චමිඳුගේ පන්දු යැවීමෙන් රුහුණු මායා එක්දින සටන වර්ණවත් වේ

756

මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර පැවැත්වූ තෙවැනි රන් සිංහයින්ගේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අද (01) මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය කඩුලු 2 ජයග්‍රහණයක් හිමිකර ගනිමිනි.

රන් සිංහ සටන ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී චමිඳුගෙන් වාර්තාවක්

මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර 7 වැනි වරටත් පැවති රන් සිංහයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (31) මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ…

තරගයේ කාසියේ වාසිය දිනාගත් ධර්මපාල විද්‍යාල නායක අවිශ්ක හසරින්ද පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව රාහුල විද්‍යාලය වෙනුවෙන් පිටියට පිවිසි බිනුර සංකේත් සහ ලකිදු චමෝද්‍ය ආරම්භක කඩුල්ලට ලකුණු 35ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත් වූහ. හතරේ පහර 2ක් සමඟින් ලකුණු 11ක් ලබා සිටි බිනුර සංකේත් දවා ගනිමින් එම සබඳතාව බිඳ දැමීමට චමිඳු සමරසිංහ තම පළමු පන්දුවාරයේ දී ම සමත් විය.

ලකුණු පුවරුවට තවත් ලකුණු 7ක් එක් වීමට මත්තෙන් තුන්වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි රාහුල කණ්ඩායමේ නායක යුරාජ් චාලක ලකුණු 5කට නැවත ක්‍රීඩාගාරයට යැවීමට චමිඳු සමරසිංහ සමත් විය.

කඩුලු 2කින් නොනවතින චමිදු සමරසිංහ එම පන්දුවාරයේ දී ම ආරම්භක පිතිකරුවෙක් ලෙස පිටියට පිවිසි ලකිදු චමෝද්‍ය ද දවා ගත්තේය.

රාහුල කණ්ඩායම පවර්ප්ලේ පන්දුවාර 10 අවසානයේ ලකුණු 43ක් ලබා ගත් අතර ඒ වන විට තමන්ගේ මුල් පිතිකරුවන් තුන්දෙනාම ප්‍රේක්ෂකයන් වී අවසානය. ඉන්පසු සසිත් මනුරංග සහ භාග්‍ය එදිරිවීර ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වුවද භාග්‍ය එදිරිවීර, චමිදුගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමට හසුවීමෙන් දැවී ගියේය.

රාහුල කණ්ඩායමේ කඩුලු එකින් එක චමිඳු සමරසිංහ දවා ගනිද්දී හයවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි නමිත් ගිම්සරව දක්ෂ ලෙස දුවද්දී දැවී යාමකට හසු කර ගැනීමට කුෂන්ක පීරිස් සමත් වන්නේ ඔහුට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉඩ නොතබාය. රාහුල කණ්ඩායමේ 5 වැනි කඩුල්ල එසේ දැවී යන්නේ ලකුණු පුවරුවේ ලකුණු 50ක් සටහන් වන විටය.

කවිඳු, නිමේෂ් ධර්මාශෝකයට ප්‍රථම දිනයේ වැඩි ගෞරවය දිනා දෙයි

අම්බලන්ගොඩ පුරවරයේ සුප්‍රසිද්ධ පාසල් ද්විත්වයක් වන ධර්මාශෝක විද්‍යාලය හා ශ්‍රී දේවානන්ද විද්‍යාලය අතර 51 වැනි වරටත් පැවැත්වෙන සුනිල සංග්‍රාම…

හය වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි තරිඳු රාජපක්ෂ ඉවසිලිවන්තව තමාගේ පිත්ත   හසුරවමින් සම්බන්ධතාවක් ගොඩනැගීමට උත්සහ කළ ද, අනෙක් අන්තයේ සසිත් මනුරංග ලකුණු 16ක් ලබා සිටිය දී චමිඳුගේ පන්දුවකට ස්ටම්ප් කිරීමකින් දැවී ගියේය.

ලකුණු 62කට රාහුල කණ්ඩායමේ මුල් කඩුලු හයම දැවී ගිය ද පසුපෙළ පිතිකරුවන් තමාගේ උපරිමය තම කණ්ඩායමට ලබා දීමක් මෙම ඉනිමේ දක්නට ලැබුණි. හත්වැනි කඩුල්ල වෙනුවෙන් සහන් බංඩාර සහ තරිදු රාජපක්ෂ දෙදෙනා එක්ව ලකුණු 24 සබඳතාවක් ගොඩනැගීමට සමත් වූ අතර එය රාහුල ඉනිමේ ලබා ගත් තුන්වැනි හොඳම සබඳතාවය විය. නමුත් එම සබඳතාව ද අවාසනාවන්ත ලෙස බිද වැටෙන්නේ හශන්ත විෂ්වජිත්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ ලකුණු 09කට සහන් බන්ඩාර දැවී යාමත් සමඟිනි.

ඉන්පසු පිටියට පිවිසෙන සජිත් රාජපක්ෂ, තරිදු රාජපක්ෂ හා එක්ව රාහුල ඉනිමේ හොඳම සබඳතාව ගොඩනැගීමට සමත් වූහ. ඒ ලකුණු 37කි. රාජපක්ෂ දෙදෙනා එම සබඳතාව සඳහා පන්දු 69ක් වැය කළ අතර පන්දු  85කට මුහුණ දුන් තරිඳු රාජපක්ෂ තරගයේ 42 වෙනි පන්දු වාරයේ දී ෂෙවෝන් සෝමසුන්දර යැවූ පන්දුවකට ස්ටම්ප් කිරීමකට ලක් වීමෙන් දැවී ගියේය.

කෙසේ නමුත් පන්දුවාර 45යි පන්දු 3ක දී සියලු දෙනා දැවී රාහුල පිතිකරුවන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 127ක් පමණි. එම ලකුණු 127ට වයිඩ් පන්දු 27ක් සමඟින් අතිරේක ලකුණු 32ක් ඇතුලත් ය.

මේ මහා සංග්‍රාම නිමා වුනේ මෙහෙමයි; කියවන්න

ලකුණු 128 පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩකයන්ට එය එතරම් පහසු ඉලක්කයක් වීමට රාහුල ක්‍රීඩකයන් ඉඩ තැබුවේ නැත. ධර්මපාල ආරම්භක පිතිකරු වූ මලිත් සඳකැළුම් 5 වැනි පන්දුවේ දී ම ලකුණු නොලබා ආපසු හරවා යෑවීමට සසිත් මනුරංග සමත් විය.

තවත් ලකුණු 2ක් පමණක් ලකුණු පුවරුවට එක්වෙද්දී දෙවන කඩුල්ල ලෙස කුෂන්ක පීරිස් ලකුණු  නොලබාම දවා ගැනිමට සමත් වන්නේ ද සසිත් මනුරංග විසිනි.

තුන්වැනි කඩුල්ලට ධර්මපාල විද්‍යාල නායකයා, ආරම්භක පිතිකරුවෙකු වූ අමිල ඩයනක සමඟ හොඳ සබඳතාවක් ගොඩ නැගීමට උත්සහය දැරූව ද එය නිෂ්ඵල වන්නේ, චමිඳු ඩිල්ෂාන්ගේ පන්දුවකට ලකුණු 09ක් සිටි අවිශ්ක දැවී යාමෙනි.

එක් අන්තයකින් අමිල ඩයනක හුදකලා සටනක නියැලෙද්දී අනෙක් අන්තයේ පිතිකරුවන් අසාර්ථක වන්නේ රාහුල ක්‍රීඩකයන්ගේ දක්ෂ පන්දු යැවීමත් ඔවුන්ගෙන් ලැබූ පීඩනයත් නිසාවෙනි.

හුදකලා සටනක යෙදුණු අමිල ඩයනක හයවෙනි කඩුල්ල ලෙස දැවී යන්නේ හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් ලබා සිටිය දී ය. ඒ චමුදිත ඩිල්ෂාන්ගේ පන්දුවක් හමුවේ සජිත රාජපක්ෂ අතට උඩපන්දුවක් ලබා දීමෙනි.

ලකුණු පුවරුවේ ලකුණු 51කට කඩුලු 6ක් දැවී තිබිය දී දෙපිලටම තරගය විවෘත වූ නමුත් චමිඳු සමරසිංහ සමඟින් ලක්ෂිත පුරසිංහ රාහුල කණ්ඩායමට තර්ජනයක් වෙමින් තම කණ්ඩායම ලකුණු 100 මායිම දක්වා ඔසවා තැබීමට ඔවුන් දෙදෙනා සමත් විය. එම සබඳතාව ඉනිමේ විශාලතම සබඳතාවය මෙන්ම ජයග්‍රාහී සබඳතාව ද විය. චමිදු සමරසිංහ, සජිත රාජපක්ෂගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට දැවී ගියේය.

ස්මිත්ට මගහැරුණු පාඩම ඕස්ට්‍රේලියාවටම සාපයක් වූ හැටි

ඕස්ට්‍රේලියාවට යනු සෙසු රටවලට සාපේක්ෂව වඩා වැඩි සැලසුමක් සහිතව ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යන රටකි. කිලිටි වූ පසු උනා දමා නව ඇඳුමක් ඇඟ ලා ගන්නා පරිද්දෙන්…

තවත් ලකුණු 28ක් පමණක් ලබා ගැනීමට ඉතිරිව තිබිය දී පිවිසි අංක නමය පිතිකරු ඩිල්ෂාන් ද සිල්වා අනගි සහයක් තම කණ්ඩායමට ලබා දෙමින් ලකුණු 14ක් ලබා ගත්ත ද එම ලකුණු ප්‍රමාණය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. ජයග්‍රහණය ආසන්නයේ දී ම ඩිල්ෂාන් ද සිල්වා දැවී යන්නේ යුරාජ් චාලකගේ පන්දුවක් හමුවේ තරිඳු රාජපක්ෂ හට උඩ පන්දුවක් ලබා දීමෙනි.

අවසානයේ රන් සිංහ සටන පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය කඩුලු දෙකකින් ජයග්‍රහණය කළ ද තරගය අවසානයේ කුසලාන දෙපිල අතරම බෙදී ගියහ.

ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් තරගයේ දක්ෂතම පිතිකරු ලෙස ලක්ෂිත පුරසිංහ ද, තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙස මෙන්ම තරගයේ වීරයා ලෙස චමිදු සමරසිංහ ද කුසලාන දිනා ගන්නා ලදි. එසේම ඔහු පසුගිය දා නිමා වූ මහා තරගයේ ද දක්ෂතම පන්දු යවන්නා  කුසලානය දිනා ගැනීම ද විශේෂත්වයකි. රාහුල විද්‍යාලය වෙනුවෙන් දක්ෂතම පන්දු රකින්නාට හිමි කුසලානය දිනා ගත්තේ භාග්‍ය එදිරිවීර විසිනි.

රාහුල විද්‍යාලය 127/10 (45.3): තරිඳු රාජපක්ෂ 29, සසිත් මනුරංග 16, චමිඳු සමරසිංහ 13/5, ෂෙවෝන් සෝමසුන්දර 07/3

ධර්මපාල විද්‍යාලය 128/8 (42.1): ලක්ෂිත පුරසිංහ 39*, අමිල ඩයනක 25, චමිඳු සමරසිංහ 20, චමුදිත ඩිල්ෂාන් 19/3, සසිත් මනුරංග 21/2

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<