ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙක් Dubai Capitalsට

ජාත්‍යන්තර ලීග් ක්‍රිකට් තරගාවලිය 2023

621

ලබන වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ලීග් ක්‍රිකට් තරගාවලියේ Dubai Capitals කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ගිවිසුම් ගත ඇති බව එම කණ්ඩායම විසින් ප්‍රකාශයට පත් කර තිබුණා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Delhi Capitals කණ්ඩායමේ හිමිකරුවන් විසින් අයිතිය දරන මෙම කණ්ඩායමට එකතු කර ගත් විදෙස් ක්‍රීඩකයින් එහි හිමිකරුවන් විසින් අද (18) ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව එම කණ්ඩායමට ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක, වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර, වමත් පිතිකරු භානුක රාජපක්ෂ, කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගත් තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ඇතුළත්.

මෙම ක්‍රීඩකයින් අතරින් දුෂ්මන්ත චමීර සහ භානුක රාජපක්ෂ 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කළ අතර ඉසුරු උදාන 2020 වසරේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වුනා.

මෙම ක්‍රීඩකයින්ට අමතරව මෙම සංචිතය සඳහා ලීග් සහ ජාත්‍යන්තර පිටියේ අවධානය දිනා ගත් ක්‍රීඩකයින් වන Rovman Powell, Fabian Allen, Sikandar Raza, Hazratullah Zazai සහ Mujeeb Ur Rahma යන ක්‍රීඩකයින් ද ඇතුළත්ව තිබෙනවා.

මෙම තරගාවලිය ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර තරගාවලිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් වසර දෙකකට අවසර ලබා දී තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<