Home Sinhala දුලාජ් සහ රන්මිත්ගෙන් අර්ධ ශතක

දුලාජ් සහ රන්මිත්ගෙන් අර්ධ ශතක

23න් පහළ නැගී එන දෙදින තරගාවලිය 2023

227

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ නැගී එන දෙදින තරගාවලියේ අවසන් මහා තරගය අද (21) ආරම්භ වුනේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීයි.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් රාගම ක්‍රීඩකයින් දිනය අවසන් වන විට කඩුලු 8ක් දැවී ලකුණු 258ක් ලබා සිටියා.

ආරම්භයේ දී ප්‍රබල අභියෝගයක් එල්ල කළ රාගම මුල් කඩුලු ත්‍රිත්වය ලකුණු 41ක් තුළ දවා ගැනීමට සමත් වුනේ යොහාන් ලියනගේ (2), නුශාල් ධර්මරත්න (10) සහ අවිශ්ක තරිඳු පිටියෙන් ඉවත් කරමිනුයි.

ලහිරු දෙවටගේ ලකුණු 17ක් ලබා සිටින විට තිසන් විතූසන්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර එවිට රාගම ලකුණු පුවරුව දිස් වුනේ කඩුලු 4ක් දැවී ලකුණු 69ක් ලෙසයි.

නමුත් ඉන්පසුව පිටියේ එක් වූ දුලාජ් බණ්ඩාර සහ රන්මිත් ජයසේන පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 93ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව දුලාජ් ලකුණු 71ක් ලබා සිටිය දී දැවී ගියා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ රන්මිත් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවෙන විට පන්දු 117ක් තුළ හතරේ පහර හතක් සමඟ ලකුණු 76ක් ලබා ගැනීමට සමත්ව තිබුණා.

දිනය අවසන් වන විට ශෂික දුල්ෂාන් නොදැවී ලකුණු 29ක් ලබා සිටි අතර නායක ඩිලෝන් පීරිස් ලකුණු 27යි.

පන්දු යැවීමේ දී Moors වෙනුවෙන් තිසන් විතූසන් ලකුණු 90කට කඩුලු තුනක් දවා ගත්තා.


Result

Match drawn

Ragama Cricket Club
293/10 (101.5)

Moors Sports Club
298/9 (62.5)

Batsmen R B 4s 6s SR
Yohan Liyanage c Yashitha Samararathne b Dinuka Dilshan 2 9 0 0 22.22
Nushal Dharmarathna c & b Dinuka Dilshan 10 34 2 0 29.41
Dulaj Bandara c Mohammed Shamaaz b Theesan Vithusan 73 150 5 0 48.67
Avishka Tharindu c Imithiyaz Slaza b Janishka Perera 8 25 1 0 32.00
Lahiru Dewatage c Mohammed Shamaaz b Theesan Vithusan 17 40 2 0 42.50
Ranmith Jayasena run out (Mohammed Shamaaz) 72 117 6 0 61.54
Dellon Peiris c Sohan de Livera b Theesan Vithusan 27 46 3 0 58.70
Shashika Dulshan c Omesh Mendis b Theesan Vithusan 52 104 4 1 50.00
Kalhara Senarathna c Janishka Perera b Imithiyaz Slaza 5 26 0 0 19.23
Ashan Fernando not out 15 58 2 0 25.86
Eshan Malinga c Janishka Perera b Theesan Vithusan 1 2 0 0 50.00


Extras 11 (b 4 , lb 6 , nb 0, w 1, pen 0)
Total 293/10 (101.5 Overs, RR: 2.88)
Bowling O M R W Econ
Dinuka Dilshan 9 3 19 2 2.11
Sisitha Madanayaka 3 1 8 0 2.67
Janishka Perera 17 2 43 1 2.53
Imithiyaz Slaza 30 5 97 1 3.23
Theesan Vithusan 36.5 4 102 5 2.79
Shakour Razni 6 0 14 0 2.33


Batsmen R B 4s 6s SR
Dinuka Dilshan c Kaveesha Dulanjana b Dellon Peiris 44 54 6 0 81.48
Omesh Mendis c Ranmith Jayasena b Kalhara Senarathna 0 1 0 0 0.00
Sohan de Livera c Kaveesha Dulanjana b Dellon Peiris 72 57 7 2 126.32
Janishka Perera c Dulaj Bandara b Shashika Dulshan 72 128 6 0 56.25
Mohammed Shamaaz c Ranmith Jayasena b Dellon Peiris 73 87 3 3 83.91
Risira Weerasuriya c Lahiru Dewatage b Shashika Dulshan 4 6 1 0 66.67
Shakour Razni not out 14 16 1 1 87.50
Razeen Ramlan st Lahiru Dewatage b Dellon Peiris 1 7 0 0 14.29
Imithiyaz Slaza c Kalhara Senarathna b Dellon Peiris 0 1 0 0 0.00
Sisitha Madanayaka b Shashika Dulshan 12 23 0 0 52.17
Theesan Vithusan not out 0 1 0 0 0.00


Extras 6 (b 1 , lb 1 , nb 4, w 0, pen 0)
Total 298/9 (62.5 Overs, RR: 4.74)
Bowling O M R W Econ
Kalhara Senarathna 3 0 31 1 10.33
Eshan Malinga 8 2 30 0 3.75
Shashika Dulshan 22 1 92 3 4.18
Dellon Peiris 20.5 2 102 5 4.98
Yohan Liyanage 4 0 21 0 5.25
Ashan Fernando 5 0 20 0 4.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<