 133, Ninda Kadam 83, ටෙරෝන් බාස්කරන් 22, දුලීක තිස්සකුට්ටිගේ 21, තීරක රණතුංග 21, මොහොමඩ් ඩිල්ෂාඩ් 4/72, සඳුන් මෙන්ඩිස් 3/122, ඉසිත විජේසුන්දර 2/62
  • සැරසන්ස් – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 227 (75) සිතාර ගිම්හාන් 71, නවිඳු නිර්මාල් නොදැවී 69, සසිත පල්ලියගුරුගේ 38, Muhammad Waqas 24, චානක දේවින්ද 2/63

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ දී

  • ගුවන් හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 249 (84) ආධිත්‍ය සිරිවර්ධන 69, උදයවංශ පරාක්‍රම 54, සිතිජ චමෝද් 34, ගයාන් සිරිසෝම 22*, දිලංක අයුර්වඩ් 4/93, අයේෂ් දේවින්ද 3/76
  • නාවික හමුදාව – පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 11ක දී කඩුලු 3ක් දැවී 17/3) සියලුම දෙනා දැවී 113 (31.2) සහන් කෝසල 39, කවිඳු රණසිංහ 25, ඔමේෂ් මෙන්ඩිස් 23, ගයාන් සිරිසෝම 7/41, දුලංජල මෙන්ඩිස් 2/22
  • ගුවන් හමුදාව – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 200 (53) සිතිජ චමෝද් 69, උදේවංශ පරාක්‍රම 40, සසිඳු නානායක්කාර 31, දේවින්ද අයේෂ් 3/71, දිලංක අයුර්වඩ් 2/62
  • නාවික හමුදාව – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 18 (11)

යුද හමුදා ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ දී

  • යුද හමුදාව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 256 (82.3) දිනේෂ් චන්දිමාල් 152, අසේල ගුණරත්න 28, ලක්ෂාන් එදිරිසිංහ 27, නිමේෂ් පෙරේරා 3/32, දිනෙත් සමරවීර 2/41, චානක කොමසාරු 2/116
  • බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 5ක දී කඩුලු 3ක් දැවී 06) සියලුම දෙනා දැවී 95 (31) කෞමාල් නානායක්කාර 5/46, ෂෙහද සොයිසා 2/05, අසංක මනෝජ් 2/34
  • යුද හමුදාව – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 179 (46) ශෙහාන් ප්‍රනාන්දු 49, අසේල ගුණරත්න 41, තිසර පෙරේරා නොදැවී 28, පැතුම් කුමාර නොදැවී 21, තුලින ඩිල්ශාන් 20, චානක කොමසාරු 2/50
  • බ්ලූම්ෆීල්ඩ් – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 21 (11.4)

BRC සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය BRC පිටියේ දී

  • පොලිස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 172 (59) චතුරංග කුමාර 39, නදීර බාලසූරිය 37, චාමර සිල්වා 31, රන්දුනු ගංගනාත් 29, දුවිඳු තිලකරත්න 3/35, දුශාන් හේමන්ත 2/20.
  • BRC – පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 5ක දී කඩුලු 2ක් දැවී 83/2) සියලුම දෙනා දැවී 246 (71.4) ටී. එම්. සම්පත් 66, දනාල් හේමානන්ද 51, ලහිරු සමරකෝන් 34, ලියෝ ෆ්‍රැන්සිකෝ 29, නලින් ප්‍රියදර්ශන 4/85, ලහිරු දියන්ත 2/30
  • පොලිස් – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 116 (37) හේෂාන් ප්‍රනාන්දු නොදැවී 54, රන්දුණු ගංගනාත් නොදැවී 34, ටී. එම්. සම්පත් 2/18

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජය අතර තරගය කෝල්ට්ස් පිටියේ දී

  • කෝල්ට්ස් – පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 3ක දී කඩුලු 3ක් දැවී 409) කඩුලු 4ක් දැවී 506 (101) අවිශ්ක පෙරේරා 236, හෂාන් දුමිඳු 130, රවිඳු රශාන්ත නොදැවී 69, විශාද් රන්දික නොදැවී 31, නිසල ආකාශ් 2/103
  • කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 70 (33.2) මොහොමඩ් ශිරාෂ් 5/25, අකිල දනංජය 3/11
  • කැන්ඩි කස්ටම්ස් – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 12 (3.2)

ගාල්ල ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී

  • රාගම – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 322 (89.1) නිශාන් මදුෂ්ක 150, ඉශාන් ජයරත්න 42*, නුශාල් ධර්මරත්න 40, දුලාජ් බණ්ඩාර 26, ඩෙලෝන් පීරිස් 24, හරීන් බුද්ධිල 3/72, රාජිත ප්‍රියාන් 2/72
  • ගාල්ල – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 233 (81) විනුර දුල්සර නොදැවී 99, ඩිල්ශාන් කාංචන 93, සමීර කඳනාරච්චි 27, ශෂික දුල්ශාන් 2/68

කළුතර නාගරික සමාජය සහ කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය අතර තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දී

  • කුරුණෑගල යොවුන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 237 (86.2) මුදිත ප්‍රේමදාස 93*, ධනුෂ්ක ධර්මසිරි 55, අසන්ත බස්නායක 49, ඉන්ෂක සිරිවර්ධන 3/28, තෙමාල් බණ්ඩාර 3/40, තරිඳු සිරිවර්ධන 2/48
  • කළුතර – පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 1ක දී කිසිවෙක් නොදැවී 9) කඩුලු 9ක් දැවී 261 (91) සදීශ් ජයවර්ධන 49, කෝසල රවිඳු 41, බවන්ත ජයසිංහ 33, මොහොමඩ් ශිල්මි 29, කවීශ් අභිශේක් 26, ඉංසක සිර්වර්ධන 25, සුඛිත මනෝජ් 24, ලහිරු ජයරත්න 3/52, නවීන් ජාගොඩ 2/67

මුවර්ස් ක්‍රීඩා සමාජය සහ ලංකන් ක්‍රිකට් සමාජය අතර තරගය මුවර්ස් ක්‍රීඩා පිටියේ දී

  • මුවර්ස් – පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 84ක දී කඩුලු 6ක් දැවී 429) කඩුලු 8ක් දැවී 500 (101.4) පසිඳු සූරියබණ්ඩාර 133, රමේෂ් මෙන්ඩිස් 78, සොහාන් ද ලිවේරා 75, මොහොමඩ් ශමාස් 52, පබසර වඩුගේ 32, රිසිර වීරසූරිය නොදැවී 67, ඉම්තියාස් ස්ලාසා 52, යසිරු තාරක 2/41, යසිරු රොද්‍රිගෝ 2/112, රජීව වීරසිංහ 3/118
  • ලන්කන් – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 157 (61.2) දේශාන් ඩයස් 45, ෂෙහාන් ප්‍රනාන්දු 40, ඉසිවර දිසානායක නොදැවී 31, තීසාන් විතුසාන් 2/12, දිනුක ඩිල්ශාන් 2/37

මීගමුව ක්‍රිකට් සමාජය සහ බදුරලිය ක්‍රිකට් සමාජය අතර තරගය කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රීඩා පිටියේ දී

  • බදුරලිය – පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 85ක දී කඩුලු 7ක් දැවී 264/7) සියලුම දෙනා දැවී 301 (96.4) අනුක් ප්‍රනාන්දු 109*, දුනිත් ජයතුංග 84, ගිහාන් රූපසිංහ 41, ධනුෂ්ක සඳරුවන් 5/65
  • මීගමුව – පළමු ඉනිම සියලුම දෙනා දැවී 80 (31.5) Mizanur Rahman 35, චලන ද සිල්වා 6/41, නිර්මල රත්නායක 3/17
  • මීගමුව – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 124 (35.1) දිමුත් සඳරුවන් නොදැවී 47, Jatin Saxena නොදැවී 41, අනුක් ප්‍රනාන්දු 2/26

පානදුර ක්‍රීඩා සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර තරගය පානදුර ක්‍රීඩා පිටියේ දී

  • පානදුර – පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (47.3) පවන් සංදේශ් 44, රොෂාන් විජේනායක 37, ඉරුෂික තිමිර 6/62, අවිඳු තීක්ෂණ 3/34
  • හලාවත මේරියන්ස් – පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 5ක දී කඩුලු 3ක් දැවී 134) සියලුම දෙනා දැවී 259 (80) Jathar 64, Anuj Jotin 53, ඉරෝෂ් ප්‍රනාන්දු 29, පුලින තරංග 25, නිපුන් ප්‍රේමරත්න 23, නිමේෂ් විමුක්ති 5/103, කොශාන් ජයවික්‍රම 4/58
  • පානදුර – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 103 (47.1) පවන් සංදේශ් 41

SSC සහ CCC අතර තරගය SSC පිටියේ දී

  • CCC – පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 85ක දී කඩුලු 4ක් දැවී 352) කඩුලු 8ක් දැවී 523 (124) කමිඳු මෙන්ඩිස් 147, ලසිත් අබේරත්න 92, මිනෝද් භානුක 74, නිමේශ ගුණසිංහ 64, අශාන් ප්‍රියංජන් 53, පවන් රත්නායක 44, චමිඳු විජේසිංහ 34, ලක්ෂිත රසාංජන 3/119, කලණ පෙරේරා 2/60
  • SSC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 146 (37) නිපුන් ධනංජය නොදැවී 65, ක්‍රිශාන් සංජුල 56, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 23

ටැමිල් යූනියන් සහ NCC අතර තරගය පී. සරා ඕවල් ක්‍රීඩා පිටියේ දී

  • ටැමිල් යූනියන් – පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට පන්දුවාර 90කදී කඩුලු 9ක් දැවී 301) සියලුම දෙනා දැවී 307 (92.4) සදීර සමරවික්‍රම 117, කමේෂ් නිර්මාල් 55, සන්තුෂ් ගුණතිලක 40, රවිඳු ප්‍රනාන්දු 24, දිල්රුවන් පෙරේරා 24, ලසිත් ඇඹුල්දෙණිය 4/108, අශේන් ඩැනියල් 3/72
  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 180 (55.4) ලහිරු උදාර 71, කවීන් බණ්ඩාර 24, නිරෝෂන් දික්වැල්ල 21, ඩිල්රුවන් පෙරේරා 3/45, කවිඳු පතිරත්න 2/30
  • ටැමිල් යුනියන් – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 54 (15.2) සිතාර හපුහින්න 22

මේ තරග සියල්ලම හෙට (21) තෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<