සිත් රිදීම් මැද අනාගතය දකින එංගලන්ත වේගපන්දු යවන්නා

100

එංගලන්ත වේගපන්දු බලඇණිය ශක්තිමත් කළ ප්‍රධානතම තුරුම්පුවක් ලෙස ලියම් ප්ලන්කට්ගේ සේවය පිළිබඳ පසුගිය කාල සීමාව පුරාවට දැඩි කතාබහට ලක් වූවත්, ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එක්වරම ඔහු කණ්ඩායමෙන් ඉවත් කළේ කුමන පදනමකින් ද යන්න පිළිබඳව තවමත් බොහෝ දෙනෙකුට ඇත්තේ දැඩි ප්‍රශ්නාර්ථයකි.

හෙඩින්ග්ලි වීරයාගේ වික්‍රමය නැවතත් රූපවාහිනි තිරයට

ටෙස්ට් ක්‍රිකට් වංශ කතා පොත අලුත් කරමින් හෙඩින්ග්ලි ක්‍රීඩාංගණය දෙවනත් කළ බෙන් ස්ටොක්ස්ගේ….

නවසීලන්තයට එරෙහිව ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ ප්ලන්කට් එහි දී ප්‍රතිවාදී පිතිකරුවන් තිදෙනෙකුම නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවූයේ තම උපරිම දායකත්වය කණ්ඩායම වෙත ලබා දෙමිනි. 

කෙසේ නමුත් 2020 වර්ෂය සඳහා වන මධ්‍යම ගිවිසුම්ගත ක්‍රීඩකයින්ගේ නාමලේඛනයෙහි ප්ලන්කට්ගේ නම ඇතුළත් නොවීම, වඩාත් කතාබහට ලක්වුණු මාතෘකාවක් බවට පත් විය.

COVID-19 වසංගතය නිසාවෙන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටින එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය එරට දී පැවැත්වීමට නියමිතව තිබූ දෙස්, විදෙස් සියලුම ක්‍රිකට් තරග එළඹෙන මස 28 වැනිදා තෙක් කල් දැමීමට කටයුතු කොට තිබුණි. 

ඒ අනුව 35 හැවිරිදි වියේ පසුවන ප්ලන්කට් නැවත දක්ෂතා අතරට පැමිණෙමින් ජාතික කණ්ඩායමේ දොරටු යලිත් වරක් විවර කරගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවූවත්, ප්‍රාන්ත පළමු පෙළ තරගාවලිය කල් දැමීමත් සමඟින් ඔහුට හැකියා දක්ෂතා පෙන්වීමට තිබූ ප්‍රධානතම වේදිකාව අහිමිව යාමේ අවදානමක් දැනටමත් ඉස්මතු වී තිබේ.

Sunday Times පුවත්පත සමඟ පැවති සාකච්ඡාවක් අතරතුර දී ඔහු පවසා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය මෙම අවාසනාවන්ත සිදුවීමත් සමඟම වෙනත් මඟක් ගැනීමට වැඩි ඉඩකඩක් පවතින බවයි. 

තවද මේ අවස්ථාවේ දී අවධානය යොමු කළ යුත්තේ මෙම ව්‍යසනයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳ දැනුවත් වීමට බවත්, තමන් කණ්ඩායමෙන් ඉවතට ඇඳී ගිය හේතු කාරණා පිළිබඳ සෙවීමෙන් දැන් ඵලක් නොමැති බව ද ඔහු අවධාරණය කර සිටියේය.

ඩිවිලියර්ස්ට ඉදිරිය ගැන දෙගිඩියාවක්

දකුණු අප්‍රිකානු හිටපු නායක මෙන්ම දක්ෂ පිතිකරුවෙක් වන ඒ. බී ඩිවිලියර්ස් 2020 වසරේ පැවැත්වෙන….

“මට මුලින් ලොකු කනගාටුවක් තිබුණා. නමුත් දැන් ඒක ගැන කතා කරන්න ඕන වෙලාව නෙමෙයි කියලයි මම හිතන්නෙ. මම මේ වෙලාවේ ගොඩක්ම හිතන්නේ මගේ පවුල අයගේ වගේම මගේම නෑදෑ හිත මිතුරන්ගේ ආරක්ෂාව ගැන. අනෙක් දේවල් ගැන පස්සෙ කතා කරන්න පුළුවන්.”

වැඩිදුරටත් අදහස් දක්වමින් ප්ලන්කට් පෙන්වා දී තිබුණේ දැනට හිසරදයක්ව ඇති මෙම වසංගත තත්වය පහව ගිය පසු මෙයින් පීඩාවට පත්වූ රටවල් යලි ගොඩනැඟීම සඳහා විශේෂයෙන්ම ඔවුන් දිරිමත් කිරීම සඳහා ක්‍රීඩාව ප්‍රබල අවියක් ලෙස යොදා ගත හැකි බවයි.

“ඉදිරි කාලසීමාව පුරාවට ක්‍රීඩාවට ලොකු කාර්‍යභාර්‍යක් පැවරිලා තියෙනවා. ආයිත් ක්‍රිකට් ක්‍රීඩා කරන්න පටන් ගත්තම මිනිස්සු උන්මාදයෙන් වගේ තරග නරඹයි. ක්‍රිකට් ඇතුළු හැම ක්‍රීඩාවකටම හොඳ කලදවසක් උදා වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.”

“ක්‍රිකට් තරග නරඹන්න අනිවාර්යයෙන් විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් එක් රැස්වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. අනිවාර්‍යෙන්ම සුපර් බෝල් තරගයක් බලන්න ගියා වගේ තියේවි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<