විශ්ව විද්‍යාල සිසුන් කොලොම්බියාව පරාජය කරයි

777

8 වන ලෝක ශූරතා විශ්ව විද්‍යාල සත් සාමාජික රග්බි තරගාවලියේ තම පළමු ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකාව ඊයේ (13) සමත් වුනේ ප්‍රබල කොලොම්බියාව පරාජය කරමිනි. ඒ ලකුණු 15-10ක් වශයෙනි.

12 වැනිදා නැමීබියාවේ “ස්වාකප්මුන්ඩ්” අගනුවර දී මෙම තරගාවලිය ආරම්භ වුන අතර ආරම්භක දිනයේ දී ම ශ්‍රී ලංකාව තරග දෙකකට මුහුණ දුන්නේය. එහි දී ප්‍රබල මැලේසියාව හමුවේ 34-00ක් ලෙසත්, සත්කාරක නැමීබියාව හමුවේ 52-00ක් ලෙසත් පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදු විය.

රග්බි කිරුළ දිනන්නට යන කෝඩුකාර සරසවි සිසුන්

දෙවසරකට වරක් පැවැත්වෙන ලෝක විශ්ව විද්‍යාල රග්බි ශූරතා තරගාවලිය 8 වැනි වරටත් මේ මස 12 වැනිදා සිට 14 වැනිදා දක්වා නැමීබියා දේශයේ “ස්වාකප්මුන්ඩ්” අගනුවර දී පැවැත්වීමට නියමිතයි.

ලතින් ඇමරිකානු කලාපයේ රටවල් අතර ප්‍රබලතම දේශයක් වන කොලොම්බියා දේශය තරමක් උපක්‍රමශීලිව තරග කරනු ආරම්භයේ සිටම පෙනෙන්නට තිබුණි. කෙසේ වෙතත් පෙර තරග දෙකටම වඩා නවමු හා උද්වේගකර ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමින් ශ්‍රී ලංකාව තරගයේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. යාපනය විශ්ව විද්‍යාලය නියෝජනය කරන හංස ධනංජය කොලොම්බියා ආරක්ෂක වළල්ල අතරින් රිංගා යමින්  තම ප්‍රථම ජාත්‍යන්තර උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ඒ සමඟින් තරගයේ ඉදිරිය ශ්‍රී ලංකාව සතු විය.

ඉන් මිනිත්තු කිහිපයකට පසු කොලොම්බියා ක්‍රීඩකයන් ද තම ලකුණු ලබා ගැනීම ආරම්භ කළ අතර උත්සාහක දිනුම් දිවිත්වයක්ම වාර්තා කරමින්  තරගයේ ඉදිරිය ඔවුන් වෙත නතු කර ගත්ත ද, ජ’පුර විශ්ව විද්‍යාලයේ කෝසල පහලගම මැනවින් ක්‍රියාත්මක වෙමින් උත්සාහක දිනුම් දෙකක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරා මෙහෙය විය.

ශ්‍රී ලංකාව 15- 10 කොලොම්බියාව

ලකුණු රැස් කරගත් ක්‍රීඩකයින්

  • ශ්‍රී ලංකාව – හංස ධනංජය 1 T , කෝසල පහළගම 2T

ආරම්භයේ දී ම විශ්ව විද්‍යාල රග්බි සිසුන්ට දැවැන්ත ප්‍රහාරයක්

8 වන ලෝක ශූරතා විශ්ව විද්‍යාල සත් සාමාජික රග්බි තරගාවලිය ඊයේ (12) නැමීබියාවේ “ස්වාකප්මුන්ඩ්” අගනුවර දී  ආරම්භ විය. ආරම්භක දිනයේ දී ම ශ්‍රී ලංකාව තරග දෙකකට මුහුණ දුන් අතර ‍‍එහි දී ප්‍රබල මැලේසියාව හමුවේ 34-00ක් ලෙසත් සත්කාරක නැමීබියාව හමුවේ 52-00ක් ලෙසත් පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදු විය.

දැඩි ශීත කාලගුණය නිසාම තරමක කායික අපහසුතා ද සහිතව පළමු තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සුපුරුදු ක්‍රීඩා විලාසයට පැමිණීම පවා බෙහෙවින් අපහසු විය. මැලේසියානු ජාතික සංචිත නියෝජනය කරන ක්‍රීඩකයින් පවා මෙම තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන නිසා වැඩි වාසි සැමවිටම ශ්‍රී ලංකාවෙන් එපිට තිබුණු අතර ඒ නිසාම පළමු තරගය මැලේසියාවට දැවැන්ත ජයක් හිමි කර දෙමින් අවසන් විය. ඔවුන් ලබා ගත් ලකුණු 34ට උත්සාහක දිනුම් 6ක් සහ ප්‍රවර්තන 2ක් ඇතුලත් විය.

ශ්‍රී ලංකාව: 00 – 34 මැලේසියාව  

දිනයේ දෙවන තරගය ලෙස සත්කාරක නැමීබියාව සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදුණි. පෙරට වඩා තරමක් උද්යෝගී වෙමින් ක්‍රීඩාවේ යෙදෙන බවක් පිටිය පුරා දක්නට ලැබුණු අතර ඒ නිසාම අවස්ථා කිහිපයක්ම ධවල රේඛාව අසල දී ම ශ්‍රී ලංකාවට මග හැරී ගියේ අවාසනාවන්ත ලෙසයි. කෙසේ වෙතත් සත්කාරක රාජ්‍යයේ වාසිය තම හිස මත නතු කර ගනිමින් නැමීබියාව තරගය ජය ගත්තේ ලකුණු 52ක් වාර්තා කරමිනි. එම ලකුණු සංඛ්‍යාවට උත්සාහක දිනුම් 8ක් ඇතුලත් විය.

ශ්‍රී ලංකාව: 00 – 52 නැමීබියාව

අද දිනයේ දී ශ්‍රී ලංකාව කොලොම්බියාව සමඟින් තරග වැදීමට නියමිතයි. අද දිනයේත් සියලු තතු ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. රැඳී සිටින්න Thepapare.com සමගින්

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<