Major පිටියට වර්ෂාව හදි කළ දවසක්

SLC Major League Cricket Tournament 2022

569

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ අද (05) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට තිබූ තරග සියල්ලට ම වර්ෂාවෙන් බාධා එල්ල වුනා.

ඒ හේතුවෙන් පැවැත්වීමට නියමිත ව තිබූ සියලුම තරග අද දවසේ එකඳු පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණා.

A කාණ්ඩයෙන් කොළඹ 7, CCC ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිත වූ තිබූ CCC සහ ලංකන් අතර තරගය පස්වරු 3.10ට පමණ එදිනට අතහැර දැමුණ අතර කොළඹ 7, SSC පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ SSC සහ පොලිස් අතර තරගය ද පස්වරු 3.00ට පමණ අතහැර දැමුණා.

B කාණ්ඩයෙන් කොළඹ 7, NCC ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිත ව තිබූ NCC සහ බදුරලිය අතර පස්වරු 3.30ට නතර කරද්දී, මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ සැරසන්ස් සහ පානදුර අතර තරගය අද පෙරවරුවේ ම නතර කෙරුණා.

පෙර දිනයේ තරග නතර කරන විට පැවති ලකුණු පුවරු

Group A

CCC සහ ලංකන් අතර තරගය CCC ක්‍රීඩා පිටියේ දී

  • ලංකන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 67 (33.3) මලින්ද පුෂ්පකුමාර 8/27
  • CCC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 154 (35.5) මිනෝද් භානුක 38, කමිඳු මෙන්ඩිස් නොදැවී 63, ලසිත්අබේරත්න 21, යසිරු රොද්‍රිගෝ 2/16, රජීව වීරසිංහ 3/65

SSC සහ පොලිස් අතර තරගය SSC පිටියේ දී

  • SSC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 319 (70) නිපුන් ධනංජය 117, නුවනිඳු ප්‍රනාන්දු 114, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 51, ලහිරු දියන්ත 3/68, නදීර බාලසූරිය 2/35

Group B

NCC සහ බදුරලිය අතර තරගය NCC ක්‍රීඩා පිටියේ දී

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 152 (54.2) ජොහාන් ද සිල්වා 29, ලහිරු උදාර 44, සහන් ආරච්චිගේ 34, Parvez Rasool 3/38, චලන ද සිල්වා 5/49
  • බදුරලිය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 70 (15) මලිඳු මධුරංග නොදැවී 36

සැරසන්ස් සහ පානදුර අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී

  • සැරසන්ස් – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 70 (27) සසිත පල්ලියගුරු නොදැවී 29, නවිඳු විතානගේ නොදැවී 35

මෙම තරගය හෙට (06) තෙවැනි සහ අවසන් දිනයට ක්‍රියාත්මකයි. තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<