2024 ලෝක කුසලානයට තරු සොයන්න අලුත්ම තරගාවලියක්

17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

701

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන “වයස අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යොවුන් ලීග් ක්‍රිකට් තරගාවලිය” අගෝස්තු 22 වැනිදා රංගිරි දඹුලු සහ කුරුණෑගල වෙලගෙදර යන ක්‍රීඩාංගණවල දී ආරම්භ වීමට නියමිතයි.

2024 වසරේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් යොවුන් කණ්ඩායම දැන් දැන් සිටම ගොඩ නඟා ගැනීමේ මේ තරගාවලිය පැවැත්වීමේ මූලික අරමුණයි.

කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, ගාල්ල සහ මහනුවර යන කණ්ඩායම් 5කගේ සහභාගීත්වයෙන් පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලිය මේ මස 29 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයෙන් නිමාවට පත් වෙනවා.

තරගාවලිය නියෝජනය කරනු ලබන සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත් වන අතර සෑම කණ්ඩායමක්ම මූලික වටය යටතේ තරග 4කට සහභාගී වනු ඇත. ලීග් ක්‍රමයට පළමු වටය පැවැත්වෙන අතර එහි දී පෙරමුණ ගනු ලබන කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා.

මේ දිනවල පැවැත්වෙන වයස අවුරුදු 17න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ ඒ ඒ ක්‍රීඩකයින් දක්වන දස්කම් අනුව ඉදිරි දින කිහිපය තුල මේ තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩක සංචිත නම් කරනු ඇත.

තරගාවලියේ තරග කාලසටහන මෙසේයි,

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<