SAG – බීච් වොලිබෝල් කණ්ඩායම් නේපාලයට ඉඟිලේ

138

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිරිමි සහ කාන්තා බීච් වොලිබෝල් කණ්ඩායම් අද (02) උදෑසන නේපාලය බලා පිටත් විය. මෙම ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරග දෙසැම්බර් මස 05 වැනිදා සිට දෙසැම්බර් 08 වැනිදා දක්වා නේපාලයේ, පොකාරා නගරයේ දී පැවැත්වීමට නියමිතයි.

SAG2019 – ශ්‍රී ලංකාව තරගයක් දී තෙවැනි ස්ථානය සඳහා තරගයට

එම ක්‍රීඩා උළෙලේ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ කාන්තා බීච් වොලිබෝල් කණ්ඩායමේ නායකත්වය දිනේෂා ප්‍රසාදනිට හිමිව ඇති අතර ජ්‍යෙෂ්ඨ පිරිමි බීච් වොලිබෝල් කණ්ඩායමේ නායකයා ලෙස අසංක ප්‍රදීප් කුමාර කටයුතු කරයි.

මෙම සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ලෙස මහේෂ් පෙරේරා මහතා කටයුතු කරන අතර පුබුදු ඒකනායක මහතා සහාය පුහුණුකරු ලෙස කටයුතු කරයි. කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කරන්නේ වශයෙන් ඩී. එස්. ඒ. අරුණ ශාන්ත මහතායි. 

  • පිරිමි කණ්ඩායම: අසංක ප්‍රදීප් කුමාර (නායක), ටිරෝන් ඉන්දික, අශේන් රෂ්මික, ජයාන් සනුජ.
  • කාන්තා කණ්ඩායම: දිනේෂා ප්‍රසාදනී (නායිකාව), කසුනි තාරුකා, දීපිකා බණ්ඩාර, චතුරිකා වීරසිංහ 
  • නිලධාරීන්: පුබුදු ඒකනායක – මහේෂ් පෙරේරා – ප්‍රධාන පුහුණුකරු, සහාය පුහුණුකරු, ඩී. එස්. ඒ. අරුණ ශාන්ත – කණ්ඩායම් කළමනාකරු, 

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<