වනිඳු හසරංග Desert Vipers සමඟ එක් වෙයි

1023

ශ්‍රී ලාංකික තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ලීග් ක්‍රිකට් තරගාවලියේ Desert Vipers කණ්ඩායම හා  එක් වීමට නියමිතයි.

ඔහුට අමතරව එංගලන්ත පිතිකරු Alex Hales, කඩුලු රකින පිතිකරු Sam Billings, සහ බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන ක්‍රීඩක Sheldon Cottrell යන ක්‍රීඩකයින් ද මේ කණ්ඩායමට ඇතුළත් අතර එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක Tom Curran සහ පිතිකරුවෙකු වන Ben Duckett ද එම කණ්ඩායම සමඟ එක් වීමට නියමිත බව වාර්තා  වෙනවා.

එම කණ්ඩායමේ අධ්‍යක්ෂක තනතුර හිටපු ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Tom Moody විසින් ද, ප්‍රධාන පුහුණකාර ධුරය හිටපු එංගලන්ත කඩුලු රකින පිතිකරු James Foster විසින් ද දරනු ලබනවා.

Desert Vipers කණ්ඩායම සමඟ එක්ව කටයුතු කරන්න ලැබීම ගෞරවයක්, ඒ වගේම අප කණ්ඩායම සමඟ ඉතාම උසස් මට්ටමේ තරගාවලියකට සහභාගී වීමට බලාපොරොත්තු වෙනවා. අපිට තරුණ, අත්දැකීම් බහුල සහ විශිෂ්ට දක්ෂතා දක්වන ක්‍රීඩක සංකලනයකින් යුතු කණ්ඩායමක් සමඟ විශිෂ්ටතම අන්තර්ජාතික ක්‍රිකට් අත්දැකීමක් විඳ ගන්න පුළුවන් වේවි,” Tom Moody විසින් තම කණ්ඩායම පිළිබඳව එසේ අදහස් දක්වා තිබුණා.

“ඉතාම දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සැදුම් ලත් Desert Vipers කණ්ඩායම සමඟ වැඩකරන්න මම නොඉවසිල්ලෙන් බලා ගෙන ඉන්නවා, මේ තරගාවලිය ඉතාම තරගකාරී වගේම ප්‍රේක්ෂකයින් උද්දාමයට පත් කරවන සුළු එකක් වේවි. ඒ වගේම අපේ කණ්ඩායම මේ තරගාවලියේ තරගකාරීම කණ්ඩායමක් බවට පත් වේවි,” James Foster තම කණ්ඩායම පිළිබඳ එලෙස අදහස් ප්‍රකාශ කර තිබුණා.

ඊයේ (19) දිනයේ දී ජාත්‍යන්තර ලීග් ක්‍රිකට් තරගාවලියේ (ILT20) Lancer Capitals විසින් හිමිකාරිත්වය දරන කණ්ඩායමේ නම “Desert Vipers” බව Twitter සටහනක් ඔස්සේ අනාවරණය කර සිටියා.

ILT20 තරගාවලිය ලබන වසරේ ජනවාරි 6 වැනිදා සිට පෙබරවාරි 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත නියමිතයි. කණ්ඩායම් හයකින් සමන්විත මෙම ලීගයේ තරග 34ක් පැවැත්වීමට නියමිත අතර, සියලුම තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<