දවසේ හොඳම පන්දු යැවීම ඩිල්රුවන්ගෙන්

Major Club Limited Over Tournament 2022

381

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (16) Group A කාණ්ඩයේ තරග දෙකක් පැවති අතර එහි දී Tamil Union කණ්ඩායමේ ඩිල්රුවන් පෙරේරා ලකුණු 08කට කඩුලු 5ක් දවා ගනිමින් දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව Colts කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන මුදිත ලක්ෂාන් තම පළමු පෙළ එක්දින තරග 25කට සහභාගී වෙමින් එහි දී වාර්තා කරන ලද හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට ද සමත් වුනා. ඒ ලකුණු 23කට කඩුලු 5ක් දවා ගනිමින්.

මේ අතර Bloomfield කණ්ඩායමේ මාධව වර්ණපුර ද කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂ පන්දු යැවීමක් වාර්තා කළා.

Tamil Union කණ්ඩායමේ රවීන් ද සිල්වා සහ Colts ක්‍රීඩක ශෙරෝන් ෆොන්සේකා තම පළමු පෙළ මංගල අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වීම ද අද දවසේ දී කැපී පෙනෙන සිදුවීම් බවට පත් වුනා.

ඔවුන් දෙදෙනා ම තමන් මුහුණ දුන් තෙවැනි තරගයේ දී මෙසේ අර්ධ ශතක වාර්තා කළ අතර ඊට අමතර ව Tamil Union කණ්ඩායමේ ඉසුරු උදාන ද අද දවසේ දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

මේ අතර අද පැවති Tamil Union සහ Baduraliya SC අතර තරගයේ දී Tamil Union කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමඟ ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානය පත් වීමට සමත් වුනා. එතෙක් එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය සතු කරගෙන සිටියේ Moors කණ්ඩායමයි.

Colts CC සහ Bloomfield C & AC අතර තරගය Colts ක්‍රීඩා පිටියේ දී

  • Colts – කඩුලු 8ක් දැවී 235 (50) සංගීත් කුරේ 47, රවිඳු රසාන්ත 32, ධනංජය ලක්ෂාන් 45, ශෙරෝන් ෆොන්සේකා නොදැවී 53, මුදිත ලක්ෂාන් 27, මාධව වර්ණපුර 4/45
  • Bloomfield – සියලුම දෙනා දැවී 113 (31) Yashpal Singh 33, රොහාන් සංජය 2/30, අකිල ධනංජය 2/31, මුදිත ලක්ෂාන් 5/23

Colts කණ්ඩායමට ලකුණු 122ක ජයග්‍රහණයක්

Tamil Union C & AC සහ Baduraliya SC අතර තරගය කොළඹ P. Sara Oval ක්‍රීඩා පිටියේ දී

  • Tamil Union – කඩුලු 9ක් දැවී 280 (50) ඩිල්රුවන් පෙරේරා 20, ඉසුරු උදාන 51, සිතාර හපුහින්න 23, රවිඳු ප්‍රනාන්දු 27, රවීන් ද සිල්වා 50, ශිරාන් ප්‍රනාන්දු නොදැවී 35, චතුරංග සිල්වා 3/56, රුචිර කෝෂිත 3/46, තමිඳු වික්‍රමාරච්චි 2/51
  • Baduraliya – සියලුම දෙනා දැවී 82 (28.5) විහාන් ගුණසේකර 35, දිලුම් සුධීර 2/19, ඩිල්රුවන් පෙරේරා 5/08, නවෝද් පරණවිතාන 2/08

Tamil Union කණ්ඩායමට ලකුණු 198ක ජයක්

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<