ජාතික සත් සාමාජික ක්‍රීඩකයින්ට කොන්ත්‍රාත්තු

617

ශ්‍රී ලංකා රග්බි ආයතනය (SLR) මේ වන විට ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමට ජාතික කොන්ත්‍රාත්තු ලබා දීමේ ක්‍රියා පටිපාටියේ අවසන් අදියරේ පසුවෙයි.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන අදියර ලබන සතියේ

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන හා අවසන් අදියර මේ මස 14 සහ 15 යන දෙදින කොළඹ…

ශ්‍රී ලංකාව මේ වන විට සත් සාමාජික රග්බි අංශය දියුණු කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන නිසා එම ක්‍රීඩකයින්ට ජාතික කොන්ත්‍රාත්තු ලබා දීම හරහා ඔවුන්ව පද්ධතිය තුළ රඳවා ගැනීමට එය බෙහෙවින් වැදගත් වනු ඇත.

ආසියානු සත් සාමාජික තරගාවලියට අමතරව ශ්‍රී ලංකාව ‘බොරේනෝ සෙවන්ස්’ තරගාවලියට ද සහභාගී වන අතර 2018 වසරේ දී ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ද රග්බි තරග වලට සහභාගී වනු ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව අප්‍රේල් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාල සීමාව තුළ වසරකට අන්තර්ජාතික සත් සාමාජික තරගාවලි 5කට අධික සංඛ්‍යාවක් ක්‍රීඩා කරන අතර ඒ අනුව පහළොස් සාමාජික තරග වාරය අතරතුර ක්‍රීඩකයින් මාස 6කට අධික කාලයක් සුදුසුකම් ලබාගැනීමට යෝග්‍ය වීම සඳහා පුහුණුවීම් කටයුතු වල නිරත වෙයි.

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ප්‍රියන්ත ඒකනායක මහතා ThePapare.com සමඟින් අදහස් දක්වමින් පවසා සිටියේ සත් සාමාජික කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා ජාතික කොන්ත්‍රාත්තු ලබා දීම සඳහා ඔවුන් මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශය හා එක්ව කටයුතු කරමින් සිටින බවයි.

“අපි මේ ගැන ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ කතාබහ කළා. ඒක ලොකු මුදලක් වෙන එකක් නැහැ. නමුත් ඒක ආරම්භයක් වෙයි.”

එම කටයුත්ත පිළිබඳව අදහස් දක්වමින් ඒකනායක මහතා පැවසීය.

“අපේ සැලැස්ම මුලින් මේක ආරම්භ කරන ඒක. පසුව ඒක දියුණු කරන එක කරන්න පුළුවන්.”

ඔහු තවදුරටත් පවසා සිටියේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා රග්බි ආයතනය ක්‍රියාවට නැංවීමට අපේක්‍ෂා කරන මෙම නව පද්ධතිය යටතේ පිරිමි කණ්ඩායමේ ක්‍රීඩකයින් පමණක් නොව ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ද පූර්ණ කාලීන කොන්ත්‍රාත්තු ලබාගැනීමට සුදුසුකම් ලබනු ඇත.

වයස අවුරුදු 20න් පහළ තරග වලින් අනතුරුව දක්‍ෂතා දක්වන ක්‍රීඩකයින් සඳහා ජාතික සත් සාමාජික කණ්ඩායමේ සංවර්ධන සංචිතයක් මේ වන විටත් ශ්‍රී ලංකාව සතුව ඇත. ඒ අනුව මෙම ක්‍රීඩකයින් ජාතික සංචිතයට ඇතුළත් කරන අතරතුර දී ඔවුන්ට කොන්ත්‍රාත්තු ලබා දීම හරහා ඔවුන් මෙම පද්ධතිය තුළ රඳවා ගැනීමට හැකි වනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වසර පුරාවට පුහුණුවීම් කටයුතු වල නිරත වන අතර ඉදිරි වසරවල දී රග්බි ක්‍රීඩාවේ කාන්තා අංශය ද ශ්‍රී ලංකාව තුළ දියුණු කිරීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය සැලසුම් කර ඇත.

මේ වන විට ලෝක තලය තුළ ද ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි අංශය ඉහළට නැංවීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය උත්සාහ දරමින් සිටින අතර ඔවුන් ලබාගෙන ඇති මම තීරණය ඒ සඳහා ද පිටුබලයක් සපයනු ඇත.

එමෙන්ම පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලිය සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතයට වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයින් 6 දෙනෙක් ඇතුළත් කර තිබූ අතර ඒ අනුව ඒ ආකාරයට සම්පූර්ණ සංචිතයෙන් අඩක් වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයින්ගෙන් සමන්විත වීම තුළින් පැහැදිලි වන්නේ පාසල් පද්ධතිය තුළින් බිහිවන ක්‍රීඩකයින්ට ජාතික තලය තුළ ඉහළ දස්කම් දැක්වීමේ ඉහළ හැකියාවක් තිබෙන බවයි.   

කෙසේ නමුත් කොන්ත්‍රාත්තු ලබාදීමට නියමිත ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව තවමත් තීරණය කර අවසන් නොමැත.   

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<