දුනිත්ගෙන් විශිෂ්ට ද්විත්ව ශතකයක්

23න් පහළ නැගී එන ක්‍රිකට් තරගාවලිය 2023

2129

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අවුරුදු 23න් පහළ නැගී එන දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (11) අවසන් වුනා.

තරග සියල්ලම ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර CCC, Panadura, Nugegoda, Chilaw Marians, Moors, Sebastianites සහ Ragama කණ්ඩායම් පළමු ඉනිම් ජයග්‍රහණය කළා.

දිනයේ වැඩිම අවධානය දිනා ගත් පිතිකරුවා වෙමින් Baduraliya ක්‍රීඩක දුනිත් ජයතුංග අගනා ද්විත්ව ශතකයක් රැස් කළ අතර දිනය අවසානයේ ඔහු නොදැවී ලකුණු 273ක් ලබා සිටියා.

පන්දුවෙන් නැවතත් ප්‍රතිවාදීන් අසරණ කළ ඩිලෝන් පීරිස් ලකුණු 26කට ලබා ගත් කඩුලු 6 නිසා පොලිස් ක්‍රීඩකයින් පරදවා පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට රාගම ක්‍රීඩකයින් සමත් වුනා.

තරගාවලියේ නැවත වතාවක් පන්දුවෙන් දස්කම් පෙන්වමින් තිසන් විතූසන් ලබා ගත් කඩුලු හය නිසා කෝල්ට්ස් පළමු ඉනිම ලකුණු 207කට සීමා කරමින් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට Moors ක්‍රීඩකයින් සමත් වුනා.

නිපුන් ප්‍රේමරත්න ලකුණු 51ක් තුළ දවා ගත් කඩුලු 5 සමඟ Bloomfield පළමු ඉනිමේ පරාජය කිරීමට Chilaw Marians ක්‍රීඩකයින්ට හැකි වුනා. Chilaw Marians වෙනුවෙන් දෙවැනි ඉනිමේ දී කේසර නුවන්ත (69), චමෝද් සඳරු (57) සහ කවිඳු ඩිල්හාර (51*) අර්ධ ශතක රැස් කළා.

කුරුණෑගල ක්‍රීඩකයින්ගේ පළමු ඉනිම ලකුණු 166කට සීමා කරමින් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට පානදුර ක්‍රීඩකයින්ට හැකි වූ අතර පානදුර වෙනුවෙන් කවීෂ සත්සර කඩුලු පහක් දවා ගත්තා.

පවන් පතිරාජ (80) සහ කවිඳු අමමෙත් (54) වාර්තා කළ අර්ධ ශතක නිසා Kandy Customs පළමු ඉනිමේ පරාජය කිරීමට කොළඹ ක්‍රිකට් සමාජ කණ්ඩායමට හැකි වුනා.

Ragama CC සහ Police SC

  • Ragama පළමු ඉනිම– 201 (55.5): ඩිලෝන් පීරිස් 54, යොහාන් ලියනගේ 42, රන්මිත් ජයසේන 30, දනල් හේමන්ද 4/58.
  • Police පළමු ඉනිම– 156 (47.2): බිහඟ මෙන්ඩිස් 77, මදුෂාන් දිලක්ෂණ 25, ඩිලෝන් පීරිස් 6/26.
  • Ragama දෙවැනි ඉනිම– 138/7(37): යොහාන් ලියනගේ 55, ලහිරු දෙවටගේ 29, දනල් හේමන්ද 2/17.

තරගය ජය පරාජයෙන් තොරයි.

Kandy Customs SC සහ CCC

  • Kandy Customs පළමු ඉනිම– 113 (40.4): හරිඳු ජයසේකර 36, හිරන්ත ජයසිංහ 29, විනුෂ්ක සිල්වා 5/21.
  • CCC පළමු ඉනිම– 266 (84): පවන් පතිරාජ 80, කවිඳු අමමෙත් 54, ඔන්රේ පෙරේරා 33, කුෂාන් මධූශ 5/77.
  • Kandy Customs දෙවැනි ඉනිම– 128/5 (43): හරිඳු ජයසේකර 42, දිනුර ප්‍රනාන්දු 24, සඳුන් මෙන්ඩිස් 2/52.

තරගය ජය පරාජයෙන් තොරයි.

Baduraliya CC සහ Negombo CC

  • Baduraliya පළමු ඉනිම– 518/9 (55.5): දුනිත් ජයතුංග 273*, රනේෂ් සිල්වා 72, හසිත අමරසිංහ 41, සසංක නිර්මාල් 3/122.

තරගය ජය පරාජයෙන් තොරයි.

Chilaw Marians CC සහ Bloomfield C & AC

  • Chilaw Marians පළමු ඉනිම– 218 (57): සුදීර වීරරත්න 100, බිනර සංකෙත් 34, චාරුක තරිඳු 24, අරවිනාත් රාජේන්ද්‍රන් 4/77.
  • Bloomfield C & AC පළමු ඉනිම– 105 (33.5): අසිත වන්නිනායක 28, නිපුන් ප්‍රේමරත්න 5/51.
  • Chilaw Marians දෙවැනි ඉනිම – 249 (59.2): කේසර නුවන්ත 69, චමෝද් සඳරු 57, මලිඳු පෙරේරා 5/86.

තරගය ජය පරාජයෙන් තොරයි.

NCC සහ Galle CC

  • NCC පළමු ඉනිම – 2/0 (1.4)

තරගය ප්‍රතිඵලයකින් තොරයි.

Moors SC සහ Colombo Colts CC

  • Moors පළමු ඉනිම– 220 (65): දිනුක දිල්ෂාන් 56, රිසිර වීරසූරිය 53, දේශාන් ගමගේ 24, තිළිණ පෙරේරා 4/86, යසිරු රොද්‍රිගෝ 4/28.
  • Colombo Colts පළමු ඉනිම– 207 (2): අවිශ්ක පෙරේරා 56, මුදිත ලක්ෂාන් 50, තිසන් විතූසන් 6/53.
  • Moors දෙවැනි ඉනිම– 148/8 (35.1): යෂිත සමරරත්න 52, යසිරු රොද්‍රිගෝ 4/34.

තරගය ජය පරාජයෙන් තොරයි.

Panadura SC සහ Kurunegala YCC

  • Panadura පළමු ඉනිම– 208 (70.4): යෂාන් අවිශ්ක 88, සුකිත මනෝජ් 47, නවීන් ජාගොඩ 3/56.
  • Kurunegala පළමු ඉනිම– 166 (54.3): රිශී අදිෂ්ටන් 48*, කෝසල රවිඳු 27, කවීෂ සත්සර 5/49.
  • Panadura දෙවැනි ඉනිම– 137 (36.4): චිහාන් කලිඳු 50, සුකිත මනෝජ් 30, නිමන්ද කිරින්ඳ 5/44.
  • Kurunegala දෙවැනි ඉනිම– 58/2 (7): කෝසල රවිඳු 23.

තරගය ජය පරාජයෙන් තොරයි.

Army CC සහ Sebastianites C & AC

  • Army පළමු ඉනිම– 181 (53.3): ශෙහාන් ප්‍රනාන්දු 88, විදත් බටපොල 45, ශෙහාන් සිල්වා 4/25.
  • Sebastianites පළමු ඉනිම– 218 (72.5): මෙදුනක විජේතිලක 46, මිරංග වික්‍රමගේ 42, විසල් සිල්වා 32, සමිඳු නෝනිස් 6/88.
  • Army දෙවැනි ඉනිම– 110/6 (37.1): කවීන් බණ්ඩාර 46, ශෙහාන් ප්‍රනාන්දු 22, මිරංග වික්‍රමගේ 3/61.

තරගය ජය පරාජයෙන් තොරයි.

Ace Capital CC සහ Nugegoda S & WC

  • Ace Capital පළමු ඉනිම– 129 (30.2): සකුන ලියනගේ 56*, ඩිල්ෂාන් හෙට්ටිආරච්චි 5/40.
  • Nugegoda පළමු ඉනිම– 207 (2): අමිත දාබරේ 86, කවිෂ්ක බොතේජු 34, සිතුම් දිසානායක 3/37.
  • Ace Capital දෙවැනි ඉනිම– 183 (35.2): සකුන ලියනගේ 36, පුබුදු බණ්ඩාර 33, සුවත් මෙන්ඩිස් 3/36.
  • Nugegoda දෙවැනි ඉනිම– 61/1 (7): ශනුක ගලගොඩ 32, අමිත දාබර 30*.

තරගය ජය පරාජයෙන් තොරයි.

Tamil Union C & AC සහ Air Force SC

  • Tamil Union පළමු ඉනිම– 116 (33.3): කවිඳු ඒකනායක 34, පුන්සර සඳරුවන් 3/23.
  • Air Force පළමු ඉනිම– 209 (79): සාහිල් ඩයස් 103, සනේෂ් ප්‍රනාන්දු 26, අවිශ්ක ලක්ෂාන් 4/45.
  • Tamil Union දෙවැනි ඉනිම– 84/3 (21): සිතාර හපුහින්න 44, නදීර ඉෂාන් 2/08.

තරගය ජය පරාජයෙන් තොරයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<