Lewandowski ගැන Barca සහ Bayern එකඟ වෙයි

263
Bavarian football works

පෝලන්ත ප්‍රහාරක Robert Lewandowski (රොබට් ලෙවැන්ඩොව්ස්කි) බයර්න් මියුනික් ක්‍රීඩා සමාජයේ සිට බාසිලෝනා ක්‍රීඩා සමාජය වෙත පවරා ගැනීම පිළිබඳ ඔවුන් නිල වශයෙන් එකඟතාවයකට පැමිණ තිබෙනවා.

පසුගිය මාසයේ දී Lewandowski බයර්න් මියුනික් හැර යාමට කැමැත්ත පළකොට තිබුනත්, ඔහුට තවත් වසරක කොන්ත්‍රාත්තුවක් ඉතිරිව තිබෙනවා. කෙසේ වෙතත් බාසිලෝනා ක්‍රීඩා සමාජය පසුගිය සතියේ දී පැවසුවේ බ්‍රිතාන්‍ය පවුම් මිලියන 34කට ආසන්න මුදලකට ඔහුව තම ක්‍රීඩා සමාජයට ඇතුළත් කරගැනීමට සාකච්ඡා පවත්වන බවයි.

හැම පාර්ශවයකටම පැහැදිලිභාවයක් තියෙන එක හොඳයි. බාසිලෝනා එක්ක අපි වාචික එකඟතාවයකට පැමිණියා”, බයර්න් මියුනික් සභාපති Herbert Hainer (හර්බට් හයිනර්) එසේ පවසනවා.

2014දී බයර්න් මියුනික් වෙත ආ Lewandowski තරග 374ක දී ගෝල 344ක් වාර්තා කළ විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔහු ජර්මානු බුන්ඩස්ලීගා කරළියේ දී ගෝල ගණනින් දෙවැනි වන්නේ ගර්ඩ් මුලර් හට පමණයි. Lewandowski එහි ක්‍රීඩා කළ සෑම තරග වාරයක දී ම (8 වරක්) බයර්න් මියුනික් කණ්ඩායම ජර්මානු ලීග් ශූරයන් වුනා.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<