වර්ෂාවෙන් පසුව දඟපන්දු යවන්නෝ අවදි වෙයි

SLC Major League Cricket Tournament 2022

575

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ අද (06) නිමා වූ තරගවල දී දඟපන්දු යවන්නෝ සුවිශේෂී දක්ෂතා දැක්වීම කැපී පෙනුණා.

පෙර දිනයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කිසිදු තරගයක් එදින නොපැවති අතර අද තෙවැනි දිනයට මෙම තරග පැවැත්වෙද්දී ප්‍රභාත් ජයසූරිය, ලසිත් ඇඹුල්දෙණිය, චලන ද සිල්වා සහ මලින්ද පුෂ්පකුමාර මෙසේ දක්ෂතා දැක්වූවා.

SSC කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 40කට කඩුලු 7ක් සහ දෙවැනි ඉනිමේ දී ලකුණු 36කට කඩුලු 4ක් ද ලෙසින් තරගයේ දී ලකුණු 76කට කඩුලු 11ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

NCC කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය බදුරලිය කණ්ඩායමට එරෙහිව ලකුණු 76කට කඩුලු 7ක් දවා ගනිද්දී බදුරලිය කණ්ඩායමේ චලන ද සිල්වා NCC කණ්ඩායමට එරෙහිව තෙවැනි දිනයේ දී ද ලකුණු 73කට කඩුලු 4 දවා ගනිමින් තරගයේ දී ලකුණු 132කට කඩුලු 9ක් දවා ගත්තා. එය චලන ගේ පළමු පෙළ තරග දිවියේ ඉහළ ම පන්දු යැවීමේ දක්ෂතාවයි.

මේ අතර CCC සහ ලංකන් අතර තරගයේ දී පළමු ඉනිමේ දී ලකුණු 27කට කඩුලු 8ක් දවා ගත් මලින්ද පුෂ්පකුමාර දෙවැනි ඉනිමේ දී ද ලකුණු 59කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

මේ අතර දිනයේ වාර්තා කළ එක ම අර්ධ ශතකය ලංකන් ක්‍රිකට් කණ්ඩායමේ දේශාන් ඩයස් විසින් රැස් කළා.

Group A

CCC සහ ලංකන් අතර තරගය CCC ක්‍රීඩා පිටියේ දී

  • ලංකන් – පළමු ඉනිම සියලුම දෙනා දැවී 67 (33.3) මලින්ද පුෂ්පකුමාර 8/27
  • CCC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 196 (40.4) මිනෝද් භානුක 38, කමිඳු මෙන්ඩිස් 72, ලසිත්අබේරත්න 21, චමිඳු විජේසිංහ නොදැවී 24, යසිරු රොද්‍රිගෝ 3/33, රජීව වීරසිංහ 3/89
  • ලංකන් – කඩුලු 9ක් දැවී 131 (62) දේශාන් ඩයස් 50, කසුන් අබේරත්න 21, මලින්ද පුෂ්පකුමාර 4/59, විශ්ව ප්‍රනාන්දු 3/30

තරගයේ විසඳුමක් නෑ

SSC සහ පොලිස් අතර තරගය SSC පිටියේ දී

  • SSC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 319 (70) නිපුන් ධනංජය 117, නුවනිඳු ප්‍රනාන්දු 114, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 51, ලහිරු දියන්ත 3/68, නදීර බාලසූරිය 2/35
  • පොලිසිය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 140 (46.5) Uday Kaul 36, ප්‍රභාත් ජයසූරිය 7/40, කවිඳු නදීශාන් 2/36
  • පොලිසිය – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 66 (21) ප්‍රභාත් ජයසූරිය 4/36

Group B

NCC සහ බදුරලිය අතර තරගය NCC ක්‍රීඩා පිටියේ දී

  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 152 (54.2) ජොහාන් ද සිල්වා 29, ලහිරු උදාර 44, සහන් ආරච්චිගේ 34, Parvez Rasool 3/38, චලන ද සිල්වා 5/49
  • බදුරලිය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 153 (49) මලිඳු මධුරංග 37, අනුක් ප්‍රනාන්දු 23, රනේෂ් සිල්වා නොදැවී 22, ලසිත් ඇඹුල්දෙණිය 7/76
  • NCC – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 151 (41) ජොහාන් ද සිල්වා 34, කවින් බණ්ඩාර 42, Parvez Rasool 5/39, චලන ද සිල්වා 4/73

තරගයේ විසඳුමක් නෑ

සැරසන්ස් සහ පානදුර අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී

  • සැරසන්ස් – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 70 (27) සසිත පල්ලියගුරු නොදැවී 29, නවිඳු විතානගේ නොදැවී 35

තරගයේ විසඳුමක් නෑ

තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<