Home Sinhala Asif Ali ඇෆ්ගනිස්තානය විනාශ කර දමයි

Asif Ali ඇෆ්ගනිස්තානය විනාශ කර දමයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

206

7 වැනි විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර අද (29) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් වුනා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 147ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පාකිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 148ක් ලබා ගත්තේ තරගය අවසන් වීමට තවත් පන්දු 6ක් ඉතිරිව තිබිය දී. එහි දී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කිරීමට Asif Ali සමත් වුනා.

  • ඇෆ්ගනිස්තාන කණ්ඩායම; Hazratullah Zazai, Mohammad Shahzad (කඩුලු රකින්නා) Rahmanullah Gurbaz, Asghar Afghan, Karim Janat, Najibullah Zadran, Mohammad Nabi (නායක) Gulbadin Naib, Rashid Khan, Naveen-ul-Haq, Mujeeb Ur Rahman
  • පාකිස්තාන කණ්ඩායම; Mohammad Rizwan (කඩුලු රකින්නා) Babar Azam (නායක) Fakhar Zaman, Mohammad Hafeez, Shoaib Malik, Asif Ali, Shadab Khan, Imad Wasim, Hasan Ali, Haris Rauf, Shaheen Shah Afridi

කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා. නමුත් එය එතරම් ම හිතකර තීරණයක් වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු 4 පළමුව යැවෙන Power Play පන්දුවාර 6 දී දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වුනා. එසේ වූවත් ඇෆ්ගනිස්තානුවෝ ඒ වෙද්දී ලකුණු 49ක් රැස් කරගෙන සිටියා.

වැටී තිබූ කඩුලු අතර එතරම් ම හොඳ ලකුණු සබඳතා නොවෙද්දී, 5 වැනි කඩුල්ලට එක් වූ Karim Janat (15) සහ Najibullah Zadran එක්ව ලකුණු 25ක් ඉනිමට එක් කිරීමට සමත් වුනා.

අනතුරුව Najibullah Zadran ද පන්දු 21කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා සිටිය දී 6 වැනි කඩුල්ල ලෙසින් දැවී ගියා. එතැන් සිට ඇෆ්ගනිස්තාන ඉනිම අවසන් වන තුරු පිතිකරණයේ නියැලීමට නායක Mohammad Nabi සහ Gulbadin Naib සමත් වුනා.

ඔවුන් දෙදෙනා එක් ව 7වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 71ක සබඳතාවක් එක් කළා. Mohammad Nabi පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 35ක් සහ Gulbadin Naib පන්දු 25ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබා ගනිමින් ඇෆ්ගනිස්තාන ඉනිමේ කැපී පෙණෙන පිතිකරුවන් බවට පත් වුනා.

කඩුලු දවා ගැනීමේ දී Imad Wasim ලකුණු 25කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සුපුරුදු ලෙස ම Mohammad Rizwan සහ නායක Babar Azam විසින් ආරම්භ කළා. නමුත් ඔවුන් දෙදෙනාගේ සබඳතාව වැඩි වේලාවක් අල්ලා හිටියේ නැහැ. Mohammad Rizwan ලකුණු 8ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් කිරීමට Mujeeb Ur Rahman සහ Naveen-ul-Haq සමත් වුනා.

අනතුරුව පිටියට එක් වුනේ Fakhar Zaman. ඔහු සහ Babar Azam එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 63ක් එක් කරමින් ඇෆ්ගනිස්තාන ගමනේ වේගය බාල කළා. Fakhar Zaman පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව යැවුණ 18 වැනි පන්දුවේ දී නවක ක්‍රීඩක Mohammad Hafeez (10) ද ක්‍රීඩාගාරයට යවමින් නැවත වතාවක් තරගයට අවතීර්ණ වීමට ඇෆ්ගනිස්තානුවෝ සමත් වුනා.

තරගයේ අවසන් පන්දුවාර 5 තීරණය වෙද්දී පාකිස්තානුවන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 47ක් අවශ්‍ය වුනා. ඒ වෙද්දී ඔවුන්ගේ විශ්වසනීය පිතිකරු බවට පත්ව සිටියේ නායක Babar Azam. ඔහු අද තමන්ගේ විස්සයි විස්ස පිටියේ පෞද්ගලික 22 වැනි අර්ධ ශතකය වාර්තා කළා. ඉනිමට තවත් එක් ලකුණක් පමණක් එක් වෙද්දී ඔහු ඉනිම හැර ගියා. ඒ වෙද්දී ඔහු පන්දු 47කට මුහුණ දෙමින් තම ඉනිමට හතරේ පහර 4ක් එක්කරගෙන තිබුණා.

Shoaib Malik ද පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා සිටිය දී දැවී යෑම පාකිස්තානයේ ජයග්‍රාහී ගමන මදකට පමා කළා. නමුත් Asif Ali සහ Shadab Khan පන්දු 7කින් ලකුණු 24ක් ලබා ගනිමින් පාකිස්තානයේ ජයග්‍රහණය සහතික කළා.

ඒ වෙද්දී Asif Ali පන්දු 7කට මුහුණ දෙමින් හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ලබා සිටියා. ඔහු තමන් එල්ල කළ හයේ පහර 4ම ඉනිමේ 18 වැනි පන්දුවාරයේ දී වාර්තා කිරීම කැපී පෙනුණා. පන්දු යවන්නා වූයේ Karim Janat. ඔහුගේ මෙම සටන්කාමී ඉනිම තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට ද හේතු වුනා.

තරගය අවසන් වෙද්දී අනෙක් අන්තයේ සිටි Shadab Khan පන්දුවකට පමණක් මුහුණ දෙමින් කිසිදු ලකුණක් ලබා නොගනිමින් නොදැවී පිටියේ රැඳී සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Rashid Khan ලකුණු 26කට කඩුලු 2ක් දවා ගත්තා.

  • ඇෆ්ගනිස්තානය; කඩුලු 6ක් දැවී 147 (20) Najibullah Zadran 22, Mohammad Nabi නොදැවී 35, Gulbadin Naib නොදැවි 35, Imad Wasim 2/25
  • පාකිස්තානය; කඩුලු 5ක් දැවී 148 (19) Babar Azam 51, Fakhar Zaman 30, Asif Ali නොදැවී 25, Rashid Khan 2/26

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


Afghanistan
147/6 (20)

Pakistan
148/5 (19)

Batsmen R B 4s 6s SR
Hazratullah Zazai c Haris Rauf b Imad Wasim 0 5 0 0 0.00
Mohammad Shahzad c Babar Azam b Shaheen Shah Afridi 8 9 1 0 88.89
Rahmanullah Gurbaz c Babar Azam b Hasan Ali 10 7 0 1 142.86
Asghar Afghan c & b Haris Rauf 10 7 1 1 142.86
Karim Janat c Fakhar Zaman b Imad Wasim 15 17 1 1 88.24
Najibullah Zadran c Mohammad Rizwan b Shadab Khan 22 21 3 0 104.76
Mohammad Nabi not out 35 32 5 0 109.38
Gulbadin Naib not out 35 25 4 1 140.00


Extras 12 (b 0 , lb 3 , nb 3, w 6, pen 0)
Total 147/6 (20 Overs, RR: 7.35)
Fall of Wickets 1-7 (1.3) Hazratullah Zazai, 2-13 (2.4) Mohammad Shahzad, 3-33 (4.3) Asghar Afghan, 4-39 (5.1) Rahmanullah Gurbaz, 5-64 (9.1) Karim Janat, 6-76 (12.5) Najibullah Zadran,

Bowling O M R W Econ
Shaheen Shah Afridi 4 0 22 1 5.50
Imad Wasim 4 0 25 2 6.25
Haris Rauf 4 0 37 1 9.25
Hasan Ali 4 1 38 1 9.50
Shadab Khan 4 0 22 1 5.50


Batsmen R B 4s 6s SR
Mohammad Rizwan c Naveen ul Haq b Mujeeb ur Rahman 8 10 1 0 80.00
Babar Azam b Rashid Khan 51 47 4 0 108.51
Fakhar Zaman lbw b Mohammad Nabi 30 25 2 1 120.00
Mohammad Hafeez c Gulbadin Naib b Rashid Khan 10 10 1 0 100.00
Shoaib Malik c Mohammad Shahzad b Naveen ul Haq 19 15 1 1 126.67
Asif Ali not out 25 7 0 0 357.14
Shadab Khan not out 0 1 0 0 0.00


Extras 5 (b 0 , lb 2 , nb 1, w 2, pen 0)
Total 148/5 (19 Overs, RR: 7.79)
Fall of Wickets 1-12 (2.3) Mohammad Rizwan, 2-75 (11.1) Fakhar Zaman, 3-97 (14.1) Mohammad Hafeez, 4-122 (16.6) Babar Azam, 5-124 (17.5) Shoaib Malik,

Bowling O M R W Econ
Mujeeb ur Rahman 4 0 14 1 3.50
Mohammad Nabi 4 0 36 1 9.00
Naveen ul Haq 3 0 22 1 7.33
Karim Janat 4 0 48 0 12.00
Rashid Khan 4 0 26 2 6.50