සිම්බාබ්වේ සංචාරයේ එක්දින නායකත්වය උපුල් තරංගට!

829
Upul Tharanga named Sri Lanka ODI Captain in Zimbabwe translated

සිම්බාබ්වේ හිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ද සහභාගිත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ නායකත්වය උපුල් තරංගට හිමිව තිබේ.

පසුගිය ලිපි: වසර 20කට පසු BRC සය සාමාජික ක්‍රිකට් තරඟාවලිය නැවතත්

ඒ අනුව නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ උප නායක දිනේෂ් චන්දිමාල් නොමැති ශ්‍රී ලංකා කණ්ඩායම හැසිරවීමේ වගකීම, 31 වියැති මේ වමත් පිතිකරුවාට හිමිවනු ඇත. මෙවර 15 දෙනෙකුගෙන් සමන්විත එක්දින සංචිතයේ කුසල් ජනිත් පෙරේරා උප නායකත්වය උසුලන ප්‍රථම අවස්ථාව මෙන්ම උපුල් තරංග ජාතික කණ්ඩායම මෙහෙයවන මුල්ම අවස්ථාවද වේ.

උපුල් තරංග යනු මේ වන විට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතුරින් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කරගත් ක්‍රීඩකයා වන අතර ඔහු 2005 වසරේදී එක්දින වරම් හිමිකර ගැනීමෙන් අනතුරුව තරග 188ක් තුලදී ශතක 13ක් සහ අර්ධ ශතක 29ක් සමඟින් රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 5526කි.

මෙවර සංචිතයේ තවත් කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් සිදුව ඇති අතර පළපුරුදු මදවේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර, පිතිකරණ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ෂෙහාන් ජයසූරිය සහ දකුණත් පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සේගේ ආගමනය ඒ අතුරින් සුවිශේෂී වේ.

මෙම වසර මුලදී ශ්‍රී ලංකාව 3-1ක් ලෙස පරාජය ලැබූ නවසීලන්ත සංචාරයේදී ද කුලසේකර සහ වැන්ඩර්සේ ක්‍රීඩා කරනු ලැබීය. පුහුණුවීම් අතරතුරේදී ඇඟිල්ලේ ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් වැන්ඩර්සේට මාස 6ක් පමණ ක්‍රීඩාවෙන් ඈත්ව සිටීමට සිදුවිය. මෑතකදී බටහිර ඉන්දීය කොදෙව් A සංචිතය සමඟ පැවති නිළ නොවන එක්දින තරග තුනකදී ෂෙහාන් ජයසූරිය ලකුණු 161ක් වාර්තා කිරීමට සමත් විය. ඔහු අවසන් වරට ජාත්‍යන්තර එක්දින තරගයක් ක්‍රීඩා කලේ ද 2015 නොවැම්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් හිමිකරගත් දකුණත් මැදපෙළ පිතිකරු අසේල ගුණරත්න ද මුල් වරට එක්දින සංචිතය සඳහා නම්කර ඇත.

ඕස්ට්‍රේලියානු සංචාරයේදී බොහෝ තරඟ ප්‍රමාණයක් ක්‍රීඩා කරනු ලැබූ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක, දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා, තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා, වමත් දඟ පන්දු යවන ක්‍රීඩක අමිල අපොන්සු මෙවර සංචිතයෙන් ඉවත් කොට ඇත. වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල් සහ යොවුන් ක්‍රීඩක ලහිරු කුමාර වේග පන්දු බල ඇණියේ ස්ථානයක් දිනා ගැනීමට සමත්වී ඇත.

ශ්‍රී ලංකා එක්දින සංචිතය – උපුල් තරංග (නායක), කුසල් ජනිත් පෙරේරා (උප නායක), ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, දසුන් ශානක, නුවන් කුලසේකර, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර, සුරංග ලක්මාල්, සචිත් පතිරණ, ලක්ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩර්සේ.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට