ඉමේෂා සහ මල්කි දිනයේ කැපී පෙණෙන ක්‍රීඩිකාවන් වෙයි

SLC Major Club Women’s 50 Over Tournament 2026

1

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (20) අවසන් වූ අතර එහි දී ඉමේෂා දුලානි සහ මල්කි මදාරා දිනයේ ඉහළ ම දක්ෂතා දැක් වූ ක්‍රීඩිකාවන් බවට පත් වුණා.   

එහි දී Baduraliya CC කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනී ඉමේෂා දුලානි Chilaw Marians CC කණ්ඩායම හමුවේ එක් ලකුණකින් තම ශතකය අහිමි කර ගැනීම කැපී පෙණුනා. ඇය ලකුණු 99කට දැවී යන විට හතරේ පහර 15ක් තම ඉනිමට එක් කර තිබූ අතර ඊට වැය වී තිබුණේ පන්දු 77ක් පමණයි.  

ඇයට අමතර ව Baduraliya CC කණ්ඩායමේ සුමුදු නිසංසලා (77), CCC කණ්ඩායමේ විශ්මි ගුණරත්න (64), කෞෂිනී නුත්‍යාංගනා (68) සහ යශෝධා සේනාරත්න (51), Panadura SC කණ්ඩායමේ විමෝක්ෂා බාලසූරිය (52) සහ නිලක්ෂිකා සිල්වා (58) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.  

Air Force SC කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යැවූ මල්කි මදාරා SSC කණ්ඩායමට එරෙහි ව ලකුණු 20කට කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.  

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු 

Baduraliya CC සහ Chilaw Marians CC අතර තරගය, මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.  

  • Baduraliya CC – සියලුම දෙනා දැවී 318 (50) ඉමේෂා දුලානි 99, නෙතඟි ඉසුරාංජලී 48, සුමුදු නිසංසලා 77, සඳුනි නිසංසලා 3/34, වෙතුම්‍යා විජේසුරිය 4/57
  • Chilaw Marians CC – සියලුම දෙනා දැවී 74 (27.2) සඳුනි නිසංසලා 20, කවීෂා දිල්හාරි 3/24, සුලේශා සත්සරණි 4/13

Baduraliya CC කණ්ඩායමට ලකුණු 244ක ජයක්.  

Panadura SC සහ CCC අතර තරගය, පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.  

  • CCC – කඩුලු 8ක් දැවී 237 (50.0) විශ්මි ගුණරත්න 64, කෞෂිනී නුත්‍යාංගනා 68, යශෝධා සේනාරත්න 51, සුගන්දිකා කුමාරි 2/49, නිලක්ෂිකා සිල්වා 3/28
  • Panadura SC – කඩුලු 6ක් දැවී 239 (48.4) විමෝක්ෂා බාලසූරිය 52, නිලක්ෂිකා සිල්වා 58, ක්‍රිශාන්ති සඳමාලි 29, රශ්මිකා සෙව්වන්දි නොදැවී 28, සුගන්දිකා කුමාරි නොදැවී 28, ලිමංසා තිලකරත්න 2/37, නිලංගිකා ද සිල්වා 2/29

Panadura SC කණ්ඩායමට කඩුලු 4ක ජයක්.  

Army SC සහ Navy SC අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.  

  • Army SC – කඩුලු 5ක් දැවී 121 (34.0) ඉමල්කා මෙන්ඩිස් 39, නෙත්මි සේනාරත්න නොදැවී 36, සත්‍යා සංදීපනී 3/12
  • Navy SC – කඩුලු 3ක් දැවී 99 (22.3) හසිනි පෙරේරා 47, සඳනි ද සිල්වා 2/20

Navy SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 3ක ජයක්.  

SSC සහ Air Force SC අතර තරගය, කිරිමණ්ඩල මාවත SLLDC ක්‍රීඩාංගණයේ දී.   

  • SSC – සියලුම දෙනා දැවී 55 (26.2) අචිනි කුලසූරිය 13, මල්කි මදාරා 6/20, සඳුනි තිවංක 2/11
  • Air Force SC – කඩුලු 3ක් දැවී 56 (14.2) කේ. කේ. සුරන්ති 18, සනුකි පතිරගේ 2/19

Air Force SC කණ්ඩායමට කඩුලු 7ක ජයක්. 

Major Club කාන්තා එක්දින සිමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<