ලෝක කුසලානය ඉලක්ක කරමින් ශ්‍රී ලංකාවේ තුන්කොන් T20 තරගාවලියක්

ICC Men's T20 Cricket World Cup 2024

139
ICC Men's T20 Cricket World Cup 2024

එළඹෙන විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සූදානම් වීමේ අරමුණ ඇතිව ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ඇතුළත් කණ්ඩායම් තුනක් සහභාගී වන විස්සයි විස්ස තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් තීරණය කර තිබෙනවා.

එළඹෙන මැයි මස 02 දා සිට 11 වැනි දා තෙක් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායම් Blue, Red සහ Green ලෙස නම් කර ඇති අතර, එවායේ නායකත්වය පිළිවලින්  වනිඳු හසරංග, චරිත් අසලංක සහ ජනිත් ලියනගේ හට හිමි වී තිබෙනවා.

තරග කාලසටහන:

  • Team Blue vs Team Red – මැයි 02
  • Team Red vs Team Green – මැයි 04
  • Team Blue vs Team Green – මැයි 05
  • Team Blue vs Team Red – මැයි 08
  • Team Green vs Team Red – මැයි 10
  • Team Green vs Team Blue – මැයි 11

 

Team Blue 

වනිඳු හසරංග (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම, නුවනිඳු ප්‍රනාන්ද, ඇන්ජලෝ මැතිව්ස් , ලහිරු මදුශංක, ජෙෆ්‍රි වැන්ඩසේ, දුනිත් වෙල්ලාලගේ, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මදුශංක, ලහිරු කුමාර, දිනුර කළුපහන

Team Red

චරිත් අසලංක (නායක), නිරෝශන් දික්වැල්ල, අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, අහන් වික්‍රමසිංහ, දසුන් ශානක, ලහිරු සමරකෝන්, බිනුර ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, අකිල ධනංජය, චමත් ගෝමස්, ප්‍රමෝද් මදුශාන්, නිමේශ් විමුක්ති, ලසිත් කෲස්පුල්ලේ

Team Green

ජනිත් ලියනගේ (නායක), කුසල් පෙරේරා, දිනේශ්චන්දිමාල්, භානුක රාජපක්ෂ, අශේන් බණ්ඩාර, රමේෂ් මෙන්ඩිස්, සහන් ආරච්ච්ගේ, චාමික කරුණාරත්න, තරිඳු රත්නායක, ලක්ෂාන් සඳකැන්, ඉසිත විජේසුන්දර, ගරුක සංකේත්, ශෙවෝන් ඩැනියෙල්, කසුන් රාජිත

මෙම තරගාවලිය පිළිබඳ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<